Rajapattai [2011] සිංහල උපසිරැසි සමගින්


කලකට පස්සේ වෙලකට බැස්සේ කියල ඔන්න ගෙනාව දෙමළ චිත්‍රපටියක්. ආතල් එකේ ඇස් දෙක ඇරගෙනම, කටත් ඇරගෙනම බලාන ඉන්න පුලුවන් විදිහේ සුපිරි ආතල් කතාවක්. ආතල් කිව්වට ඉතිං ක්‍රියාදාම ගනයේ තමා චිත්‍රපටියනං. මේ චිත්‍රපටි 2011 වර්ෂයේ තමයි එලියට ආවේ. ප්‍රධාන චරිතයට පණ පොවන්නේ කොලිවුඩ් වල සුපිරි නළුවෙක් වෙන චියාන් වික්‍රම්. වැඩි කතා මොකටද. කතාව ටිකක් කියන්නම්.

අනුල් මුරුගාන්(වික්‍රම්) චිත්‍රපටි වල රඟපාන කෙනක්. එයාගෙ හීණය උනේ චිත්‍රපටියේ දුෂ්ඨයා වෙන්න. ඒ උනාට එයා රඟපාන්නේ පොඩි පොඩි චරිත. ඒ කියන්නේ එයා ඉන්නෙම දුෂ්ඨයාගේ සේවකයන් ලයිස්තුවේ චරිත වලට තමා. එයාගෙ ජීවිතේ එක පාරටම වෙනස් වෙන්නේ දක්ෂිණ මූර්ති කියන වයසක මනුස්සයා හම්බුනාට පස්සේ. අනුල් කෝවිලට ගිහින් ඉද්දී වයසක මනුස්සයා එහෙමත් නැත්නම් දක්ෂින මූර්ති දුවනවා දැකල ටිකක් හොදට බලද්දි එයා පිටිපස්සේ කට්ටියක් පන්නනව කියල දැක්කා. ඊටපස්සේ දක්ෂින මූර්තිව එයාලගෙන් බේරගනෙ හේතුව අහගත්තා. ඒ එයාගෙ පුතා එයාගෙ තියෙන දේපළ බලෙන් අයිති කරගන්න තමයි මේ මිනිස්සු තමන්ගෙ තාත්තව පිටිපස්සෙ එවල තියෙන්නේ. ඒ වගේම මෙයාගෙ අතීතයත් අනුල්ට කියනවා. ඉතිං අනුල්ට දුක හිතිලා දක්ෂින මූර්තිව එයාගෙ ගෙදරට එක්කගෙන යනවා. ඉතිං මේ ගෙදර ඉන්න කෙනෙක්ගෙන් මේ වයසක මිනිහට කරදර වෙන නිසා අනුල්ට සිද්ධ වුනා පොඩි බොරුවක් කියන්න. ඉතිං කොහොම හරි මේ අතරතුර අනුල් අවුරුදු තුනක් තිස්සේ ආදරය කරන ඒත් කතාකරලවත් නැති හිනාවෙලාවත් නැති බලාන විතරක් හිටපු කෙල්ලව මේ දක්ෂිණ මූර්ති යාලු කරල දෙනවා. මේ වයස උන්දෑ ලඟ මාර වැඩ කෑලි තමා තියෙන්නේ ආදරේ කරන්න, ආදරේ හොයාගන්න හැටි, ආචරේ ලබාගන්න හැටි ඒව ගැන. ඉතිං ඒ අතර තුර මේ දක්ෂින මූර්තිගේ පුතාට අවශ්‍ය වෙනවා MLA වෙන්න. ඉතිං එක දේශපාලකයෙක්ට මෙයා කිව්වට පස්සේ මෙයාට සිද්ධ වෙනවා මෙයාගෙ අම්මව සිහිවෙන්න හදපු අනාථ මඩමක් මේ දේශපාලකයට ලබා දෙන්න. හැබැයි ඉතිං ඒක කරන්න වෙන්නේ තාත්තගේ අත්සන තිබ්බොත් විතරක් නිසා මේ පුතා ලොකු උප්පරවැට්ටියක් යොදනවා. කොහොම හරි ඉතිං දක්ෂින මූර්ති අනුල් ගෙදර යනකොට අර දක්ෂින මූර්තිට කරදර කරනව කියල බොරුවක් කියල කරදරේ විසදපු බොරුවම ඇත්ත විදිහට කියනවා. ඉතිං මේක පිළිඅරගෙන තමිය ඒ වෙලාවෙ දක්ෂින මූර්ති ඉන්නේ. දුක තමයි කියලා තමන්ගෙ පුතාගෙ කපටිකමට අහුවෙන මේ තාත්තා අච්චර උදව් කරපු අනුල්ව බොරුවට සැක කරලා යනවා. ඉතිං අනුල් එක එක ගේම් ගහනවා මේ දේපළ ටික අර පුතා කපටිකමෙන් ලියාගන්න එක නවත්තන්න. ඒ කරන වැඩත්නං එල. කියන්නෑ මොකද එතකොට හැම එකක්ම කිව්වා වෙනවනේ. ඉතිං කොහොම හරි අන්තිමේදී දක්ෂිණ මූර්තිට ඇත්ත තේරුම් ගිහින් ආයෙත් අනුල් එක්ක සෙට් වෙනවා. ඉතිං එතනින් එහාට අර දේශපාලකයා අනුල්ට කරන්නේ මොකක්ද, දේපළ වලට කරන්නේ මොකක්ද, දක්ෂිණ මූර්තිගෙ පුතාට කරන්නෙ මොකක්ද, දේශපාලකයාගේ ඉන්න හොඳම සෝවකයා නොහොත් වාප්ට වෙන්නේ මොකක්ද............ මේ හැම එකකටම තීරණය කරන්න වෙන්නේ චිත්‍රපටි බලලම තමයි..

ඇත්තටම නියම චිත්‍රපටියක් කියල කියන්න පුලුවන්. පිය පුතු සෙනෙහස දේපළ නිසා අහිමි වීම ගැනත් මෙතනදී කියවෙනවා. සියළුම ගීත වලටත් උපසිරැසි දාලයි තියෙන්නේ.... එහෙනම් කට්ටියටම ආරාධනා කරනවා බලන්න කියලා... ජයවේවා.....

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චලිඳු දේශාන් විසිනි


No comments

Powered by Blogger.