The Island [2005] සිංහල උපසිරැසි සමගින්


ඔන්න මම මගේ 2 වෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන ආවා.

මගේ 1 වෙනි උපසිරැසි නිර්මාණය වුණු Jurassic Park 3 චිත්‍රපටයට මම හිතුවාටත් වඩා විශාල ප්‍රතිචාරයක් ලැබුණා.චිත්‍රපටය Download කරගෙන බලපු හැමෝටමත්, Comment කරපු හැමෝටමත් ස්තූතියි.
මේ පාර මම අරගෙන ආවේ සුපිරි ක්‍රියාදාම film එකක්. ඒ තමයි The Island කියන film එක. මේක 2005 වසරේදී තිරගත වුණු film එකක්. මේක විද්‍යා ප්‍රබන්ධ ගණයේ film එකක් කියලා කියන්නත් පුළුවන්.
චිත්‍රපටයේ කතාව මේකයි. මෙරික් නම් විද්‍යාඥයෙක් විසින් අලුත්ම තාලේ රක්ෂණ ක්‍රමයක් නිර්මාණය කරනවා. එම රක්ෂණ ක්‍රමයට අනුව ඕනෑම ධනවත් කෙනෙකුට පුළුවන් තමන්ගේ ක්ලෝන පිටපතක් විද්‍යාගාරයක් තුළ නිර්මාණය කිරීම සඳහා අනුග්‍රාහකත්වය දක්වන්න. යම් විදිහකින් අනුග්‍රාහකයාට අනතුරක් සිදුවී අවයව බද්ධ කරන්න අවශ්‍ය වුණොත් අවයව ලබාගන්නේ ඔවුන් විසින් අනුග්‍රාහකත්වය ලබාදී නිර්මාණය කරන ලද ක්ලෝනයෙන්.හැබැයි මේ ක්ලෝන නමින් හඳුන්වන අය මේ ගැන මොකුත්ම දන්නේ නෑ. ඔවුනුත් අනිත් අය වගේම මිනිස්සු. ඔවුන් සියළුම දෙනා එකම ගොඩනැගිල්ලක් තුළ රඳවලා තියාගන්නේ දූපතක් ගැන අරමුණක් ලබාදීලා.ඉතින් මොකක්ද මේ දූපත? අවසානයේ කුමක් සිදු වේවිද? කතාව දැනගන්න නම් චිත්‍රපටය නරඹන්න.මෙම චිත්‍රපටයට දායක වුණු සියලුම නළු නිළියන් ඉතාමත් දක්ෂ ආකාරයෙන් රංගනයේ යෙදෙනවා. විශේෂයෙන්ම මෙහි දුෂ්ට චරිතය වන ඩොක්ටර් මෙරික් ගේ චරිතය නිරෑපණය කරන්නේ සුප්‍රකට රංගන ශිල්පී Sean Bean. ඔහු තමයි ඔබ කවුරුත් හොඳින් දන්නා The Lord of the Rings චිත්‍රපටයේ Boromir ගේ චරිතය නිරෑපණය කරන්නේ. ඔහු තමන්ගේ චරිතයටත්, සමස්ත චිත්‍රපටයටත් උපරිම සාධාරණයක් ඉෂ්ට කරලා තියෙනවා.මනරම් සංගීතය නිසා චිත්‍රපටයේ සාර්ථකත්වය තවත් වැඩිවෙලා තියෙන බව නම් කියන්නම ඕනෙ. තාත්වික ගණයේ ක්‍රියාදාම ජවනිකා රාශියකින් ද යුක්ත මෙම චිත්‍රපටය සුපිරිම එකක්. ඉතින් ඔයාලත් film එක බලලා Comment පාරක් දාලා ගියොත් මට ඒ ඇති. නැවත තවත් සුපිරිම film එකක් සමඟින් හමුවෙමු.
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රවීන් මහේෂ් විසිනි



No comments

Powered by Blogger.