Seeking Justice (2011) සිංහල උපසිරැසි සමඟින්


කොහොමද හැමෝටම...ගොඩ කාලෙකින් නේ.පහුගිය දවස් ටිකේම විභාග වැඩ වලට වල හිර උන නිසා හොද චිත්‍රපටියක් වත් ඔයාලා වෙනුවෙන් අරගෙන එන්න බැරි උනා නේ. මම නැති දවස් ටිකේ ලස්සන ෆිල්ම් ටිකකුයි ලස්සන රුපවාහිනි කතාමාලා කිපයකුයි පටන් අරගෙන තියනවාත් දැක්කා.ඒ වගේම සයිට් එකේ යාළුවෝ දෙන්නෙක්ම 50 හා 100 කඩඉම් පාස් කරලා තියනවා දැක්කා. ඉතින් එහෙම 50වැනි කඩඉම පාස් කරපු ඉසුරු මධුසංඛටත් 100වැනි කඩඉම පාස් කරපු සුපුන් වීරසිංහටත් මේ වෙලාවේ සුභපතන්න වෙලාවක් වෙන් කරගන්නවා. මොකද දෙන්නාම ඒ කඩඉම් පාස් කරන ඒ කාලේ මම සයිට් එකේ හිටියේ නැති නිසා. හරි එහෙනම් කතාව ගැන බලමු නේද?

මම කලිනුත් කිව්වා වගේ 2011 චිත්‍රපටි මගේ දෛවයේම තියනවා වගේ මොකද මේ අද දෙන්න යන චිත්‍රපටියත් 2011 චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ ඔයාලා කවුරුත් දන්න නළුවෙක් වෙන Nicolas Cage තමයි රංගනයෙන් දායකත්වය දක්වන්නේ.ඔහුගේ Stolen,Trespass වැනි චිත්‍රපටි ඔයාලා බලලා ඇති නේ.තව මේ චිත්‍රපටියේ සුරූපි නිලි January Jones ද රංගනයෙන් දායකත්වය දක්වනවා. කතාව මෙහෙමයි ජෙරඩ් හා ලෝරා කියන්නේ අඔුසැමියන්. මොවුන් දෙදෙනා ජිවත් වෙන්නේ ප්‍රංශයේ.එයාලගේ පලවෙනි විවාහ සංවත්සරයට ජේරඩ් විසින් ලෝරාට ලස්සන මැනික් අල්ලපු මාලයක් ලබාදෙනවා.මෙහෙම කාලයක් ගත වෙලා යනවා. ලෝරා සේවය කරන තැනින් වැඩ ඉවර කරලා වාහනයට එන අතරේ ඇය අර පැලදගෙන ඉන්න මාලය සෝරාගන්න සොරෙකු එනවා.ඇය මේ වෙලාවේ සොරා සමඟ පොරබදන නිසා මේක සොරගන්න ආව පුද්ගලයා ඇයට පහර දිලා වගේම අතවර කරලා මාලයත් අරන් පැනලා යනවා.ජෙරඩ්ට මේ පනිවිඩය ලැබෙනවා. ඔහු රෝහලට එනවා ඇයව බැලිමට. පොලිසිය දෙන්නේ සුපුරුදු උත්තරයම තමයි අපි මේ ගැන පරික්ෂන කරනවා කියලා. හිතේ කැකැරෙන වෛරයෙන් ඉස්පිරිතාලයේ වාඩි වෙලා ඉන්න ජෙරඩ් ගාවට එක්තරා පුද්ගලයෙකු පැමිණෙනවා.ඔහු පවසනවා තමන්ගේ බිරිදට මේක කරපු කෙනාට දඩුවන් දිමට ඔවුන් සුදානම් බවත් එහෙම කරනවා නම් ඔවුන්ට උදව්වක් උවමනා උන දවසට අද මේ කරන දේට ප්‍රතිඋපකාරයක් අවශ්‍ය බවත්..තමන්ගේ බිරිදට මේ කරපු දේ නිසා හිතේ වෛරයෙන් ඉන්න ජෙරඩ් මේ දේ කරන්න කැමැති වෙනවා.කිව්වාත් වගේම තමන්ගේ බිරිදට මේ දේ කරපු පුද්ගලයා පහුවදා මැරිලා කියලා ජෙරඩ් පත්තරයකින් දකිනවා.මෙහෙම මාස කිහිපයක් ගත වෙලා යනවා..අර ඉස්පිරිතාලේදි හමුවුන පුද්ගලයා දිනක් ජේරඩ්ව මුණ ගැහෙන්න පැමිණෙනවා ඒ ඔහුගෙන් තමන්ට උදව්වක් උවමනා බව පවසමින්...ඒ වෙන කිසිවක් නොව කෙනෙක්ව ඝාතනය කරන්නයි...ජෙරඩ් හා ලෝරා හිටියට වඩා ලොකු ප්‍රශ්නයකට මිට පස්සේ මැදිවෙනවා...කතාව කියනවාට වඩා අරගෙනම බලන්න කියලා ආරාධනා කරන ගමන් මම යනවා.... හැමෝටම වාසනාවන්ත දිනයක් වේවා...





No comments

Powered by Blogger.