Superman Batman Public Enemies (2009) සිංහල උපසිරැසි සමඟින්





සුපර් මෑන් සහ බැට්මෑන් එකතු වෙලා වැඩකරන ඇනිමේෂන් චිත්‍රපටි වලින් මං ඔයාලට අරගෙන එන දෙවැනි එකයි මේ. කලින් Superman Batman Apocalypse (2010) දීලා ඇති. ඒක බලලා නැත්නම් ඒකත් බලන්න. මේ ඇනිමේෂන් එකට IMDB 7.2ක අගයක් ලැබිලා තියෙනවා. මේක අයිති වෙන්නේ Action, Drama ගණයට.


මේ කතාවෙදී ඔයාලා දන්නවනේ සුපර්මෑන්ගේ සතුරා: ලෙක්ස් ලූතර්. ඉතින් රට අරාජික තත්වෙට පත්වෙලා තියෙන අවස්ථාවක එයා ඇමෙරිකාවේ ජනාධිපති බවට පත්වෙනවා. හිතාගන්න පුළුවන් නේ මොන වගේද කියලා. ඉතින් එයා සුපිරී වීරයින් තමන්ගේ සේවයේ යොදවාගන්නවා. ඉතින් මේ වැඩේට සුපර් මෑනුයි බැට්මෑනුයි කැමති නැති හින්දා ඒ දෙන්නව අත්අඩංගුවට ගන්න සුපිරි වීරයින්ව යවනවා. ඉතින් ඒවා වැරදෙන කොට ලෙක්ස් සුපර්මෑන්ව අල්ලලා දෙන කෙනාට ඩොලර් බිලියනයක මුදලක් ප්‍රදානය කරනවා කියලා නිවේදනය කරනවා. මෙයින් පස්සේ රට වටේම ඉන්න සුපිරි වීරයින් සුපර්මෑන්ව අල්ලන්න එනවා. ඉතින් සුපර්මෑන්ටයි එයාගේ යාලුවා බැට්මෑන්ටයි අපල කාලයක් තමය උදාවෙන්නේ. මේ අතරේ පෘථිවියට ක්‍රිප්ටොනයිට් උල්කාවක් පැමිණෙනවා. ඉතින් ඒක විනාශ කරන්න ලෙක්ස් තනියම වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කරනවා. දන්නවනේ ලෙක්ස් ලූතර් හෙන ආඩම්බරයි කියලා. ඉතින් එයාගේ වැඩේ වරදිනවා. එයාට බැරිවෙනවා ක්‍රිප්ටොනයිට් උල්කාව විනාශ කරන්න. ඔය අතරතුරේ ලෙක්ස් ලූතර් ක්‍රිප්ටොනයිට් දියරය ශරීරයට එන්නත් කරගෙන ශක්තිය ලබාගන්නවා. ඔයාලා දන්නවනේ සුපර් මෑන්ව ක්‍රිප්ටොනයිට් වලින් දුර්වල වෙනවා කියලා. ඉතින් මේ හැමදෙයක්ම අස්සේ ලෝකය බේරාගැනීමේ වගකීමත් සුපර්මෑන් සහ බැට්මෑන්ගේ කරපිට තමයි වැටෙන්නේ. ඉතින් අන්තිමේදී බැට්මෑන් තවත් අලුත් යාලුවෙක්ගෙන් උදව් අරගෙන උල්කාව විනාශ කිරීම සඳහා අමුතුම විදිහේ සුපිරි උපකරණයක් තමයි නිපදවන්නේ. ඉතින් බලාගන්නකෝ මේ කස්ටියට හැම කරදර බාධාවක්ම මධ්‍යයේ ලෝකය බේරාගන්න පුළුවන් වෙයි ද කියලා..





No comments

Powered by Blogger.