The Fault in Our Stars (2014) සිංහල උපසිරැසි සමඟින්




වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අපේ තරුවල ගැටලුවක් ගැන තමයි මේ ලස්සන කතාවෙන් කියවෙන්නේ...ආදරය කියන වචනයට ආදරය නොකරන කෙනෙක් නෑනෙ....අසරණ පුද්ගලයෙකු සිට සුඛෝපභෝගී ජීවිතයක් ගතරකන පුද්ගලයෙකු දක්වා ආදරය කියන වචනයට තියෙන්නෙ පුදුම ඉහළ තැනක්...මේ අතරිනුත් අසරණයෙකුට ආදරය නොලැබුනොත් ඔහුට එම ජීවිතයෙන් ඇති පලක් නෑ.. අප දැක තිබෙනවා පාරක් පාරක් ගානෙ තමාන්ගෙ දරුවන්ගෙ බඩ කට පුරවන්න දෙනෝදහසක් හිඟන මිනිසුන් විවිධ පුද්ගලයන්ගෙන් හිඟමනයේ යෙදනව... ඒ තම ඇවිදින්න බැරි දරුවට කන්න බොන්න දෙන්න විය හැකියි නැතිනම් ස්වාමි පුරුෂයාගේ හාදයාබාධයට බෙහෙත් අරං දෙන්න විය හැකියි....ඒ තමයි ආදරය....මේ කියන්න යන්නේ ලෝකෙ විශේෂිත වූ ගනයට වැටෙන පුද්ගලයන් ගැනයි..බොහෝ අයට තම ජීවිතය කවදාහෝ ඉක්මනින් මාරයාට ලබාදෙන්න සිදුවෙනවා...එහෙම අයට ආදරය හිනයක්ද? ජිවිතය දැනෙන්නෙ කර්කෂ විදිහටද? ඔවුන්ට මොනතරම් දුකක් ඇතිද?


හසල් ග්‍රෙස් කියන්නේ පෙනහළු ආශ්‍රිත ආබාධයකින් පෙළෙන තරුණියක්...ඇයට තම පෙණහළු නිසා ජීවිත කාලෙට යාළුවෙක් වගේ එකට ඉන්න ලැබෙන්නේ ඔක්සිජන් ටැංකියක් එක්ක...හැබැයි ඒ යාළුවා නැතිවුනොත් ඇයත් නැතිවෙනවා...මේ නිසා ඇගෙ දුක බෙදාගන්න තම දෙමාපියන් ඇය යම් සායනයකට යොමු කරනවා...මෙහිදී ඕගස්ටස් වෝටර්ස් නැමැති පිළිකා රෝගියාද මෙම සායනයට පැමිණෙවා...මෙහිදී මොවුන් දෙදෙනා එකිනෙකා වටහාගන්නවා..ඔවුන් ටිකෙන් ටික ආදරයෙන් වෙළෙනවා...ඕගස්ටන් කියන්නෙ පිළිකාවක් සහ තම කකුලක්ද නැතිවුන කෙනෙක්...ඔහුට හැදිලා තියෙන්නෙ කවදාවත් හොඳකරගන්න පුළුවන් පිළිකාවක් නම් නෙවෙයි...ඉතිං අපි බලමු හසල්ගෙ සහ ඕගස්ගෙ මේ අදාර කතාව කොතනින් කෙළවර වෙයිද කියලා...

මේක ජොන් ග්‍රීන් නැමැති ලේඛයාගේ නවකතාව ඇසුරින් නිර්මාණයවූ චිත්‍රපටයක්. එමෙන්ම මේ වනවිට IMDb දර්ශකයද පුදුම කරමින් 8.2 ක සුපිරි රේටින් ප්‍රමාණයක් ලබාගැනීමට මෙම චිත්‍රපටය සමත්වි තිබෙනවා. තවද චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Josh Boone විසින්.. චිත්‍රපටයට පන පොවන ප්‍රධාන චරිත ටික කිව්වොත් Shailene Woodley, Ansel Elgort, Nat Wolff යන අය ප්‍රකාශ කරන්න පුළුවන්... තවද බෙදාහැරීමේ කටයුතු කරලා තියෙන්නේ 20th Century Fox ආයතනයෙනුයි.. එහෙනම් මේකත් බලලා හැමෝම ආදරයෙන් වෙලෙන්න ගන්නකෝ...











No comments

Powered by Blogger.