B.A.Pass (2013) සිංහල උපසිරැසි සමඟ.,



අද 2013 වසරේ නිකුත් වුන චිත්‍රපටියක් අරගෙන ආවේ. මේ චිත්‍රපටිය ආව කාලේම වගේ උපසිරැසි කරන්න හැදුවාත් ලැබුන කොපියේ තිබ්බ ගැටලුවක් නිසා හා පොඩි පොඩි ප්‍රශ්න නිසා චිත්‍රපටිය දෙන එක එහෙමම මඟහැරුනා... නැවතත් මේ චිත්‍රපටියේ පොඩි කතාබහක් පහු ගිය දවස් වල ගිය නිසා මේ චිත්‍රපටියේ හොද කොපියක්ම තොරගෙන උපසිරැසි කරලා දෙන්න කියලා හිතුවා...

චිත්‍රපටියේ ප්‍රධාන චරිත ලෙස Shilpa Shukla හා Shadab Kamal රංඟනයෙන් දායක වෙනවා. නිළිය නම් ඔබට සමහර විට හුරුපුරුදු ඇති ඇය Chak De India චිත්‍රපටියෙත් ප්‍රධාන චරියක් කරපු නිසා.චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරන්නේ Ajay Bahl විසිනි... කතාව ගැන කියනවා නම් මුකේෂ් ගේ දෙම්විපියන් දෛනාම අනතුරකින් මිය යනවා. මේ නිසා මුකේෂ් තමන්ගේ සහෝදරියන් දෙදෙනා එක්ක තනි වෙනවා...මොවුන්ට තනියෙන් ජිවත් වෙන්න බැරි නිසා මුකේෂ්ව ඔහුගේ නැන්දා කෙනෙක් දිල්ලි වලට එක්කගෙන එනවා..නංගිලා ව සියා විසින් බලාගන්නවා. මුකේෂ්ට මේ නැන්දලාගේ ගෙදර සතුටින් ඉන්න ලැබෙන අවස්ථාව නම් අඩුයි...මුකේෂ් තමන්ගේ වැඩි දුර අධ්‍යාපන කටයුතු ටිකත් මේ කරදර අස්සේ කරගෙන යනවා. මේ අතර වාරයේ තමයි මුකේෂ්ට සාරිකා නැමැති කාන්තාව අදුනගන්න ලැබෙන්නේ. ඇය ගේ සැමියා තමයි මුකේෂ් නැවතිලා ඉන්න ගෙදර ඒ කියන්නේ තමන්ගේ මාමා වැඩකරන තැන ප්‍රධානියා.දිනක් ඇය තමන්ගේ යාළුවෝ ටිකක් එක්ක මුකේෂ් නැවතිලා එන්න ගෙදරට එනවා..ඇය විසින් මුකේෂ්ගේ නැන්දාට පවසනවා මුකේෂ්ව ඇය නැවතිලා ඉන්න ගෙදරට එවන්න බඩු වගයක් එවන්න තියනවා කියලා...මුකේෂ් දිනක යනවා සාරිකා ගේ නිවසට..මුකේෂ් ජිවිතේටවත් හිතපු නැති දෙයක් එතැනදි වෙන්නේ සාරිකා මුකේෂ්ට කියනවා තමන් සමඟ ලිංගිකව එක්වෙන ලෙසට..මුකේෂ් බිය වෙලා එය ප්‍රතික්ෂේප කරද්දි ඇය විසින් බලෙන් ඔහුව ඒ සදහා යොමු කරගන්නවා.. මුකේෂ් මුලින් අකමැති වුවත් කාලයක් යද්දි ඇයට ඔහුත් කැමැති වෙනවා..ඒ විතරක් නෙමෙයි ඇය මුකේෂ්ව තමන් වගේ කසාද බැදලා ඉන්න කාන්තාවන් ලඟට යවනවා ඔවුන් සමඟ ලිංගිකව එකතු වෙන්න කියලා...මේ දේවල් කරද්දි මුකේෂ්ට මුදලුත් ලැබෙනවා. ඒ නිසා ඔහුත් මේ දේවල් අකමැත්තක් නැතුව කරනවා...නමුත් මේ සියලු දේ වල අවසානය තමන් හිතුව නැති දිහාවකට ගෙනයාවි කියලා මුකේෂ් කවදාවත් සිතන්න නැතුව ඇති....මුකේෂ් ගේ ජිවිතයට මොනා වෙයිද? මේ සාරිකා කියන ගැණු කෙනාගේ හැබැ යටි අරමුණ මොකක්ද? ඉතාමත් සංවේදි අවසානයක් සහිත වගේම හිතන්න දෙයක් ඉතුරු කරන චිත්‍රපටියක් ලෙසයටත් කියන්න ඕන...



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන BRRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.