Jigarthanda (2014) සිංහල උපසිරැසි සමඟින්!




අගෝස්තු මස 1 වන දින තිරගත කිරීම ඇරඹූ තවත් අපූරූ සිනමා සිත්තමක් තබයි මෙලෙසින් ඔබට සමීප කරන්නට සිතුවේ. විනාඩි 171ක් පුරා දිව යන Jigarthanda (2014) චිත්‍රපටය තිර රචනය කරමින් අධ්‍යක්ෂණය කරනු ලබන්නේ අප කා අතරත් අතිෂය ජනප්‍රිය වූ දමිළ චිත්‍රපටයක් වූ Pizza (2012) චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා වන Karthik Subbaraj විසින්. Pizza චිත්‍රපටය නරඹපු අය දකින්න ඇතිනේ ඔහු තිර රචනයට හා අධ්‍යක්ෂණ කාර්යයට කෙ‍තරම් සම‍තෙක්ද කියලා. Boys (2003), Bommarillu (2006), 180 (2011), Chashme Baddoor (2013), Theeya Velai Seiyyanum Kumaru (2013) වැනි චිත්‍රපටයන්හී රංගනයේ යෙදෙමින් රසික සිත් තුළ නොමැකෙන මතක සටහන් තැබූ දක්ෂ කොලිවුඩ් නළු Siddharth තමයි මෙහි ප්‍රධාන නළුවා වන්නේ. Pandiya Naadu (2013),Naan Sigappu Manithan (2014),Manja Pai චිත්‍රපටි වලින් රසික හද දිනාගත් Lakshmi Menon මෙහි සිද්ධාර්ත් හා එක්ව රංගනයේ යෙදෙනවා. ඊට අමතරව Bobby Simha, Nassar, Karunakaran යන අයත් සෙසු රංගන ශිල්පීන් ලෙස රංගනයෙන් දායකත්වය සපයලා තිබෙනවා.

අධ්‍යක්ෂණයෙන් Karthik Subbaraj දායකත්වය සපයන මෙම නිර්මාණයට සිනමාකරණයෙන් Gavemic U Ary, සංස්කරණයෙන් Vivek Harshan සහ සංගීත අධ්‍යක්ෂණයෙන් Santhosh Narayanan යන දක්ෂයන් දායක වෙලා තියෙනවා. ඒ වගේම නිෂ්පාදන කාර්යයට අත ගහල තියෙන්නේ Kathiresan. ඉන්දීය රුපියල් කෝටි 30ක වියදමික්න් නිමැයූ මේ චිත්‍රපටයේ සමස්ත ආදායම ඇමෙරිකානූ ඩොරල් මිලියන 5ක් ලෙස තමයි වාර්තා වෙන්නේ. උසස් රසවින්දනයකට කැමති සිනමා රසිකයන් මග නොහැර නැරඹිය යුතු සිනමා නිර්මාණයක් ලෙස jigarthanda (2014) හැදින්වීම වරදක් නෑ.
චිත්‍රපටිය ගැන පොඩ්ඩක් කියන්නම් කාර්තික් කියන්නේ චිත්‍රපටි හදන්න කැමැති ඒකටම පිස්සුවෙන් වගේ ඉන්න කෙනෙක්. නමුත් එයාගේ හැකියාවට තැනක් ලැබෙන්නේ නැහැ. චිත්‍රපටිය මුලම ඒක බලාගන්න පුලුවන් වේවි. අනික කතාව මුලින් වෙන දේ සමහර එවා තේරෙන්නේ අගට ගියාම. ඉතින් කතාව ගැන කිව්වොත් මම හිතන්නේ අසාරධාරණයක් වේවි. අරගෙනම බලන්නකෝ එහෙනම්.මේ චිත්‍රපටියෙක් කිසිම ඉංග්‍රිසි පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙලා නැහැ.ඉතින් මේකත් අපිම නිර්මාණය කරපු උපසිරැසියක්.ඒකත් ඔයාලා වෙනුවෙන්ම.ඒ නිසා අදහසක් කියලා යන්න අමතක කරන්න එපා



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.