Million Dollar Arm (2014) සිංහල උපසිරැසි සමඟින්



Fright Night (2011) ච්‍ත්‍රපටය අධ්‍යක්ෂණය කරපු Craig Gillespie ගේ තවත් අපූරු සිනමා සිත්තමක් තමයි මේ දෙන්න යන්නේ. ඩිස්නි අයියලාගේ නිර්මාණයක් වන මේ ලස්සන චිත්‍රපටය ලංකාවෙ අපිටත් යම්කිසි නෑ කමක් ‍කියනවා. මොකද මම එහෙම කියන්නේ එක අතකින් ජනප්‍රිය ක්‍රීඩාවක් වන ක්‍රිකට් සම්බන්ධ වෙලා තිබෙන නිසා. අනෙක තමයි සිනමා සිත්තමේ ප්‍රධානම චරිත දෙකක් වන රින්කු සිංග් හා දිනේෂ් පටෙල් ඉන්දීය සැබෑ චරිත නිසා.

ඇත්තටම කතාව යන්නේ ජේබී හා ඈෂ් කියන බේස් බෝල් ආයෝජන කරුවන් යම් ගැටලුවක් නිසා මුදල් හීනතාවයකින් පෙලෙනවා. ඇමරිකානු සුපිරි ක්‍රීඩා තරු සමඟ ගිවිසුම් ගැහුවත් ඔවුන්ගෙ මුදල් ගැටලුව නිසා එසේ කිරීමට නොහැකි වනවා. පසුව ජේබී අහම්බෙන් වගේ ඉන්දියානු කණ්ඩායම සෙල්ලම් කරන ක්‍රිකට් ක්‍රීඩාවක් නරඔනවා (මේක ඇත්ත නිසා ලංකාවෙ එකක් බැලුව නම් ලංකාවෙ එකෙක් දැන් ජාත්‍යන්තරයෙ පිනුම් ගහනවා) මෙහිදී තමයි ඔහුට අදහස එන්නේ ඉන්දියානු ක්‍රිකට් වලින් බේස් බෝල් වලට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා. ඉතිං ඔහු අපේ මලිංග කොල්ලා වගේ බෝල දාන්න පුළුවන් ක්‍රිකටර්ස්ලා හොයන්න ගන්නවා..ඉතිං අපි බලමු ඔවුන් ක්‍රිකටර්ස්ලා මාර්ගයෙන් බේස්බෝල් දියුණු කලේ කොහොමද කියලා.

තව දෙයක් කියන්න තිබෙනවා. බොලිවුඩ් කියාගෙන ඉන්දියාවෙ සිනමාව කොච්චර ලස්සන මනෝ ලෝක වල ඉන්දියාව පෙන්වන්න හැදුවත්. ඩිස්නි කියන ඇමරිකානු කැමරා ඇසවල් බොහෝ දුරට දර්ශන ගත කරලා තිබෙන්නේ ඉන්දියාවෙ කැත අවලස්සන අප්‍රසන්න ගඳ ගහන තැන්. ජේබී කියන පුදගලයා ඉන්දියාවෙ වේග පන්දු යවන්නෙක් හොයන්න එහෙට යනකොට ඔහු ඉන්දියාවට ගොඩ බැස්ස වෙලාවෙ ඉඳන් ඉන්නේ ගඳ ගහන අප්‍රසන්න තැනකට ආවා වගේ මූනත් තියාගෙන. ඇත්තටම ඊට ආසන්න රටක ඉන්න මට චිත්‍රපටයට වඩා ඒක හිතට වැදුනා. බොහෝ දුරට ඇමරිකාව ඉන්දියවෙ අප්‍රසන්න බව සූක්ෂම විදිහට ලෝකයට පෙන්වන්න හැදුවද දන්නෙ නැහැ. ඔබටත් තේරේවි චිත්‍රපටය නරඔනකොට මම කියපු කතාවෙ ඇත්ත නැත්ත. කොහොම නමුත් සමස්ථ සිනමා කෘතියම අරගෙන බලද්දි අතිශය සුපිරි නිර්මාණයක් වන බව නම් දෙකක් නෑ.

චරිත කතාවක් ආදර්ශයෙන් නිර්මාණය කරපු මෙහි ඉන්දීය ක්‍රීඩකයන් දෙදෙනාගේ චරිතයන් හි රින්කු ගෙ චරිතයට පන පොවන්නේ සුරාජ් ෂර්මා විසිනුයි එමෙන්ම අනෙක් ඉන්දීය ක්‍රීඩා චරිතය වන දිනේෂ්ගෙ චරිතයට පන පොවන්නේ මධූර් මිට්ටාල් විසින්. තව ජේබී ගෙ චරිතයට ඇමරිකානු නළු ජෝන් හැම් විසින් පන පොවලා තිබෙනවා. චිත්‍රපටය මේ වන විටත් අන්තාර්ජාතික චිත්‍රපට ඩේටාබේසයේ 7.4 ක ස්ථානයක් හිමිකරගනිමින් විශිෂ්ට ස්ථානයක් හිමි කරගෙන සිටිනවා.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

1080P 1.8GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
750MB BRRIP Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.8GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ZOOM ARISING TEAM විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.