The Giver 2014 සිංහල උපසිරැසි සමඟින්




කට්ටිය ලෝක යුද්ධ ගැන අහලා තියෙනවානේ. මේ කතාවත් හැදෙන්නේ ලෝක යුද්ධයකින් පසුව ගොඩ නැගෙන සමාජ සංස්ථාවක් ගැනයි. ඇතටම කතාවෙ යන්නේ 2048 ලොක යුද්ධයක් ඇතිවෙලා ලෝකය සහමුලින්ම විනාශ වන මට්ටමකට පැමි‍ණෙවා. ඉන් ඉතිරිවන ජන සමූහයවිසින් ඉතිරිවූ සියලු මිනිසුන්ගෙ මතක හා මතකයේ තිබෙන පාට වර්ග මොලයෙන් ඉවත් කරනවා. ඉතිං මෙසේ ඉවත් කරන මතකයන් ජෝනාස් විසින් ලබා ගන්නවා. ඔවුන්ගෙ හැඟීම් නැති කරන්න විවිධ එන්නත් ලබා දෙනවා. ජෝනාස් එම එන්නත් ලබා ගන්නෙ නෑ. ඔහුට කෙනෙකු ගැන යම් හැගීමක් ඇතිනෙවා. ඒත් ඒ මොකක්ද කියලා ඔහු දන්නෙ නෑ. මොකද ඔහු ආදරය ගැන දැනගෙන හිටියෙ නැති නිසා. ඉතිං කෙමෙන් කෙමෙන් ජෝනාස්ගෙ මතකය ලැබෙනවා. ඔහු ඉදිරියෙ කුමක් කරයිද? ඔහුට ආදරය ඇතිවුනාට ගෑනු ලමයාගෙ ආදරෙ ලැබෙයිද? මොකද ඇයට හැඟීම් දැනෙන්නෙ නෑනෙ එහෙනම් කතාව ඉතුරු ටික බලලාම රස විඳින්න.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Salt (2010) වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Phillip Noyce විසිනුයි. එදා දුන්න The Signal 2014 චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කරපු Brenton Thwaites විසින්ම තමයි අදත් චිත්‍රපටයේ ප්‍රධානම චරිතය හොබ වන්නේ ඔහු ජෝනාස්ගෙ චරිතයට පන පොවනවා. එමෙන්ම ron Man (2008) හා TRON: Legacy (2010) වැනි චිත්‍රපට වල දආයකත්වය සැපයූ මෙහි අනෙක් ප්‍රධානම චරිතය හොබවන්නේ Jeff Bridges විසිනුයි. IMDb හි 6.9 සුපිරි ලකුණු ප්‍රමාණයක් අරගෙන ලෝකයේ හොඳම විද්‍යා ප්‍රබන්ද කතා අතරට එක්වී තිබෙනවා. එහෙනම් වැඩි කතාකරන්න යන්නෙ නෑ හරිම මහන්සියි, උපසිරැසිය අරගෙන රසවිඳින්න.






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ZOOM ARISING TEAM විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.