Dawn Of The Planet Of The Apes (2014) සිංහල උපසිරැසි සමඟින්




සිනමාවේ පරම්පරා ගණනකට නෑකම් කියන චිත්‍රපට ලෝක සිනමාවේ හරිම විරලයිනේ. ඔබට මතක ඇති ජපානයේ නිපදවපු ගොඩ්සිලා චිත්‍රපටයත් මේ වගේම අතීත පරම්පරා වලට හිමිකම් කියන චරිතයක්. ඒත් තවමත් නව පරපුරේ අය පවා හරිම ආස චරිතනේ මේ ගොඩ්සිලා වගේ අය. අද චිත්‍රපටයේ චරිතයත් එදා ඉඳන්ම අද දක්වාම අපි හැමෝම ආස කරන චරියතයක් තමයි. එප්ස් හෙවත් වඳුරෙක් ගැන තමයි මේ චිත්‍රපටය පුරාවටම යන්නේ

ප්‍රථමවරට මේ චිත්‍රපටය ආරම්භ වූයේ ප්‍රංශ ජාතික කතෘ Pierre Boulle විසිනි. ඒ 1963 චිත්‍රපටයේ නමට සමගාමීව ලියැවුණු නවකතා පොතකිනි. එදා ලියැවුන නවකතාවේ නම ඉංග්‍රීසියෙන්ම කිව්වොත් Planet of the Apes and Monkey Planet යනුවෙන් සඳහන් කරන්න පුළුවන්. පසුව මුල්වරට සිනමාවට නැඟුනේ 1968 Planet of the Apes කියන නමින්මයි. ඒ කාලේත් චිත්‍රපටයේ බෙදාහැරීමේ කටයුතු සිදු කලේ 20th Century Fox අයම කියලා කියන්න ඕන. පස්සෙ මේ චිත්‍රපටය තවත් චිත්‍රපට බොහෝ ගණනකට ව්‍යාප්ත වුනා. හරි මෙහෙම කියන්නම් කො Beneath the Planet of the Apes, Escape from the Planet of the Apes, Conquest of the Planet of the Apes හා Battle for the Planet of the Apes යනුවෙන්. හිතාගන්න පුළුවන්නේ චිත්‍රපටය කොච්චර ජනප්‍රිය වුනාද කියලා. ඇත්තට සිනමාපටය විද්‍යා ප්‍රභන්දයක් ලෙසින් තමයි පටන් ගෙන තිබෙන්නේ. දැන් ඔබ දන්නවානේ අද දෙන්න යන චිත්‍රපටය නවතම චිත්‍රපට පෙලේ දෙවැනි කොටස බව. පළවැනි එක නැරඹුවා නම් ඔබට බලාගන්න තිබුනා වඳුරා කොච්චර දුරට තමාගෙ මොළය භාවිතා කලාද කියලා. වඳුරාගේ මේ චිත්‍රපට පෙලේ පරණ පරම්පරාව එතැනින අවසන් වෙනකොටම 1974 දී සජීවී කරණය පැමිණෙවාත් සමඟම කාටූනයක් ලෙසිනුත් මෙය නිපදවෙන්න පටං ගත්තා ඇත්තටම කිව්වොත් කොටස් දෙකක් වශයෙන් තමයි 1974 හා 1975 යන වසර වල එළි දැක් වූයේ. ඉන්පසු වසර 10 ගිහින් නැවතත් චිත්‍රපටයේ නම හැමෝම අතරේ කතාබහට ලක්වෙන්නේ 2001 වසරේදී යි. ඒ Tim Burton ගේ Planet of the Apes චිත්‍රපටයෙන්. එතැනිනුත් යම් විඩාවක් ලැබුනු මේ වඳුරට ඔන්න නැවතත් නැඟී සිටින්න වුනේ 2011 වසරේ එලිදැක්වූ Rise of the Planet of the Apes චිත්‍රපටයෙනි. ඉතිං මේ ගමනාන්තය දැන් අවසන් වන්නේ දැන් දෙන Dawn of the Planet of the Apes 2014 චිත්‍රපටයෙන්. ඉතිං අපි බලමු වඳුරා මිනිසා පරයා යයිද කියලා.

මෙදාපාර කතාව නම් කලින් එක වගේ නෙවෙයි. කතාවෙ නම් වල වුනත් චිත්‍රපටය හැරෙන්න මොන දිහාවටද කියලා පෙන්වලා දීලා තිබෙනවා. ගිය වතාවට වැඩිය වඳුරො මේ වතාවෙ මිනිස්සු ආක්‍රමණය කරන්න තමයි යන්නේ. ඇත්තටම මිනිස්සු එක්ක යුද්ධයකට පවා වඳුරො ටික යොමු වෙනවා. වැඩිය කතාව ගැන කියන්න යන්නෙ නැහැ මේ වගේ සුපිරි එකක් බලලාම තමයි රස විඳින්න ඕන පහල ටිකත් කියවලා චිත්‍රපටය බලන්නකෝ

මෙදාපාර චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ පළවෙනි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු කෙනා නම් නෙවෙයි. Matt Reeves තමයි අද දෙන චිත්‍රපටයේ අධ්‍යක්ෂක වෙලා තියෙන්නේ. ඔහු Let Me In 2010 හා Cloverfield 2008 වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරලා තිබෙනවා. ඔයාලා දන්නවනෙ මේ චිත්‍රපටයේ ප්‍රධන නළුවා තමයි වඳුරා. ඉතිං එයා කෘතිමව නිර්මාණය කරපු කෙනෙක් නෙ. චිත්‍රපටයේ ඉන්න කිසිම වඳුරෙක් ඇත්ත එවුන් නෙමෙයි උන් හැමෝම පරිගණක ආශ්‍රයෙන් නිර්මාණය කරලා මෝෂන් කැප්චර් ක්‍රමයෙන් පණ පොවපු අය. ඒක නිසා මං රඟ පාන මිනිස්සුන්ගෙන් කරලියට එන ප්‍රධන චරිත ගැන කියන්නම්. ප්‍රධානතම නළු නිළියන් අතරේ සම්මාන ලාභී ජනප්‍රිය රංගන ශිල්පීන් වන Gary Oldman, Keri Russell, Andy Serkis යන අය මෙහි රංගනයෙන් දායක වෙනවා Rise of the Planet of the Apes චිත්‍රපටයේ අප දුටු සීසර් සහ ඔහුගේ පරිණාමය උන වානර ප්‍රජාවට තර්ජනයක් වන මිනිසුන් එක්ක සිදුවන ගැටුම තමයි මේ චිත්‍රපටියෙන් පෙන්වන්නේ. කලින් චිත්‍රපටියේ මතක ඇති ඔවුන් නගරයෙන් පලාගොස් කැලේකට රිංගනවා. එතැනින් තමයි අද කතාව ආරම්බ වන්නේ.මෙයට වැයවු සමස්ථ වියදම $170,000,000 පමණ වේ නමුත් ආරම්බක සතිය තුලදිම $72,611,427 ආදයමක් ඉපයිමට මේ චිත්‍රපටිය සමත්වු අතර දැනට ලබා ඇති මුළු ආදායම $208,268,003 පමණ වෙනවා. එහෙනම් මේ චිත්‍රපටිය රසවිදින්න කියලා ඉල්ලිමක් කරන ගමන් මම සමුගන්නවා.



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 1GB WEBRIP Torrent file එක මෙතනින් ගන්න.
700MB HDRIP Torrent file එක මෙතනින් ගන්න.
870MB Direct LInks මෙතැනින් ලබාගන්න 



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1GB WEBRIP Torrent file එක මෙතනින් ගන්න.
700MB HDRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල් (තාරක) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.