It's Entertainment (2014) සිංහල උපසිරැසි සමඟින්.



ඔන්න එහෙනම් කස්ටිය එනකන් මග බලාගෙන හිටපු ෆිලුමක් උස්සන් මන් ආවා.ෆිලුම මොකක්ද කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇතිනේ,මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ "මල්ලි හැමදාම පරන ඒවම කරන්න බෑ නේද අලුත් එකක් දෙමුද කියලා" හොඳ ටොරන්ට් එකකුයි english සබ් එකයි හොයල දුන්න සුපුන් වීරසිංහ අයියට ඒ වගේම අපි සබ් කරන ෆිල්ම් දිවා රෑ නොබලා පල කරලා නිහඬ සේවයක් ඉටුකරන Hedz අයියට,හරි එහෙනම් වැඩි කතා නැතුව ෆිලුම ගැන ටිකක් කියන්නම්,

මේකේ ප්‍රධාන චරිත රඟපාන්නේ අපි කවුරුත් දන්න ආක්ෂේ කුමාර් සහ තමන්නා භාටියා,ඒ වගේම හින්දී සිනමාවේ අපි දැකලා තියෙන හුඟක් මුණු රංගනයෙන් දායක වෙලා තියෙනවා.ෆිලුමේ කතාව ගැන කියනවා නම්,කොමඩි ටයිප් එකට තමයි ගලාගෙන යන්නේ කාලෙකට පස්සේ හොඳට ලේ පිරිසිඳු වෙන්න හිනා වෙන්නත් පුළුවන් ඔන්න ඒ වගේම හුඟක් සංවේදී දර්ශනත් මේකේ ඇතුලත් වෙනවා,අකීල් (ආක්ෂේ කුමාර්) කියන්නේ හොර තාත්තෙක් ඉන්න පුතෙක් මේ හොර තත්තා නිසා මෙයාට දවසට රස්සා හතරක් කරන්න වෙනවා මන් මෙහෙම කියන්නේ ඇයි කියලා ඔයාලම බලාගන්නකෝ,ඒ වගේම අකිල්ගේ පෙම්වතියගේ (තමන්නා භාටියා) තාත්තට ඕන වෙලා තියෙන්නේ එයාව මිලියනපතියෙක්ට බන්දලා දෙන්න එයා අකිල්ට කියනවා පුලුවන්නම් මිලියනපතියෙක් වෙලා එන්න කියලා.ඔහොම ඉන්න අතරේ අකීල් දැනගන්නවා තමන්ගේ ඇත්තම තාත්තා මිලියනපතියෙක් කියල ඒ වගේම එයා දැන් මැරිලා ඒ ධනයට හිමිකාරයෙක් නැහැ කියලා.ඒ වගේම මේ ධනය ගන්න හුඟක් අය මාන බලාගෙන තමයි ඉන්නේ ඉතින් අකිල්ට මේ ධනය ලබාගෙන මිලියනපතියෙක් වෙන්න පුළුවන් වෙයිද සාක්ෂිගේ(තමන්නා) තාත්තා මෙයාට කැමති වෙයිද?මෙයාට මිලියනපතියෙක් වෙන්න එන බාධා මොනවාද කියලා දැනගන්න මේ චිත්‍රපටය බලන්න.මේක මගහැරගන්න නොවටින චිත්‍රපටියක් කියල තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ එහෙනම් අපි ගියා.ජය වේවා.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 990MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

720P 990MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.