Mary Kom (2014) සිංහල උපසිරැසි සමඟින්




චිත්‍රපටිය - Mary Kom (2014)
අධ්‍යක්ෂණය - Omung Kumar
කතාව - Saiwyn Qadras
සංගීතය - Rohit Kulkarni / Shashi Suman
සිනමාකරණය - Keiko Nakahara
සංස්කරණය - Sanjay Leela Bhansali / Rajesh Pandey

IMDB දර්ශක අගය - 6.8/10
වර්ගීකරණය - Biography / Drama / Sport
තිරගත වීම ඇරඹූ දිනය - 2014 සැප්තැම්බර් 5 වන දින
ධාවන කාලය - මිනිත්තු 122


Mary Kom චිත්‍රපටය ඇමෙරිකනු ඩොලර් මිලියන 2.4 ක වියදමක් දරා නිර්මාණය කරමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 17ක ආදායමකට හිමිකම් කියමින් ආදායම් අතින්ද සාර්ථක වූ නිර්මාණයක් වන අතර සුරූපී බොලිවුඩ් නිළි Priyanka Chopra මේ වසරේ රංගනයෙන් දායක වූ දෙවන සිනමා නිර්මාණය වන්නේද Mary Kom චිත්‍රපටයයි. මේ වසරේ මුල් භාගයේ තිරගත වූ Gunday චිත්‍රපටයටද ඇය රංගනයෙන් දායක වූ අතර එයට බොක්ස් ඔෆිස් වාර්තා අතරට එක් වූ චිත්‍රපටයක් විය.

වාර්තා පිට වාර්තා තබමින් ලෝක බොක්සින් වළල්ල උඩි යටිකුරු කළ ඉන්දියානු බොක්සින් ශූරී M.C. Mary Kom ගේ ජීවිත කතාව අළලා නිර්මාණය වූ Mary Kom චිත්‍රපටය එක හුස්මට නරඹා නිම කළ හැකි ආකාරයේ අගනා නිර්මාණයක් බව කිව යුතුමයි.එදා Mary Kom නම් වූ ඒ අසහාය බොක්සින් ක්‍රීඩිකාව බොක්සින් වළල්ල තුළ පෑ වික්‍රමයන් අද Priyanka Chopra නම් වූ අති දක්ෂ රංගන ශිල්පිනිය විසින් රිදී තිරය මත ජීවමාන කර ඇති අන්දම බොහොම සිත්ගන්නා සුළුයි. මේ චිත්‍රපටය නැරඹූ සැබෑ Mary Kom පවා ප්‍රකාශ කර තිබුනේ එම චරිතයට වඩාත්ම ගැලපෙන බොලිවුඩ් නිළිය වන්නේ Priyanka Chopra බවත් ඇය ‍එම චරිතයට ඉතාමත් හොඳ සාදාරණයක් කර තිබෙන බවත්ය.

කතාව ගැනත් පොඩි හැඳින්වීමක් කරන්නම්.Mary Kom කුඩා කළ පටන්ම බොහෝ මුරණ්ඩු ගති ලක්ෂණ ඇති කෙනෙක්. ඇය කුඩා කළ ඇයගේ ගම්මානයට කඩා වැටෙන ගුවන් යානයක තිබී බොක්සින් අතවැස්මක් ඇයට හම්බ වෙනවා. එදා පටන්ම බොක්සින් වලට ඇලුම් කරන මැරී කොම් නව යොවුන් වියට පත්ව පාසල් කාලය‍ ගත වෙද්දී පිරිමි ළමුන් සමග පවා ගැටුම් ඇති කර ගන්නවා. වරක් එලෙසින් ඇති කර ගත් ගැටුමක් නිසාම ඇයට බොක්සින් ක්‍රීඩාව හැදෑරීමේ අවස්තාව හිමි වෙනවා. ඒක වෙන්නෙ කොහොමද කියන එක චිත්‍රපට නරඹලාම දැක ගන්න.

ඇය බොක්සින් ක්‍රීඩාවට යොමුවනවාට තරයේම විරුද්ධ වන ඇයගේ පියාගේ විරුද්ධත්වයද නොතකා බොක්සින් ක්‍රීඩාවට යොමුවන ඇඟේ දක්ෂතාවයන් කෙටි කලකින්ම හඳුනාගන්නා පුහුණුකරු ඇයව පළාත් තරඟ සඳහා යෙමු කරනවා. තම පළමු තරඟයම රන් පදක්කමකින් සරසා ගන්නා ඇඟේ බොක්සින් ජීවිතය බාදක කම්කටොළු මැද ඉදිරියට ගලා යන ආකාරයත් ඇයගේ විවාහය සිදු වී දරුවන් ලැබීමෙන් පසුව බොක්සින් ක්‍රීඩාවෙන් සමුගන්නා ඇයගේ බොක්සින් පුනරාගමනය සිදුවන ආකාරයත් මේ නිර්මාණය නරඹන ඔබට දැක ගත හැකි වේවි. එසේනම් Mary Kom සමගින් බොක්සින් ලෝකයේ සැරිසරන්නට ඔබට ආරාධනා කරමින් මම සමුගන්නවා තවත් බොලිවුඩ් නිර්මාණයක් සමගින් ඉක්මනින්ම ඔබ හමුවන බලාපොරොත්තු ඇතිව. ඔබට සුභ දවසක්! සතුටින් ඉන්න!




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
675MB DVDRIP Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික ගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.