Wrong Turn 6 Last Resort (2014) සිංහල උපසිරැසි සමඟින්




ඉතින් ඔන්න ගොඩ කාලෙකට පස්සේ, අපි දෙන්නා ආයෙමත් එකතුවෙලා සිංහල උපසිරැසියක් අරගෙන ආවා.මේ ටිකේ පොඩ්ඩක් වැඩ අධික නිසා ඔයාලට අළුත් උපසිරැසියක් ලබාදෙන්නත් බැරිවුනා. ඒත් අද ගෙනාපු චිත්‍රපටියේ සිංහල උපසිරැසිය, වැඩ රාජකාරි කොච්චර තිබුනාත් අපි දෙන්නාම අරගෙන ආවා.මොකද මේකේ 1 / 2 / 3 / 4 චිත්‍රපටි වලට උපසිරැසි ලබාදුන්නෙත් අපිමයි. 5 වෙනි චිත්‍රපටිය නම් මහේෂි අක්කා තමා, උපසිරැසිකරණය කෙරුවේ. ඉතින් පෙරේදා මේ චිත්‍රපටියේ හොඳ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වුනා. ඉංග්‍රීසි උපසිරැසිය ආවේ නම් ඊයේ උදේ තමයි. ඉංග්‍රීසි උපසිරැසිය ආපු ගමන් චම්පික අයියා පණිවිඩයක් එව්වාත්, අපිට මේක ඊයේම ලබාදෙන්න නොහැකි වුනා. කොහොමහරි අන්තිමට වැඩේ ගොඩ දාගන්න අපිට පුළුවන් වුනා. එහෙනම් IMDB මීටරයේ 6.0ක ප්‍රේක්ෂක
ප්‍රතිචාර අගයක් ලබාගත්තු මේ චිත්‍රපටිය ගැන විස්තර කරන්නම්කෝ.

මේ චිත්‍රපටියේ ආරම්භයේදීම, අපේ යාළුවන්ගේ අපූරු දඩයමක් දැකබලාගන්න ඔයාලට පුළුවන්.යාළුවෝ කවුද කියලා මම අමුතුවෙන් කියන්න ඕනා නෑනේ. ඔයාලා තාමත් කළින් චිත්‍රපටි බලලා නැත්තම්,
ඒ සියල්ලම සූම් අඩවියෙන් සිංහල උපසිරැසිත් එක්ක නරඹලා ඉන්න කියලා,මම යෝජනා කරනවා.මොකද ඒවා නොබලා මේක බලද්දී කතාව පොඩ්ඩක් නොතේරෙන්න පුළුවන්. ඉතින් ඩැනී කියලා හාදයෙකුයි,එයාගේ යාළුවෝ කට්ටියකුයි පොඩි සංචාරයක් යනවා. සංචාරයක් කිව්වාට මොකද මෙයා යන්නේ මෙයාට උරුම වුන දේපළ දැකබලාගන්නයි. ඉතින් අපේ යාළුවෝ කට්ටියත් ගොදුරු හොයන්නේ, මේ පැත්තේ තමයි.මේ ඩැනී කියන හාදයාටයි, අපේ යාළුවන්ටයි සම්බන්ධයක් තියෙනවා. ඒ මොකක්ද කියලා දැනගන්න නම් චිත්‍රපටිය නරඹන්නම වෙනවා. මම මේ විස්තරයෙන් ඩැනීගේ යාළුවෝ ගැනවත්, මේ චිත්‍රපටියේ එන වෙනත් අද්භූත චරිත ගැනවත් විස්තර කරන්නේ නෑ. මොකද එහෙම කිව්වාම කතාවේ කිසිම ගතියක් නැතිවෙනවා.මේ වගේ චිත්‍රපටියක් බලද්දී කුතුහලය කියන දේ තියෙන්න ඕනා. මම මෙතන කතාවෙන් බාගයක් විස්තර කෙරුවොත්, ඒ කුතුහලය නැතිවෙලා යනවානේ. ඒ හින්දා වැඩි විස්තර කියව කියව ඉන්නේ නැතුව, කෙළින්ම චිත්‍රපටිය බලන්න. කළින් මේ චිත්‍රපටි පෙළ නරඹපු කෙනෙක් නම්, අනිවාරෙන්ම මේක බලනවාම තමයි.මොකද මේක ඒ තරමටම කුතුහලය, ත්‍රාසය, භීතිය කැටිකරගත්ත චිත්‍රපටි පෙළක් හින්දා. ඉතින් මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ, Valeri Milev මහත්මයායි. එතුමා ගැන ලොකු විස්තරයක් මම දන්නේ නම් නෑ. කොහොමවුනත්, එතුමා මේ චිත්‍රපටිය නම් ලස්සනට කරලා තියෙනවා.

මේ චිත්‍රපටිය 21+ චිත්‍රපටියක් ලෙස අවධාරණය කරලා කියනවා. මොකද මේ චිත්‍රපටිය නිරුවත් දර්ශන මෙන්ම, ලේ වැගිරීම් වලින් පිරිලා තියෙනවා. 21+ කිව්වාට මොකද මටත් තාම 20යි. නිසල් / කවිඳු වැනි පොඩි අයට මේක කොහෙත්ම ගැළපෙන්නේ නෑ. ඒ වගේම තාරක අයියා වැනි හදිසි කම්පනයන් වලට ඔරොත්තු නොදෙන අයටත් මේ චිත්‍රපටි පෙළ එතරම්ම යෝග්‍ය නෑ. මේ උපසිරැසිය කරන්න සහාය වුන මගේ අතිජාත මිතුරා වන ඩිලාන් මේනකට (DilanH) බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ඩිලාන් හෙට විභාගයක් කට උඩ තියාගෙන තමා මේක කරන්න ආවේ. ඒ වගේම ඉංග්‍රීසි උපසිරැසිය අන්තර්ජාලයට නිකුත් කළ සැනින් පණිවිඩේ ලබාදුන්න, අපේ අනංගයා නොහොත් චම්පි (Lakruwan) අයියාටත් ස්තූතියි. හැමදාම වගේ HEDz අයියාටත් මේ උපසිරැසිය ඉක්මනින් පළ කිරීම ගැන ස්තූතිවන්ත වෙනවා. එහෙනම් වැරදි හැරවුම 7වෙනි චිත්‍රපටියෙත් සිංහල උපසිරැසි අපිම අරගෙන එන බවට පොරොන්දු වෙමින් මම නිහඬ වෙනවා. හැමෝටම සුභ දවසක් වේවා!





සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
300MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
350MB DVDRIP Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
300MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉසුරු මධුසංඛ පෙරේරා ඩිලන් මේනක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.