Hitman [2007] සිංහල උපසිරැසි සමගින්


මේක තමයි මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම.මේ කතාව සමහරවිට ඔබ දැනටමත් නරඹලා ඇති. Hitman කියන්නේIO interactive සමාගම විසින් නිපදවන ලද Hitman යන වීඩියෝ ක්‍රීඩාව ඇසුරෙන් නිපදවන ලද චිත්‍රපටියක් .මෙහි ප්‍රධාන චරිතය තමයි Agent47. ඔහුගේ චරිතය රඟපාන්නේ Timothy Olyphant. 47 කියන්නේ රහස් සංවිධානයකට වැඩ කරන කුලී ඝාතකයෙක් .ඔහුට රාජකාරියක් පැවරෙනවා රුසියානු ජනාධිපති මිකයිල් බෙලිකොෆ් (Ulrich Thomsen) ඝාතනය කිරීමට.ඔහු සැමවිටම වගේ එය හරියට කරනවා.එහෙත් ඔහු යම් කුමන්ත්‍රණයකට හසුවී තිබෙන බව ඔහුට පැහැදිලි වෙනවා.

මිකයිල් ලා දෙන්නෙක් ඉන්න බව ඔහු සොයා ගන්නවා.ජාත්‍යන්තර පොලීසිය,විශේෂයින්� �� එහි නිලධාරියෙක් වන මයිකල් විටියර් (Dougray Scott) සහ රුසියානු රහස් පොලීසිය ඔහු පසුපස පන්නනවා . ඔහු ඉන් බේරෙන්නේ කෙසේද?. බෙලිකොෆ්ගේ කුරිරු වද හිංසා වලට ලක්වුණු නිකා (Olga Kurylenko) හට සිදුවන්නේ කුමක්ද ? දැනගන්න ඕනෙද? , එහෙනම් බලන්න Hitman. 

මෙම චිත්‍රපටිය IMDB Ratings 6.2 අරන් තියෙනවා .හොඳ චිත්‍රපටියක්.මෙහි ඇති සුළු උඩුකය නිරුවත් දර්ශන කීපයක් හේතුවෙන් (Olga ගේ වැඩ තමයි ඉතින් ) සහ සමහර සටන් ජවනිකා හේතුවෙන් මම කියන්නේ මෙය 18+ චිත්‍රපටියක් කියලයි (හොඳ චිත්‍රපටියක් වුනත් මොකක් හරි කොස්සක් තියෙනවනේ ) පොඩි අය බලන්න එපා ....නැත්තම් මම වගේ ඒ වෙලාවට ඇස් දෙක වහගන්න  මම කියන්න ඕනේ මේක මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම නිසා මගේ අතින් යම් අඩුපාඩු සිදුවී තිබෙනවානම්..ඒ ගැන සමාවෙන්න .වැරදි ඇත්නම් Comment එකක් දාන්න .මට වැරදි සාදා ගැනීමට එය උදව්වක් වේවි
ජයවේවා ! 

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කේමින්ද සමරවීර විසිනි


1 comment:

  1. මට ඇත්තම දන ගන්න ඕනේ මේ වෙබ් එක හදල තියෙන්නේ zoom.lk එක වෙනුවටද? www.zoom.lk එකට යන්න බෑ. ඒ තිබ්බ විදියට අපහු මේ වෙබ් එක හදන්න බැරිද?

    ReplyDelete

Powered by Blogger.