Aal (2014) සිංහල උපසිරැසි සමඟ



අද තවත් අලුත් එකක් එක්ක මම ආවා. 2014 වර්ශයේ අති විශාල දමිල, තෙලිගු චිත්‍රපට රාශියක් නිකුත් වෙලා තියෙනවා. ඒක දැනටමත් අපේ යාලුවන් දන්නවා ඇති. මොකද මේ වෙද්දී www.zoom.lk එකෙන්ම සෑහෙන ප්‍රමානයක් ඔයලා අතට පත් කරලා ඉවරයිනේ. ඒ අතරින් තවත් දමිල චිත්‍රපටියක් තමයි අදත් අරගෙන ආවේ. තවත් දෙයක් මේ චිත්‍රපටිය සඳහා ටයිම් ලයින් මම අලුතින් නිර්ඹානය කරලා තමයි ඔයාගට අරන් ආවේ දන්නවානෙ චිත්‍රපටිය ලෝන්ච් කරපු ගමන් ඉංග්‍රීසි සබ් අන්තර්ජාලයට එන්නේ නෑ කියලා ඒක නිසා ඔයාල වෙනුවෙන් මේකට ලයින් හැදුවා ඔන්න. මේක ඔයාල ආස කරන විදිහේ එකක්ද කියලා බලන්නකෝ එහෙනම්.

චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරන්නේ නම් විද්‍යා රාජු විසින්. මේ සඳහා රංගනයෙන් දායක වන්නේ Vidharth ඔහු දිමිල සිනමාවේ චිත්‍රපට ගනනාවකට රංගන දායකත්වය ලබා දීලා තියෙනවා හැබැයි ගොඩක් ඒවා එයාගෙ ප්‍රධාන චරිතයනම් නෙමෙයි. මේකෙද නම් එයා තමයි ප්‍රධානම චරිතය. ඒ වගේම මේකෙ අනිත් චරිත එච්චරම කතාව තුල දකින්න නෑ. හරියට කිවුවොත් මේක වන්මෑන් ශෝ එකක් වගේ. 2014 සැප්තැම්බර් 19 වන දින ප්‍රථම වරට තිරගත වීම ආරම්භ වෙනවා. මේක දැනටත් තිරගත වන නිසා ආදයම් වාර්ථා ගැනනම් තක්සේරු ගානක් කියන්න බෑ. එහෙනම් බලමු කතාවේ මොකද වෙන්නේ කියලා

චිත්‍රපටිය පටන් ගන්නෙම කතා නායක අමීර් කට්ටියක් අරන් දුවන රතු පාට සූට්කේස එකක් ගන්න පස්සෙන් දුවන සීන් එකකින්. ඒ දුවන අතරේ ඔහු ලයිට් කනුවක හැපිලා ඇද වැටෙනවා. එතනින් පස්සේ තමයි කතාව පටන් ගන්නේ. අමීර් කියන්නේ පිට රට පාසලක වැඩ කරන මුස්ලිම් ආචාර්ය වරයෙක් ඔහු දවසක් ඒ පාසලේම මුස්ලිම් ලමයෙක්ට ගහනවා දැකලා බේර ගන්නවා. පස්සේ දැන ගන්නවා එයාට ගහලා තියෙන්නේ එයා මුස්ලිම් නිසා කියලා. ඒ අය ඔහු ත්‍රස්තවාදියෙක් කියලා රන්ඩු කරනවා. ගොඩක් අය මුස්ලිම් අය දිහා බලන්නේ ත්‍රස්තවාදීන් විදිහටනේ. මේකෙ වෙන්නෙත් ඒ වගේ දෙයක්. අමීර් මේ ලමයව තමන් නැවතිලා ඉන්න කාමරේ නවත්ත ගන්නවා. අනිත් අයගෙන් කරදර සිද්ධ වෙන නිසා. අමීර්ගෙ පෙම්වතිය හිංදු ගෑනු ලමයෙක්. මේ සම්බන්දේ ඒ ගෑනු ලමයගේ තාත්ත දැනගෙන දවසක් අමීර්ට කතා කරලා මේක ගැන කතා කරන්න ඉංදියාවට එන්න කියනවා. ඉංදියාවට ගිහින් ගුවන්තොටුපලින් එලියට එනකොට අමීර්ට ප්‍රශ්න ගොඩකට මූන දෙන්න වෙනවා. ඒ ප්‍රශ්නත් එක්ක තමයි මුළු චිත්‍රපටයම දිවයන්නේ. මොනවද මේ ප්‍රශ්න, අමීර් කරදරයක වැටිලද, එයාගෙ ආදරේ සාර්ථක වෙයිද? මේ හැමදේම දැන ගන්නනම් මේක අරන් බලන්නම වෙනවා එහෙනම් අදට මම යනවා. තවත් දවසක ආයේ හොද එකක් අරන් එන්නම් හැමෝටම සුබ දවසක්

අලුතින් හදපු සබ් එකක් නිසා ලබා දී ඇති ටොරන්ට් එක තුලින් පමනක් ඩවුන්ලෝඩ් කර ගන්න බව මතක් කරනවා ඒසේ නොවුනොත් සබ් එක ගැලපෙන්නේ නෑ




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.