Arrow SE03 EP06 සිංහල උපසිරැසි සමඟින්





ඔන්න එහෙමනම් ඇරෝ දෙවෙනි කතාමාලාවෙන් හමුවුනාට පස්සෙ අද තමයි මම මුලින්ම තුන්වෙනි කතාමාලාවත් එක්ක ඔයාලව හමුවෙන්න එන්නේ, ඇරෝ තුන් වෙනි කතාමාලාවෙ දැන් කොටස් හයක්ම විකාශය වෙලා අවසානයි, ඉතින් කතාව ගැන ටිකක් මතක් කරනවනම්, දෙවෙනි කතාමාලාව අවසානයෙදි සාරා එයාගෙ පෙම්වතිය වුන නීසා අල් ගුල් එක්ක නන්දා පාබත් වලට යනවා, ඒ රාස් අල් ගුල් සංවිධානයට වුන පොරොන්දුවක් විදියට, ඉතින් මුලින්ම සිද්ද වෙන්නෙ සාරාගෙ ස්ටාර්ලින් ආගමනය, හැබැයි ඉතින් සාරාට එයාගෙ ජිවිතයෙන් සමුගන්න සිද්ද වෙනවා, ඒ එයාගෙ සමීපතයෙක්ගෙම ඊතල පහරවල් වලින්, ඒත් කවුරුවත් දන්නෙ නෑ, ඉතින් ඔලිවර් ගෙ කණ්ඩායමට මුලින්ම කරන්න සිද්ද වෙන්නෙ සාරාගෙ ඝාතකයා හොයාගෙන යන එක, ඉතින් මේ විදියට හෝඩුවාවන් කීපයක් පස්සෙන් ගියත් වැඩි දෙයක් හොයාගන්න ලැබෙන්නෙ නෑ, ඉතින් මේ අතරෙ සාරාගෙ පෙම්වතිය වුන නීසා ස්ටාර්ලින් වලට සාරාව හොයාගෙන එනවා, එතකොට ඇය දැනගන්නවා සාරාව ඝාතනය කරලා කියලා, ඇය මේ ඝාතනය ගැන සැක කරන්නෙ ඔලිවර්ගෙ පරම හතුරා වෙන මැල්කම් මර්ලින්ව, මේ වෙනකොට මැල්කම් ඉන්නෙත් ස්ටාර්ලින් වල, ඒ මැල්කම් එයාගෙ දුව තියා එක්ක ජීවත් වුන කෝර්ටෝ වලින් ඔලිවර් ගිහින් තියාව ආපහු ස්ටාර්ලින් වලට එක්කගෙන එනකොට මැල්කමුත් ආපහු ස්ටාර්ලින් වලට එනවා, මැල්කම් ස්ටාර්ලින් වලට ආපු එක ගැන වගේම මැල්කම් පනපිටින් ඉන්නවා කියන එක ගැනත් ඔලිවර් දැනගන්නෙ ඒ වෙලාවෙ, හැබැයි ඔලිවර් දන්නෙ නෑ, මැල්කම් මෝර්කෝ වලදි තියාට සටන් පුහුණුව ලබාදෙමින් තාත්තා දුව විදියට ජීවත් වුන බව, ඉතින් ඔලිවර් නීසා එක්කම මැල්කම් පස්සෙන් පන්නනවා, හැබැයි, මැල්කම් තියා ගැන දිවිරීමක් දෙනවා එයා සාරාව මැරුවෙ නෑ කියලා, ඔලිවර් ඒ කතාව විශ්වාස කලාට, නීසා ඒක විශ්වාස කරන්නෙ නෑ, ඉතින් ඇය ආපහු හිස් අතින්ම නන්දා පාබත් වලට යනව, එතනදි ඇයගෙ තාත්තා වල රාස් අල් ගුල් සංවිධානයේ නායකයා තීරණයක් ගන්නවා මැල්කම්ට වගේම ඔලිවර්ට විරුද්ධවත් සටන් කරන්න, ඒවගේම මුල්ම වතාවට තමා රාස් අල් ගුල් සංවිධානයේ නායකයාගෙ මූන පෙන්නුවෙ, ඉතින් තුන් වෙනි කතා සමයෙදි ඔලිවර්ට හොද ප්‍රතිවාදියො කිප දෙනෙක්ම ලැබෙයි වගේ, ඉතින් කලින් කොටසෙදි ෆෙලිසිටි ගෙ කතාව ගැන වගේම එයාගෙ අම්මා ගැනත් දැනගන්න ඇතිනේ, ඒවගේම සාරාගෙ ඝාතකයා රෝයි කියන එක ගැනත් ඉඟියක් දෙනවා, එහෙනම් බලන්නකො අද කොටසින් මොකද වෙන්නෙ කියලා, ඊලඟ කොටසත් එක්ක හමුවෙමු, ජයවේවා!
කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes


No comments

Powered by Blogger.