Camp X-Ray (2014) සිංහල උපසිරැසි සමඟ




ඔන්න ඉතින් කාලෙකට පස්සේ, ආපහු සිංහල උපසිරැසියක් අරගෙන මම ආවා.මේ ටිකේ පොඩ්ඩක් විතර කාර්යබහුල හින්දා, උපසිරැසියක් කරන්න වෙලාව හොයාගන්න අමාරුයි. ඒත් ඉතින් ඔයාලව අමතක කරන්න බැරි හින්දා, තවත් ලස්සන චිත්‍රපටියක් අරගෙන ආවා. මේ චිත්‍රපටිය ගැන කිව්වේ නම්, අපේ දර්ශනනිශාන්ත අයියා තමයි. ඒ හින්දා, එයාට මේ වගේ අපූරු මූවියක් ගැන කිව්ව එක ගැන ස්තූතිවන්ත වෙනවා. IMDB මීටරයේ 7.4ක අගයක් ලබාගත්තු මේ චිත්‍රපටිය නාට්‍යය ගණයට අයත් වෙනවා. එහෙනම් චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් කරන්නම්කෝ.

අපි කළින් ලබාදුන්න, ලෝක ප්‍රසිද්ධියට පත් Twilight චිත්‍රපටි මාලාවේ ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායකත්වය ලබාදුන් Kristen Stewart මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පණපොවනු ලබනවා. ඇය ගැන අමුතුවෙන් වර්ණනා කරන්න දෙයක් නෑනේ. ඇය මේ චරිතයටත් උපරිම අන්දමින් හැඩගැහිලා, රංගනයේ යෙදිලා තියෙනවා.

කෝල් කියන්නේ සෙබළියක්. ඇයව සිර කඳවුරක සේවයට යවනවා. ඉතින් මේ සිර කඳවුරේදී ඇය මුහුණපාන සිද්ධීන් ආශ්‍රයෙන් මේ චිත්‍රපටිය දිවයනවා. මේ චිත්‍රපටියෙන් සිර කඳවුරකදී රැඳවියන් මුහුණදෙන ප්‍රශ්න, මුරකරුවන් මුහුණදෙන ප්‍රශ්න වැනි දේ තාත්විකව පෙන්නුම් කරනවා.ඇමෙරිකාවේ සිර කඳවුරු, අපේ සිර කඳවුරු වලට වඩා සිය ගුණයක් හොඳයි කියලා, ඔයාලට තේරෙයි.එතකොට අපේ බන්ධනාගාර වල සිටින රැඳවියන් කොච්චර දුෂ්කරතාවයන් වලට මුහුණ දෙනවා ඇත්ද? තමන්ගේ නිවැරදිතාවය ඔප්පු කරගැනීමට නොහැකිව සිර කඳවුරු වල දුක්විඳින අහිංසකයන් කොතෙකුත් ඇත්ද? මෙවැනි ප්‍රශ්න රාශියක් මට මේ චිත්‍රපටිය උපසිරැසි ගන්වලා අවසන් වෙද්දී මතුවුනා.ඉතින් ඔයාලත් සිර කඳවුරක් අලලා නිර්මාණය වුනු මේ චිත්‍රපටිය නරඹන්න. මොකද අපි හැමදාම බලන සුරංගනා කතාන්දර වලට වඩා, මේ චිත්‍රපටියෙන් දෙයක් ජීවිතයට ගන්න පුළුවන්. අනිවාරයෙන්ම ඔබගේ නෙතට කඳුලක් ගෙන එන්න, මේ සළරුව සමත්වේවී. අපි ජීවත්වන සැබෑ ලෝකයේම ජීවත්වෙන තවත් මිනිසුන් පිරිසකගේ ජීවිත ගැන තේරුම්ගන්න, දැන්ම ඔබත් මෙය නරඹන්න.

හැමදාම වගේ HEDz අයියාටත් ස්තූතිවන්ත වෙනවා. මොකද ඔහු නොහිටින්න අපිට මේ වගේ උපසිරැසි බෙදාගන්න බැරිවෙන්න තිබුනා. මේ දවස්වල සයිට් එකේ වම් පැත්තේ, කහ පාටින් පොඩි බැනර් එකක් තියෙනවා ඔයාලා දකින්නත් ඇති. පොඩ්ඩක් වෙලාව අරගෙන, ඒ නිවේදනයත් නරඹලා, මේ කර්තව්‍ය දිගටම පෙරටත් වඩා හොඳින් කරගෙන යාමට, හැකි ආකාරයකට පුංචි උපකාරයක් කරන්න. Zoom.lk කියන්නේ අපි හැමෝගෙම වෙබ් අඩවියක්.www.zoom.lk එක්ක නිරතුරුවම රැඳිලා ඉන්න. ජයවේවා!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 900MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

720P 900MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉසුරු මධුසංඛ පෙරේරා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.