Daawat-e-Ishq (2014) සිංහල උපසිරැසි සමඟින්



කොහොමද කස්ටිය මගේ දහවෙනි උපසිරැසි නිර්මාණය වශයෙන් මේ අරගෙන එන්නේ හින්දි සිනමා රසිකන්ගේ අවධානය දිනා ගත් ෆට්ටම චිත්‍රපටයක්, මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ Hedz අයියට සහ අපේ සුපුන් අයියට දහවෙනි උපසිරසි නිර්මාණය වශයෙන් මේ වගේ ලස්සන චිත්‍රපටයක් උපසිරසි ගන්වන්න ලබා දුන්නට,ඒ වගේම මගේ හැම උපසිරසි නිර්මානයකදිම කමෙන්ට් එකක් දෙකක් හරි දාලා මාව දිරිමත් කරවන හැමෝන්ටම,කමෙන්ට් බලාගෙන මේ වැඩේ කරේ නැති උනත් ඕනෑම උපසිරැසි කරන කෙනෙක්ට ඒකට ආසාවක් කැමැත්තක් ඇතිවෙන්නේ ඔයාලා දාන කමෙන්ට් වලින් තමයි මොකද උපසිරසියක් නිර්මාණය කරනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයිනේ.ඒ වගේම zoom වෙබ් අඩවිය වෙනුවෙන් උපසිරසි නිර්මාණකරණයට යොමු වීමත් සමග එහි උපසිරසි අංශයේ හුඟක් සහෝදර සහෝදරියන් අඳුනගන්න ලැබුනා හැම කෙනාවම පුද්ගලිකව දන්නේ නැති උනත් හුඟක් හොඳ සහයෝගයක් අපේ team එකේ තියෙන බව තේරුනා,ඇත්තටම හුඟක් සතුටුයි මේ වගේ වෙබ් අඩවියකට සම්බන්ධ වෙන්න ලැබීම.හරි එහෙනම් චිත්‍රපටය දිහාවට හැරෙමු,

6.4 ක IMDB අගයක්(ෆිල්ම් එකේ හැටියට නම් රේටින් එක ටිකක් මදි කොමඩි ටයිප් එකට කතාව යන නිසා වෙන්න ඇති) ලබාගෙන තියෙන මේ සරලුවට රංගනයෙන් දායක වෙලා තියෙන්නේ ආශිකී 2 චිත්‍රපටයෙන් රංගන ලොවට පා තබා ඉමහත් ජනප්‍රියත්වයක් ලැබූ adithya roy kapoor ඔහු රංගනයෙන් දායක උන හුඟක් චිත්‍රපට වල මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උන කෙනෙක්ගේ චරිතයන්ට පන පොවපු මොහු මේ චිත්‍රපටයේ නම් වෙනස්ම චරිතයකට තමයි රංගනයෙන් දායක වෙලා තියෙන්නේ එකත් නරකම නැහැ හැබැයි,මිනිහට බොන්න විතරක් නෙවෙයි කන්නත් පුළුවන් කියල පෙන්නලා තියෙනවා ඔන්න,ඒ වගේම hasee toh phasee,ladies vs ricky bahl,ishaqzaade වැනි ජනප්‍රිය චිත්‍රපට වලට රංගනයෙන් දායක උනු parineeti chopra ත් රංගනයෙන් දායක වෙලා ඉන්නවා ආ ඒ වගේම හින්දි සිනමාවේ අමරණිය නළුවෙක් වෙන anupam kher රුත් ඉන්නවා ඔන්න,චිත්‍රපටයේ කතාව ගැන කියනවා නම් ගුල්ලු කියන්නේ තමන්ගේ හැකියාවට ගැලපෙන රැකියාවක් නොලැබුණු තාත්තා විතරක් ඉන්න තරුණියක් කෙල්ලගේ හීනෙ තමයි ඇමරිකාවට ගිහින් ප්‍රසිද්ධ පාවහන් නිර්මාන ශිල්පිනියක් වෙන එක අපි හැමෝන්ටම එක එක ජාතියේ හින තියෙනවනේ අපි ඒ හින හැබෑ කරගන්න නොකරන දෙයක් නැහැ නේ ඒ වගේ තමයි මෙයාටත් ඕන මොන මගුලක් කරලා හරි ඇමරිකාවට යන්න ඉතින් මෙයා ඒකට තොර ගන්න ක්‍රමේ තමයි ඉන්දියාවේ තියෙන 498a කියන නීති සංග්‍රහය,මෙයා මේක තෝරාගන්න හේතුව තමයි මෙයාගේ තාත්ත ශ්‍රේෂ්ඨාධිකරණයේ පියන් කෙනෙක්,හැබැයි මිනිහා පියන් කෙනෙක් උනාට llb කරපු කෙනෙක්ට වඩා නිතිය දන්නවා,498a කියන්නේ කාන්තාවන් වෙනුවෙන් තියෙන දෑවැදි හිරිහැර පනතක් දන්නවනේ ඉතින් ඉන්දියාවේ දෑවැද්දක් නැතුව කෙල්ලෙක් බන්දන්න බැහැ කියල,ඉතින් ඉන්දියාවේ කෙල්ලෙක් කසාද බඳිනවා කියන්නේ ආයේ කජු කනවා වගේ(ඔන්න අපේ කොල්ලොන්ට ඉන්දියාවේ ගියොත් නොමිලේම කෙල්ලෙක් ගේන්නට පුළුවන්,ලංකාවේ කෙල්ලොන්ගේ අගේ බලන්නේ මොකටෙයි ඉතින් නේ) ඉතින් මෙයාගේ මේ උගුලට අහු වෙන්නේ ලක්නව් වල ඉන්න අසරණ කෝකියෙක් මිනිහගේ නම තමයි තාරික් ඒ උනාට හැමෝම කියන්නේ තාරු කියලා.අසරණ කිව්වට ලක්නව් වල හොඳම කෑම කඩේ තියෙන්නේ මිනිහට මිනිහගේ කෑමකඩේ කොච්චර ප්‍රසිද්ධද කියනවා නම් කට්ටිය පෝලිමේ ඉන්නේ මෙතනින් කෑම කන්න,හරි එහෙනම් මිට වඩා කතාව කියන්න ගියොත් වැඩේ අල වෙනවා ලිපියත් ටිකක් දිගයිනේ,ඉතින් ගුල්ලුට ඇමරිකා ගිහින් පාවහන් නිර්මාන ශිල්පිනියක් වෙන්න ලැබෙයිද? මෙයාගේ 498a නීතියට අහුවෙන තාරුට මොනවා වෙයිද ? මෙයාට මේ නිතිය ඇරෙන්න ඇමරිකා යන්න වෙන විදියක් තිබ්බෙම නැද්ද කියල බලාගන්න Daawat e Ishq(ආදරයේ මංගල්‍ය) නරඹන්න.ගිහින් එන්නම් ජය වේවා.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 850MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

720P 850MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.