Guardians of the Galaxy (2014) සිංහල උපසිරැසි සමඟින්



මුලින්ම කියන්න ඕන යාළුවනේ මේක මගේ 50 වන උපසිරැසි ගැන්වීම. දැනට ටෙලිකතා එක්ක නම් උපසිරැසි 50 පැන්නුවත් චිත්‍රපට වලින් මේක තමයි මගේ 50 වන උපසිරැසි ගැන්විම. ඉතිං මම හිතුවා මගේ 50 උපසිරැසි ගැන්වීම නිල වශයෙන් මේ චිත්‍රපටය හරහා ඔයාලාට ප්‍රකාශ කරන්න. ඉතිං ඒක ගැන වැඩිය කියන්න ඕන නැහැ. මට උපසිරැසි ගානෙන් වැඩක් නැහැ ඔයාලාට හොඳ දෙයක් දෙන්නයි මගේ බලාපොරොත්තුව.

හොඳයි මේ වෙනකොට හැමෝම මේ චිත්‍රපටය ගැන දන්නවාත් ඇති. හදිසියට ඔයාලා ඉංග්‍රීසි සබත් එක්ක චිත්‍රපටය බලන්නත් ඇති. DVDRip එක එන්න කලින් මේ චිත්‍රපටයේ යම් කිසි ගුණාත්මක භාවයකින් යුතු කොපියක් ආවත් ඒකට ආපු ඉංග්‍රීසි සබ් එක නම් පිළිගත හැකි මට්ටමේ තිබුනේ නැහැ. R6 කොපියක් නිසාද දන්නෙ නැහැ. ඇතැම් හඬකොටස් පැහැදිලිව තිබුනෙ නැහැ. ඉතිං මාර්වල් කොමික් ලාගේ සුපිරි මූවියක් නිසා හොඳ කොලිටි සබ් එකක් එනකං බලාගෙන හිටියා. ඉතිං මේ ඒ කර්තව්‍යයේ අවසන් අදියරයි. එනම් සබ් එක ජනසතු කරන අවස්ථාවයි.

චිත්‍රපටය ගැන කියන්න කලින් ඔයාලාට ලෝකෙ සුප්‍රසිද්ධ කොමික් අයිති කාරයින් ගැන ටිකක් කියලා ඉන්නම්. සාමාන්‍යෙයන් ගත්තාම කොමික් කිව්වොත් අපේ ගොඩක් අයගේ කටේ තියෙන්නේ DC Comic ගැන නේ. DC Comic කට්ටියගේ කතාගැන ටිකක් කිව්වොත් ස්පයිඩර් මෑන්, සුපර් මෑන්, බැට් මෑන්, ඇරෝ, ෆ්ලෑෂ් වගේ සුපිරි කතා හඳුන් වන්න පුළුවන්. DC Comic ක්ලා මුලින්ම පටං ගැනුනේ 1934 දී හැබැයි Marvel Comic ආරම්භ වන්නේ 1939 දී. ඒ කියන්නේ මෙයාලා ටිකක් කරට කර කොමික් පොත් හදපු අය. ඉතිං අද චිත්‍රපටය හැදෙන්නේ Marvel Comic අය විසින් ජන සතු කරපු කතාවක්. Marvel කියන වචනයෙන්ම අපි දන්නවානේ චිත්‍රපට කර්මාන්තයක් කියලා. Marvel චිත්‍රපටය ආයතනය තවත් ඇමරිකානු හොලිවුඩ් සුපිරි චිත්‍රපට කර්මාන්ත හයෙන් එකක් වන Disney ආයතනයට නෑකම් කියනවා. ඒවගේම DC Comic ගත්තොත් ඔවුන් නෑකම් කියන්නේ Warner Bros. ආයතයට. Marvel Comic ගැන කිව්වොත්, වර්තමානයේ ලෝක සිනමාවම හොල්ලගෙන ඉන්නෙ ඔවුන් කිව්වොත් නිවැරදියි. අයන් මෑන්, හල්ක්, තෝර්, කැප්ටන් ඇමරිකා, ඇවේන්ජස් වැනි කතා වත්මන් සිනමාවට නැතුවම බැරි කොමික් චිත්‍රපට කිව්වොත් නිවැරදියි. ඉතිං අද මම මේ දෙන්න යන චිත්‍රපටයත් Marvel Comic ලාගේ නවතම Comic චිත්‍රපටය වන ගාඩියන් ඔෆ් ද ගැලැක්සී කියන චිත්‍රපටයයි.

මේ කතාව තනිකරම ෆැන්ටසි සිද්ධි වලින් පිරිලා තියෙන්‍ නේ. මොකද චිත්‍රපටයේ හඳුන් වන, මන්දාකිනිය හා පෘථීවිය අයිති සක්වල අපි සාමාන්‍යෙන් දකින විදිහ නෙවෙයි, මෙහි බලය ලබාගන්නේ විවිධ ග්‍රහ ලෝක වල ලොක්කන් අතර ඇතිවන ගැටුම් වල ජයග්‍රහන මගින්. අපේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන පීටර ක්විල් පෘථීවියේ මනුෂ්‍යෙයක්. ඔහු පොඩි කාලේ සිටියදී දවසක් යම් කිසි ආකාශ වස්තුවක් ඇවිත් ඔහු අරගෙන යනවා. ඒ පිටසක්වල යානයකින්. ඉතිං ඔහු ලොකු වුනාම මන්දාකිනියට අයිති විවිධ වටිනා වස්තූන් සොරකම් කරගෙන මුදල් උපයන කණ්ඩායමක තමයි ජීවිතය ගත කරන්නේ. මේ අතර ඔහු සොරකම් කරපු එක්තරා බෝලයකට හැමෝම ඉල්ලුම් කරන්න ගන්නව. හැම ලොක්කෙක්ම ඒක හොයන්නෙ ඇයි කියලා ඔහු බලද්දි තමයි සිද්ධිය තේරුනේ. ඉතිං අපි බලමු මොකක්ද මේ වටින බෝලය කියලා. මන්දාකිනියේ ආරක්ෂකයෙක් වෙන්න ඒ බෝලය කෙතරම් වැදගත් වෙනවද කියලා බලමු.

ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ, චිත්‍රපටය නිපදවලා තියෙන්නේ Marvel Studios විසින්. ඒ කියන්නේ Marvel Comic චිත්‍රපටයක් තමයි මේකත්. චිත්‍රපයේ ප්‍රධානම නළුව වන Peter Quill ට පණ පොවන්නේ Chris Pratt විසිනුයි. ඔහු ලබන වසරේ තිරගත වීමට නියමිත Jurassic World චිත්‍රපටයේ Owen ගෙ චරිතයටද පණ පොවනවා. ප්‍රධානම නිළි චරිතය වන Gamora ට රඟ පාන්නේ Avatar (2009) හා Star Trek Into Darkness (2013) වැනි චිත්‍රපට වල රඟ පෑ සුපිරි නිළි Zoe Saldana විසිනුයි. ඇය තවමත් තිරගත වෙමින් පවතින The Book of Life චිත්‍රපටයේ Maria ගෙ චරිතයට හඬකැවීමෙන් දායක වනවා. තව සුපිරි රෙස්ලින් චරිතයක් වන Dave Bautista ත් මේ චිත්‍රපටයේ Drax ගෙ චරිතයට පණ පොවනවා. ඉතිං IMDb වෙබ් අඩවියේ 8.5 සුපිරි රේටින් ප්‍රමාණයක් ලබාගත් මේ චිත්‍රපටය දැන් ඔයාලාට විවෘතයි. එහෙනම් තවත් සුපිරි චිත්‍රපටයකින් හමුවෙමු




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 650MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
520MB DVDRIP Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 650MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.