Idhu Kathirvelan Kadhal (2014) සිංහල උපසිරැසි සමඟින්




අපි ඔයාට උප්පත්තිය දීලා....ඔයාව ආසාවෙන් වඩාගෙන.....පොඩි කාලේ ඔයාගේ අතින් අල්ලගෙන ඇවිද්දවලා.......මගෙ පුතා මොන කමිසේ ඇන්දහමද ලස්සන?.....මගෙ පුතාට මොන ඉස්කෝලෙද හරියට ඉගෙන ගන්න පුළුවන්?.....මොන කෑමද කන්න හොද?.....මේ හැමදේම හරියට හොයලා බලලා කරලත්...අපි දන්නෙවත් නැතුව කොහෙන්ද පුතේ මේ ආදරයක් ආවේ?.....

ඔන්න එහෙනම් මම ඔයාලට තවත් ලස්සන චිත්‍රපටියක් අරගෙන ආවා.මේක ලස්සන ආදර කථාවක් තියන චිත්‍රපටියක්.මේක බාර අරගෙන මාසයක් විතර වෙනවා.වැඩ හින්දා දෙන්න පරක්කු වුනා.මේක රගපාන්නෙ UDHAYANIDHI STALIN,NAYANTHARA,SANTHANAM නළු නිළියන්. NAYANTHARA රගපාන ඒවා ගැන කියන්න දෙයක් නෑනේ. RAJA RANI,Nee Enge En Anbe (2014) චිත්‍රපටි බලන්න ඇතිනෙ.මේකත් ඒ වගේම ලස්සන චිත්‍රපටියක්.මේක සමහර කට්ටියනම් බලලා ඇති.මොකද මේක එකපාරක් ටී.වී එකේ ගිහින් තියනවද කොහෙද.

කථාව ගැන වැඩිය කියන්න යන්නේ නෑ.මොකද කියනවට වැඩිය බාගෙන බලන එක තමයි වටින්නේ.මේකෙ කදිර් (UDHAYANIDHI STALIN) ගේ තාත්තා කියන්නේ ආදරේට අකමැති කෙනෙක්. කදිර්ගේ අක්කත් ආදරේ කරලා බොරු කෙරුව නිසා කදිර්ගේ තාත්තා ආදරේ ගැන පුදුම තරහකින් ඉන්නේ.ඔය අතරේ අක්කාගේ ගෙදර ප්‍රශ්ණයකට තාත්තාට හොරෙන් කදිර් අක්කාගේ ගෙදර යනවා ඒ ප්‍රශ්ණෙ විසදන්න.එහෙදි තමයි කදිර්ට පවිත්‍රා (NAYANTHARA) හම්බවෙන්නේ.කදිර් කොහොම හරි පවිත්‍රාට ආදරේ කරන්න ගන්නවා.ආදරේ කරනව කිව්වට එක පාරටම ඒක වෙන්නේ නෑ පවිත්‍රාට පොඩි ප්‍රශ්ණ වාගයක් තියනවා.ඒ මොනවද කියලත්,කදිර්ගේ තාත්තා මේකට කැමති වෙයිද කියලත් ඔයාලම බාගෙන බලන්නකො.

එහෙනම් තවත් ලස්සන චිත්‍රපටියකින් හම්බෙනකම් ඔබට ජය....!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සූලාන් සම්පත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.