Poda podi (2012) සිංහල උපසිරැසි සමඟ




ඔන්න එහෙනම් අපෙන් කරලා තිබ්බ ඉල්ලිමක් ඉටු කරන්නයි යන්නේ මේක කට්ටිය ඉල්ලලා තිබ්බ චිත්‍රපටියක්.2012 නිකුත් උන චිත්‍රපටියක්. හැමදාම අලුත් දෙමළ චිත්‍රපටි දෙන එකේ පරණ දෙමළ චිත්‍රපටියකුත් දෙන්න හිතුනා. මේකෙත් කිසිදු භාෂාවක උපසිරැසියක් අන්තර්ජාලයේ නැහැ. ඉතින් අංකන දත්ත පිටපතේ ඉදලා හැමදෙයක්ම අපිම නිර්මාණය කරපු එවා තමයි.

චිත්‍රපටිය ගැන කියනවා නම් නිශා කියන්නේ ලන්ඩන් වල ජිවත් වෙන ජිවිතය ඉතාමත් සරළව ගෙවන නර්තන ශිල්පිනියක් වෙන්න හින දකින ගැණු ළමයෙක්.මෙයාගේ මේ විනෝදකාමි ජිවිතේට අහම්බෙන් වගේ කෙනෙක් එනවා ඒ අර්ජුන්. දෙන්නා කොහොම හරි යාළුවෙනවා. නිශා ලන්ඩන් වල සංස්කෘතියට හැදුනු වැඩුන කෙනෙක් නිසා ගොඩක් පිරිමි ළමයි පවා ආශ්‍රය කරනවා. අනික නර්තන ශිල්පිනියක් නිසා තවත් ගොඩක් ලඟින් ආශ්‍රය කරනවා. අර්ජුන්ට නිශා කියනවා. තමන් නර්තනය කියන එක අතහරින්නේ නැ ඒ නිසා කසාද බැන්දත් තමන් නර්තනය කරන එක එයාට එක ප්‍රශ්නයක් නැත්ද කියලා. ආදරය කරන කාලේ ඕන එකක් කියලා අර්ජුන් කියනවා ඒකට කමක් නැහැ කියලා. පස්සේ දෙන්නා කසාද බදිනවා. හැබැයි බැන්දට පස්සේ අර්ජුන් නිශාට නිති රිති දාන්න පටන්ගන්නවා. නටන්න යන්න බැහැ කොල්ලෝ වැඩිය ආශ්‍රය කරන්න බැහැ. දැන් බැදලා ඉන්නේ වගේ එවා කියලා..දැන් දෙන්නාගේ ආදරේට මොනා වෙයිද? එක ඉතින් චිත්‍රපටිය බලලා දැනගන්න කියලා ආරාධනා කරන ගමන් තවත් හොද දමිළ චිත්‍රපටියකින් ලඟදිම හමුවෙමු.




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
650MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


650MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කේවින් සීඩි හවුස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.