Smallville S01 E01 - E21 සම්පූර්ණ කතාසමය සිංහල උපසිරැසි සමඟ



මෙවර කතාමාලාවෙන්..
මුලින්ම මේ කතාමාලාව දෙන්න අපි කතා කරගෙන දැන් මාස 8ක් පමණ වෙනවා. මුල්ම අදහස දැම්ම ගමන් මේකේ සිසන් 10ක් තියනවා කොටස් 200කට අධික නිසා ඇඩ්මින් ඇතුලු අපි කතා කලේ කතාවේ අඩුම කොටස් 50ක් වත් සම්පුර්ණ නොකර කතාව ඔයාලාට නොදෙන්න. සිසන් 1 ගිය අගොස්තු වෙද්දි ලැස්ති කරලා ඉවරයි එත් අපේ ටාගට් එක එනකම් බලන් හිටියා. දැනට මේ කතාමාලාවේ තෙවැනි අදියරේ අවසන් කොටස් වල වැඩයි නිමවෙන්නේ. දෙසැම්බර් මාසයේ මෙහි දෙවැනි අදියර ඔයාලට ලැබේවි. ඒක ගැන මතක් කරලා ඉන්න එක හොදයි කියලා මුලින්ම හිතුනා. හරි දැන් කතාව පැත්තට හැරෙමු.

Superman කියන චරිතය ලොවට දායාද කලේ DC කොමික්ස් කියන ලොව සුපතල කොමික්ස් ආයතනයයි. මේ චරිතය මුල් වරට හඳුන්වා දුන්නේ 1932 දී Jerry Siegel සහ Joe Shuster කියන නිර්මාණ ශිල්පින් දෙදෙනා විසිනුයි. ඒ එකල Detective Comics, Inc ලෙස හැඳින්වූ සහ අද DC කොමික්ස් කියන ආයතනයේ කොමික්ස් පොතකටයි. සුපර් මෑන් කියන්නේ පෘතුවියේ මනුෂයෙක් නෙමෙයි. කොමික් පොත් වල සඳහන් වන අයුරින් ඔහු පැවතෙන්නේ Krypton කියන ග්‍රහ ලෝකයෙන්. ඔහුගේ පියා විද්‍යාඥයෙක්. නමුත් ඔවුන්ගේ ග්‍රහ ලොවේ සිදුවෙන විනාශ වීමක් නිසා ඔහුව ඔහුගේ පියා කුඩා කාලයේදීම රොකට්ටුවකින් පෘතුවියට එවනු ලබනවා. පසුව පෘතුවියේ Smallville කියන කුඩා ගමේ ගොවිපල යුවලක් විසින් මේ ළමයට Clark Kent කියා නම තබා ඔහුව හදා වඩා ගන්නවා. නමුත් ටික කාලයක් යන විට ඔහුගේ විශේෂී හැකියාවන් පෙන්නුම් කරන්න පටන් ගන්නවා. පසුව ඔහු Daily Planet නම් වූ පුවත්පත් ආයතනයේ වැඩ කරනවා.

මුල් වරට සුපර් මෑන් චරිතය මෝෂන් චිත්‍රපටියක් ලෙස නිකුත්වෙලා තියෙන්නේ. වර්ෂ 1978 දීයි. එතැන් පටන් Superman I, II, III, IV ලෙස කොටස් හතරක් 1987 වර්ෂය දක්වා තිරගත කරලා තියෙනවා. එහිදී ක්ලාර්ක් කෙන්ට් ගේ චරිතයට පණ දුන්නේ සුප්‍රසිද්ද නළු Christopher Reeve විසිනුයි. ඒ වගේම ක්ලාර්ක් කෙන්ට් ගේ Krypton කියන ග්‍රහ ලෝකයෙ පියා ලෙස රංගනය යෙදුනේ ලොව මහ සිනමා නළු Marlon Brando විසිනුයි. පසු කාලීනව ක්ලාර්ක් කෙන්ට් ගේ තරුණ අවදය අලලා රුපවාහිනී කතා මාලවකුත් නිපදවනු ලැබුවා Smallville නමින්. ඔන්න අද ඒ කතාව තමයි සිංහල උපසි‍රැසි සමඟින් ඔබ වෙත තිලිණ කරන්න අපි සූදානම් වෙන්නේ.

Alfred Gough හා Miles Millar (පලමු කතා සමය) අතින් නිර්මාණය වූ "Smallville" රූපවාහිනි කතාමාලාව 2001 වසරේ ඔක්තෝම්බර් මස 16 වැනි දින WB නාලිකාව හරහා විකාශය අරඹා 2011 වසරේ මැයි 13 දින අවසන් වුනා..කෙසේ නමුත් WB නාලිකාවෙ විකාශ කිරීම ඇරඹුවත් පසුකාලීනව CW නාලිකාවේ තමයි අවසාන කතා සමයන් කිහිපය විකාශය වුනේ.The WB (2001 - 2006) The CW (2006 - 2011) පලමු කතාසමය කොටස් 21කින් සමන්විත වන අතර Tom Welling, Michael Rosenbaum, Kristin Kreuk, Annette O'Toole, John Schneider, Sam Jones III, Allison Mack, and Eric Johnson යන අය පලමු කතාමාලාව තුල නිතර දකින චරිත නිරූපණයෙන් රංගන දායකත්වය සපයා තිබෙනවා.මේ කතාමාලාව ප්‍රේක්ෂකයන් අතරේ සෑහෙන්න කතාබහකට මෙන්ම ජනප්‍රියත්වයට පත් වූ එකක්,මොකද මෙම කතාමාලාව කතා සමයන් 10ක් පුරාවට දිව යනවා.Outstanding Sound Editing for a Series - Primetime Emmy Awards 2008 ,Top TV Series - ASCAP Film and Television Music Awards 2002 වැනි සම්මාන 33ක් දිනාගනිමින් සම්මාන 151කට නිර්දේශ වෙලා තිබෙනවා,ඒකෙන්ම හිතාගන්න පුලුවන් නේ කතාවේ තරම.ස්වාධීන රූපවාහිනියේ මෙහි පලමු කතාසමය විකාශය වුනා ඔබට මතකද දන්නෙ නෑ,කොහොමද වුනත් බලපු නොබලපු අයට මතකය අලුත් කරගන්නත් එක්ක දැන් සිංහල උපසි‍රැසි zOOm.lk වෙතින් තිලිණ කිරීමට සූදානම්.

සුපර් මෑන් හෙවත් සුපිරි මිනිසා බිහිවුණ හැටි තමයි මෙහි කතා තේමාව වෙන්නේ.ස්මාල්විලේ නම් ගම්මානයට උල්කා වර්ෂාවකින් කුඩා දරුවෙක් පැමිණෙනවා.එම කුඩා දරුවාව කුඩා ගොවිපළක් කරමින් සිටින මාර්තා නම් ජොනතන් කෙන්ට් නම් යුවළ විසින් හදා වඩා ගන්නවා.ඔහුට ඔවුන් විසින් ක්ලාක් කෙන්ට් ලෙස නම් තබනවා,කුඩා කල ඔහු සාමාන්‍ය කෙනෙක් ලෙස සිටියත් වැඩෙත්ම ඔහු තුල අමුතු හැකියාවන් ඉස්මතු වෙනවා.ඔහු ස්මෝල්විලෙ වෙත පැමිනියාට පසු අමුතු අමුතු දේවල් සිදුවෙන්නත් පටන් ගන්නවා.ක්ලාක් කෙන්ට් හට මිතුරන් කිහිප දෙනෙකුවත් හමුවෙනවා,ඉන් ගොඩක් අය මිතුරු වෙස් ගත් හතුරන් බව පසුකාලීනව ක්ලාක් කෙන්ට් හට වැටෙහෙනවා.මොහුගෙ හැකියාවන් ඔහුව හදාවඩා ගත් දෙමව්පියන් දත් නමුත් ඔවුන් ඒ සෑම දෙයක්ම මිනිසුන්ගෙන් සඟවා තබා ගන්නවා,එමෙන්ම ක්ලාක්ගේ හැකියාවන් යහපත් දේ කිරීම සඳහා පාවිච්චි කරන්නට ඔහුව යොමුකිරීමට දෙමව්පියන් වඟ බලාගන්නවා.ක්ලාක් තම හැකියාවන් යොදා ගනිමින් තම මිතුරන්ට රහසිගතව උදව් උපකාර කරනවා.ඒ වගේම ඔහු කරන දේවල් හින්දා විවිධ අය ඔහුව සැකකරන්න පටන් ගන්නවා,කොහොමහරි ක්ලාක් හට පෙම්වතියන් දෙදෙනෙකුවත් සමබරව පවත්වාගෙන යමින් සැබෑ මිතුරන් සමඟ එක්වී ඔහුට බලගතු සතුරන් හටත් මුහුණ දීමට සිදුවෙනවා.ලෝකය යහපත් තැනක් කිරීමට ඔහු උත්සහ කරන අතර පසුකාලීන්ම තමා ඇත්තෙන්ම කවුද යන බව ක්ලාක් සෙවීමට පෙළඹෙනවා.ක්ලාක් ඇත්තටම කවුද? අසාමාන්‍ය බලයක් ඔහුට ලැබුණේ කොහොමද කියලා දැනගන්න අද සිට අපිත් සමඟ එකතුවෙන්න ඇරයුම් කරනවා.

ක්ලාක් ගේ මිතුරන් මෙන්ම සතුරන් ගැනත් සඳහනක් කලොත්, කතාවේ වීර චරිත -Superman ,Green Arrow,Impulse/Flash,Aquaman,Acrata,Cyborg,Martian Manhunter,Black Canary,Legion of Super-Heroes,Supergirl,Booster Gold,Blue Beetle,Justice League,Justice,Society of America,The Wonder Twins,Zatanna,Mera,Superboy

සතුරු චරිත -Lex Luthor,Darkseid,Doomsday,Brainiac,General Zod,Lionel Luthor,Lionel Luthor (Earth-2),Bruno Mannheim,Bizarro,Metallo,Mr. Mxyzptlk,Morgan Edge,Persuader,Toyman,Injustice League,Faora,Amanda Waller,Checkmate,Suicide Squad,Maxwell Lord,Silver Banshee,Ultraman (අප ලබා දි ඇති ටොරන්ට් පටයට ගැලපෙන ලෙස පමණක් උපසිරැසි නිකුත් කල ඇති අතර කරුණාකර ලබා දි ඇති ටොරන්ට් පටය පමණක් ලබාගන්න.)



කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.




No comments

Powered by Blogger.