The Maze Runner (2014) සිංහල උපසිරැසි සමඟ



ඔන්න ඉතින් තවත් උපසිරැසියක් අරගෙන එන්න අවස්ථාවක් ලැබුනා, මේක ඉතින් මම කලින්ම බාරගෙන තිබුන චිත්‍රපටයක්, ඒකට ගොඩක්ම හේතුව ඩයිලන් ඕ බ්‍රයන් රංගනයෙන් දායක වෙන එක, මම මේ ගැන කලිනුත් ලිපියක් පළ කලා මතක ඇතිනේ ඒකට මෙතනින් යන්න! චිත්‍රපටය ගැන විස්තර කරනවනම් 2014 සැප්තැම්බර් 19 වෙනිදා තමයි මේක ලොවපුරා තිරගතවීම ආරම්භ වෙලා තියෙන්නෙ, 2009 අවුරුද්දෙ ජේම්ස් ඩෑශ්නර් විසින් රචනා කරපු The Maze Runner ග්‍රන්ථය පාදක කරගෙන නිර්මාණය කරපු මේ චිත්‍රපටයේ අධ්‍යක්ශණය සිදු කරලා තියෙන්නෙ වෙස් මෝල් විසින්. එලන් ගෝල්ඩ්ස්මිත්, වයික් ගෝඩ්ෆ්‍රේ, මාර්ති බොවිස් සහ ලී ස්ටෝල්මන් සම සමව චිත්‍රපටයේ බර පැන දරලා තිබෙනවා, ඒ ඇමරිකානු ඩොලර් 34ක්, නෝහා ඕපන්යිහෙයිම් සහ TS නොවේලින් තිර රචනය සිදු කල මෙහි සිනමාකරණය එන්වික් චෙඩියැක් විසින් සිදු කරලා තිබෙනවා, මෙහි දර්ශන තල විදියට.... ඇමරිකාවේ ලුවිසියානා වගේම බැටින් රවුජ් නඟර යොදාගෙන තියෙනවා, මෙය ලොව පුරා ආදායම් වාර්තා තබමින් ඩොලර් මිලියන 334කට ආසන්න ආදායමක් උපයාගන්න සමත් වෙලා තියෙනවා, IMDB දර්ශකයේ 7.3 වගේ ඉහළ අගයක් ලබාගන්නත් මෙය සමත්කම් දක්වලා තියෙනවා, මේකෙ දෙවෙනි කොටසක් නිර්මානය වෙන කතාවත් චිත්‍රපටයේ අන්තිමට සදහනක් තියෙනවා, එහෙනම් කතාව පැත්තට හැරෙමු,

තෝමස් එහෙම නැත්නම් ඩයිලන් ඕ බ්‍රයින්, එකපාරටම කූඩුවක් ඇතුලෙන් අවදි වෙනවා, එයා ඇවිත් ඉන්නෙ අමුතුම තැනකට, මෙතන එයා වගේම තවත් තරුණයන් ගොඩක් අය ජීවත් වෙනවා, හැබැයි මේ කාටවත් ඒ අයගෙ අතීතයේ කිසිම දෙයක් මතක නෑ, මෙතනට තෝමස් එනකොට එයාට එයාගෙ අතීතයේ කිසිම දෙයක් මතක නැති වුනත් එයාගෙ නම තෝමස් කියන එක මතක තියෙනවා, ඉතින් මේ තෝමස් ඇවිත් ඉන්න තැන අමුතුම තැනක්, එතන ලොකු තාප්පයක් තියෙනවා ඒ ටහප්පෙන් එහා පැත්තේ තියෙන්නෙ විශාල වංකගිරියක්, එතකොට මේ තරුනයන් සෙට් එක ජීවත් වෙන්නෙ මේ තාප්පෙන් මෙහා පැත්තේ එයාලා ඉන්න තැන හදුවන්නේ, ග්ලේඩ්ස් විදියට, මේ ග්ලේඩ්ස් වල අයට කරන්න තියෙන්නෙ මේ වංකගිරිය ඇතුලට ගිහින් එතනින් පිටවෙන පාරක් හොයාගන්න එක, ඒත් ඒක හැමෝටම කරන්න බෑ, ඒ විදියට වංකගිරිය ඇතුලට යන්න ධාවකයෙක් වෙන්න වෙනවා, ධාවකයන්ට විතරයි ඇතුලට යන්න පුලුවන්, හැබැයි වංකගිරියෙ පාරවල් හැම දෙයක්ම හැම රෑකම වෙනස් වෙනවා, හැබැයි රෑට වංකගිරිය ඇතුලේ ඉන්න බෑ ග්‍රිවර්ලා කියන අයත් එක්ක රෑට වංකගිරිය ඇතුලෙ කාටවත්ම බේරෙන්න ලැබෙන්නෙ නෑ, හැබැයි තොමස් ග්ලේඩ්ස් වලට ආව දවසෙ ඉදන් හැම දෙයක්ම වෙනස් වෙන්න ගන්නවා, ඒ වගේම ග්ලේඩ්ස් වලට තවත් කෙනෙක් එනවා, ඒ ගෑනු ලමයෙක්, හැබැයි එයාට අතීතයෙ සමහර දේවල් මතක තියෙනවා, එහෙනම් ඉතින් කවුද මේ ගෑනු ලමයා, එයාට විතරක් අතීතය මතක තියෙන්නෙ කොහොමද? තොමස් කියන්නෙ කවුද? එයාට ග්ලේඩ්ස් වල අයව වංකගිරියෙන් එලියට ගෙනියන්න පුලුවන් වෙයිද?, කවුද මේ තරුනයන්ව මේ වංකගිරිය ඇතුලට දැම්මේ? ඒකට හේතුව මොකද්ද? කියන ප්‍රශ්ණ වලට උත්තර මේ චිත්‍රපටය නැරඹුවාට පස්සෙ දැනගන්න පුලුවන්, මේ මිනිස්ස්තු 113 පුරාවටම ක්‍රියාදාම, කුතුහලය අඩුවක් නැතුව කිසිම කම්මැලිකමක් නැතුව නරඹන්න පුලුවන් කියලා සහතික කරන්න පුලුවන්, එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්, තවත් උපසිරැසියක් සමඟ හමුවෙමු, ඔයාලට මුහුණු පොතෙන් මාව සම්බන්ද කරගන්නත් පුලුවන්, https://www.facebook.com/supunwee



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුපුන් වීරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.