Thunder and the House of Magic (2014) සිංහල උපසි‍රැසි සමඟ

ඔන්න ඉතින් අද ඇනිමේෂන් චිත්‍රපටියක් අරගෙනයි ආවේ. මුලින්ම කියන්න ඕනේ මේ මගේ පළවෙනි චිත්‍රපට උපසිරැසි ගැන්වීම.ඉතින් ඒකත් ඇනිමේෂන් එකක් තමයි තෝරාගත්තේ. හරි එහෙමනම් අපි චිත්‍රපටය ගැන පොඩ්ඩක් කතා කරමු. මේ චිත්‍රපටය නිකුත්වෙලා තියෙන්නේ 2013 වර්ෂයේදී. 6.3ක IMDB අගයක් වාර්තා කරන්නත් මෙය සමත්වෙලා තිබෙනවා. මේ කතාව ගෙතෙන්නෙ පුංචි පූසෙක් වටා. මේ පූසව මෙයාගේ අයිති කාරයා පාර අයිනේ දාල යනවා. ඉතින් ඊටපස්සේ මේ පූසා ඉන්න තැනක් හොයාගෙන යද්දී ඔහුට හමුවෙනවා මැජික් කාරයෙක්ගේ ගෙදරක්. මේ ගෙදර අයිති කාරයා තමයි ලෝරන්ස්. ඉතින් මේ පූසා මේ ගෙදරට යනවා. නමුත් මේ ගෙදර ඉන්න අනිත් සුරතල් සතුන් නම් ඔහුට කැමති වෙන්නේ නෑ. මොකද ඔවුන්ට තියෙන ආදරය අඩුවෙයි කියල.කොහොම නමුත් ලෝරන්ස් කියන මැජික් කාරයා දැන් වයසක කෙනෙක්. මේ ලෝරන්ස්ට ඉන්නවා ඥාති පුතෙක්. ඔහුගේ නම ඩැනියල්. ඉතින් මේ ඩැනියල් හදන්නේ වයසක ලෝරන්ස්ගේ නිවස විකුණලා ලෝරන්ස්ව විශ්‍රාම නිවාසයකට යවන්න. ඒ වගේම ඩැනියල්ට පූසන්ව ආසාත්මිකයි. ඉතින් කොහොමහරි කතාවෙන් කියවෙන්නේ මේ පූසා අනිත් සත්තුන්වත් යාළු කරගන්න අතරේ ඩැනියල්ගෙන් නිවස බේරගන්න හැටි තමයි. මං හිතනවා මේ ලස්සන චිත්‍රපටයට ඔයල හැමෝම කැමති වෙයි කියල.
එහෙනම් හැමෝටම චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරනවා.




පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සසිත ලයාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.