Varuthapadatha Valibar Sangam (2013) සිංහල උපසිරැසි සමඟින්



අලුත් එවා වගේම පසුගිය අවුරුදු වලත් චිත්‍රපටිත් ඉල්ලලා තිබ්බ එකේ ඔන්න එහෙනම් තවත් නියම කොමඩි චිත්‍රපටියක් අරන් ආවා. කට්ටිය බලන්න ඇති නේ Maan Karate චිත්‍රපටිය. ඒ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය කරන Sivakarthikeyan තමයි ප්‍රධාන චරිතයට පණපොවන්නේ.කතාව ගැන මෙහෙම කියන්නම්කෝ අපි හැමෝම මොනවට හරි දේකට හරිම ආදරෙයි. එක් එකි නෙකාට වෙසන් වෙනවා මේ කතවෙත් එන්නවා ඒ වගේ එක දේකට ආදරය කරන කෙනෙක්. ඒ තමයි සිවනාන්ඩි. එයා මේ ගමේ ඉන්න ලොකු මැරයෙක් හැමෝම මෙයාට බයයි විරුද්ධව වචනයක් කියන්නේ නෑ එතකොට මෙයා මොකටද ආදරේ කරන්නේ? ඒ තමයි සුද්දන් රටෙන් යනකොට මෙයාගෙ සීයට තෑගි කරලා ගිය තුවක්කුවට. ඒකට පන වගේ ආදරෙයි. සිවනාන්ඩිට දුවලා 3න් දෙනෙක් ඉන්නවා හැබැයි එයා ආදරේ තුවක්කුවට. කොයි වෙලෙත් ඒක පිටේ දාගෙන තමයි ගමන් යන්නේ. ඒක පිටේ තියෙනවා කියන්නේ එයාගේ ආඩම්බරකම තවත් වැඩ කරනදෙයක්. කතාව පටන් ගද්දිම ලොරි කාරයන් දෙන්නෙක් රන්ඩු වෙන සීන් එකකින් තමයි පටන් ගන්නේ. ඒ අතරේ එක තැනක ලොරි කායෙක් කියනවා සිවනාන්ඩි එයාගෙ එක දුවෙක් කොල්ලෙක් එක්ක පැනලා ගියා කියලා එයාලව හොයලා මරලා දැම්මා කියලා. ඒ ගැන ටිකක් ලොකුවට කතාව යනවා අන්තිමට පොලීසියෙන් මේක ගැන හොයලා සිවනාන්ඩිව වැරදි කාරයා විදිහට අත්අඩංගුවට ගන්නවා. තමන් මැරුවා කියලා සිවනාන්ඩිත් පිලිගන්නවා. හැබැයි මේ ගමේ ලොකු තැනක් සිවනාන්ඩිට තියෙනවා. ගමේ නම තියෙන්නෙත් එයාගෙ සීයගෙ නම.


කතාවේ ඔය අතරේ තවත් කතාවක් පෙන්වනවා ගමේ කොල්ලෙක් ඉන්නවා බොස්පාන්ඩි කියලා. මේ කෙනා ඉස්කොල් ටිචර්ට ලයින් පාරක් දානවා. ටිචර්ට දෙන ලව් ලෙටර් යවන්නේ සිවතාන්ඩි ගේ මද්දුම දුවගේ අතේ...අන්තිමට ටිචර් කෙසේ වෙතත් සිවතාන්ඩි ගේ දුව තමයි බොස්පාන්ඩ්ට සෙට් වෙන්නේ...මෙහෙම කිව්වාට කතාවේ සැහෙන්න දෙයක් වෙනවා..කොහොම හරි බොස්පාන්ඩි කියන්නේ වැඩක් ඵලක් නැතුව හෙන විනෝදෙන් ඉන්න කෙනෙක්...ඉතින් මේ වගේ කොල්ලෙක්ට ජිවිතේටවත් සිවතාන්ඩි කැමැති වෙන්නේ නැහැ.දැන් කතාවේ අර මුලම සිවනාන්ඩි මැරුව කෙල්ල මේ බොස්පාන්ඩි යාළු උන ගැණු ළමයාද? නැත්නම් වෙන කෙනෙක්ද? ඇයි තමන්ගේ දුවව කොල්ලෙක් එක්ක ගියා කියලා මරන්නේ. ඒතරම් දරුනු කෙනෙක්ද මෙයා. නැත්නම් මේක වෙන කාරනයක්ද, ගමේ අය මේක ගැන මොකද කියන්නේ, මේ සියල්ලම ගැන දැන ගන්නනම් අරගෙනම තමයි බලන්න වෙන්නේ. එහෙනම් කට්ටිය අරන්ම බලන්නකෝ.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කේවින් සීඩි හවුස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.