Yennamo Yedho (2014) සිංහල උපසිරැසි සමඟින්



ඔන්න යාලුවනේ අපේ ආදරය කරන යාලුවන් වෙනුවෙන් 2014 වර්ශයේ තිරගත උන තවත් නිර්මාණයක් අරන් ආවා. මතක් කරන්න ඕනේ මේකෙ කිසිදු භාශාවක සබ් එකක් අන්තර්ජාලයේ නැත. ඒ නිසා අපේ යාලුවන් වෙනුවෙන් මම මේකෙ ලයින් අලුතින් නිර්මාණය කරලා සබ් එකත් දාල අරන් ආවා. මොකද අපේ රසිකයින්ට සබ් එනකන් බලන් ඉදලා පරක්කු කරන්න කරන්න බෑනේ. අපි කොහොම හරි දෙනකම් ඔයාල බලන්න ඉන්න බව අපි දන්නවානේ. ඒ නිසා තමයි අද මේ දමිල චිත්‍රපටය අරන් ආවේ. එහෙනම් මේ චිත්‍රපටිය ගැන ටිකක් කතා කරමු.

පී රවිකුමාර් විසින් අධ්‍යක්ෂනය කරන ලද මේ සලරුව සඳහා රංගනයෙන් දායක වන්නේ ගෞතම් කාර්තික් සහ රකුල් ප්‍රීත් සින්ග් විසින්. ගෞතම් නම් දමිල සිනමාවට අලුත් නමුත් නිලිය නම් 2009 වසරේ රංගනය ලොවට ආපු කෙනෙක් නමුත් දෙදෙනාම සමස්තයක් වශයෙන් රංගනට ටිකක් අලුත් අය උනත් රංගනය නම් අති විශිෂ්ඨයි. මේක ආදර වෙනුවෙන් නිර්මාණය උන ලස්සන සලරුවක් නිසා මේක රන්ඩු නම් ඇත්තෙම නෑ. 2014 අප්‍රේල් 25ස් වන දින පලමු වරට තිරගත වන මෙය. දමිල භාෂාවෙන් පමනක්ම නිර්මාණය වී ඇත. එහෙනම් බලමු කතාවෙ මොකද වෙන්නේ කියලා.

කතාව පටන් ගන්නේ චක්‍රවතී කියලා කෙනෙක් අපේ කතා නායකයා ගෞතම්ව පැහැර ගන්න සීන් එකකින්. මෙහෙම පැහැර ගත්ත ගෞතම්ගෙන් ඔහු එයාගෙ කතාව අහනවා. ගෞතම් කතාව කියන එක තමයි අවසන් වෙනකම්ම වගේ තියෙන්නේ. ගෞතම්ගෙ කතාව පටන් ගන්නේ එයා සිම්රන් කියලා ගෑනු ලමයෙක්ට ආදරය ප්‍රකාශ කරන්න යන සීන් එකකින්. අවාසනාවට වගේ ගෞතම් එතනදී අනතුරුකට මූන දෙනවා ඒ අනතුරිට බෙහෙත් ගන්න ගිය වෙලාවෙදි සිම්රන් රෝහලේ ඩොක්ටර් එක්ක යාලු වෙලා කසාද බදිනවා. ඒ කසාදෙට ගෞතම්ටත් ආරාධනා කරනවා. ඒකට ගෞතම් ගිහින් හොදටම බීලා ඉන්න කොට කෙල්ලෙක් වමනේ දානවා ඇහෙනවා. ඒක බලන්න ගියා ගෞතම්ට නිත්‍යා මුන ගැහෙනවා. එතැන් ඉදන් මෙයාල දෙන්නගේ ආදර කතාව පටන් ගන්නවා හැබැයි මේ සම්බන්දේ සාමාන්‍ය අදාර කතා වගේ විවිධ කම්කටුලු, බාධක අතරින් යන්න ගෙනි යන්න වෙනවා. හැබැයි ඔයාල දැන් හිතේ මවා ගත්ත විදිහට නම් නෙමෙයි මේක සිද්ධ වෙන්නේ ඒක වෙන්නේ කොහොමද කියල ඔයාල අරගෙනම බලන්න එහෙනම් අදට ගියා. තවත් එකක් අරන් ඉක්මනට ඉන්නම්කෝ හැමෝටම සුබ දවසක්

මීට පෙර දීපු සබ් වලට අදහස් ලබා දීපු හැම දෙනාටම මාගෙ හදපිරි ස්තූතිය. තවත් දෙයක් මේ සබ් එක අලුතින් නිර්මාණය කරපු නිසා අපි ලබා දෙන ටොරන්ට් සබ් එක මගින්ම පමනක් චිත්‍රපටිය බාගත කරගන්න බව කරුනාවෙන් ඉල්ලා සිටිනවා.




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.