Angusam (2014) සිංහල උපසිරැසි සමඟ




අදත් තවත් නවතම චිත්‍රපටියක් අරගෙන ආවා. 2014 මැයි මාසයේ තමයි මේ චිත්‍රපටිය තිරගත වන්නට පටන් ගත්තේ චිත්‍රපටිය පුරාවට අලුත් මුණු කිහිපයක් තමයි ඔයාලාට දකින්න පුලුවන් වෙන්නේ. කොහොම හරි දමිළ චිත්‍රපටිවලට කට්ටිය ආස නිසා හැම දමිළ චිත්‍රපටියක්ම පුලුවන් විදියට ඔයාලට සමිප කරන්නයි අප උත්සහා කරන්නේ. මේ චිත්‍රපටිය මේ කාලවකවානුවට ගැලපෙන එකක් කියලා උනත් කියන්න පුලුවන්. අයුක්තිය අසාධාරණය වෙනුවෙන් ඉතිහාසයේ කවුරුන් හෝ බියේ හඩක් නොගැනුවා නම් අද වන විට තවමත් ඉන්දියාව ඇතුලු රටවල් තවමත් යටත් විජිත රාජ්‍යන් වන්නට තිබ්බා. නමුත් ඉතිහාසයේ එසේ අය සිටියාත් වර්තමානයේ අයුක්තිය අසාධාරණය හමුවේ කවුරුවත් හඩක් නඟන්නේ නැ කියලා කිව්වොත් ඒක සත්‍යයක්. මොකද සියල්ල මුදලට විකිණෙන සමාජයක් දැන් තිබෙන නිසා.මේ දෙවල් කිව්වේ චිත්‍රපටිය මේ වගේ කතාවක් ඇතුලත් වෙන නිසා...

මේ කතාවේ විරයා එනම් සුරාජ් ජිවත් වෙන්නේ කුඩා ගමක.මොහු කිසිම රැකියාවක් කරන්නේ නැතුව රස්තියාදු ගහා ගහා තමයි ඉන්නේ. මේහෙම හිටියාට මොකද තමන්ගේ ගෙවල් ගාව ඉන්න ජයන්ති කියන ගැණු ළමයාට කැමැත්තෙන් තමයි ඉන්නේ. හැබැයි ජයන්ති සුරාජ්ව ගනන්වත් ගන්නේ නැහැ.ආදරය ප්‍රකාශකලත් එක ප්‍රතික්ෂේප වෙනවා. මෙහෙම යද්දි මේ ගම්මානයේ තියන පාසලට අලුත් ගොඩනැගිල්ලක් ඉදිකරන්න එම ප්‍රදේශයේ දේශපාලකයෙක් එනවා. නමුත් මේ හදන ගොඩනැගිල්ල කිසිම ප්‍රමිතියකට හදන්නේ නෑ. ලොකු ගානක් බිල්ඩිම හදන්න පාස් කලත් ඒක යටිමඩි ගහගෙන මේ දේශපාලකයා බාල විදියට තමයි මේ බිල්ඩිම හදන්නේ.මේ ගැන දැනගත්ත සුරාජ් ගේ මාමා කෙනෙක් මේ ගැන විරුද්ධ වෙනවා. ඒ වගේම මේ ගැන පියවරක් ගන්න හදනවා මේ දේශපාලකයන්ට විරුද්ධව හා මේ හදන බිල්ඩිම ප්‍රමිතියෙන් තොරයි කියලා. නමුත් මේ කරන්න යන වැඩෙන් වෙන්නේ සුරාජ් ගේ මාමාට තමන්ගේ ජිවිතයෙන් වන්දිගෙවන්න වෙන එකයි. අවසානයේ සුරාජ් හිතාගන්නවා තමන් හරි මේ අසාධාරණයට විරුද්ධව නැගි සිටින්න ඕන කියලා..නමුත් සුරාජ්ට මේ වැඩේ කරගන්න පුලුවන් වේවිද? අසාධාරණය හමුවේ කතා කරන්න ගිහින් තමන්ගේ මාමාට අත්වු ඉරණමම සුරාජ්ට හිමිවෙයිද? මේ දේවල් මේ චිත්‍රපටිය බැලුවොත් දැනගන්න පුලුවන් වේවි.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කේවින් සීඩි හවුස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.