Arrow S3 E8 (Arrow Vs Flash) සිංහල උපසිරැසි සමඟ





සතියක විරාමයකින් පස්සෙ ආපහු ඇරෝ කතාමාලාවෙ අටවනි කොටසත් එක්කයි අද මම ආවෙ, කලින් කොටස ගැන මතක් කරනවනම් දෙවෙනි කතාසමයෙ ස්ටාර්ලින් වල ඇතිවුන මිරාකුරු යුද්ධයෙදි ඇරෝ එක ගෑනු ළමයෙක්ව බේරනවා මතක ඇති, හැබැයි ඒක ඇරෝටනම් එච්චර දෙයක් නෙමෙයි හැබැයි ඒ ගෑනු ලමයටනම් ඒක ගොඩක්ම හිතට කාවැදිලා තියෙනවා, ඒ නිසාමයි එයා ඇරෝගෙ වැඩවලට උදවු කරන්න ඕනෙ කියලා අනංගයා විදියට වෙස් වළාගෙන ඇරෝගෙ පස්සෙන් එන්නෙ, මෙයානම් ඉතින් අමුතු විදියෙ අනංගයෙක්, මෙයා ඇරෝට උදවු කරන්න හිතාගෙන වැඩකලත් ඒවා ඇත්තටම ඇරෝට කරන උදවු වෙන්නෙ නෑ, මොකද මෙයාට තියෙන්නෙ මානසික රෝගයක් නිසා, ඉතින් ඇරෝට සිද්ද වෙනවා මේ අනංගයා පස්සෙන් ගිහින් එයාවත් නතර කරන්න, මොකද එයා සාමාන්‍ය මිනිස්සුවත් මරන්න පටන් ගන්න නිසා, ඉතින් කොහොමින් කොහොම හරි ඇරෝ ඒ සිද්දියත් පාලනය කරගන්නවා, හැබැයි ඉතින් ගිය සතියෙ හොදම කතාව තියෙන්නෙ මෙතන නෙමෙයි, ඒ තමයි ෆෙලිසිටි අක්කගෙ සීන් එක, ඇරො බලන කොයි කවුරුත් දන්නවනෙ ෆෙලිසිටි අක්ක ගැන ඔලිවර්ට පොඩි අදහසක් තියෙනවා කියලා, හැබැයි ඔලිවර් ඒක පස්සෙන් ලොකුවටම පන්නන්නෙත් නෑ හැබැයි මේ අතරෙ ඔලිවර නොදන්න දෙයක් වෙනවා ඒ තමයි ක්වීන් ඒකාබද්දයේ අලුත් විධායක අධ්‍යක්ශක විදියට පත් වෙලා ඉන්න රේ පාමර්, ෆෙලිසිටි අක්කට ලයින් දාන එක, හැබැයි ඩිගල් සෑහන්න ට්‍රයි එකක් දෙනවා ඔලිවර්ට ෆෙලිසිටිව සෙට් කරන්න, ඉතින් කොහොම හරි ඩිගක්ගෙ බල කිරීමට ඔලිවර් යනවා ෆෙලිසිටිට එයාගෙ කැමැත්ත කියන්න, හැබැයි ඉතින් ඔලිවර් මෙහෙම යනකොට කෙහෙළ් කැන වැට පැනලා ඉවරයි, ඕක තමයි කියන්නෙ අපායට යන්නත් කලින් යන්න කියලා! එහෙනම් අද කොටසෙ ෆ්ලෑශ් එක්ක ඔලිවර්ගෙ එකතුවෙලා බූමරංග මෑන්ට ගේම දෙන විදියත් බලාගන්න, එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු, ජයවේවා!


කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes


No comments

Powered by Blogger.