Dream High සම්පූර්ණ කතාමාලාව සිංහල උපසිරැසි සමඟින්.



මෙවර කතාමාලාවෙන්..
මම තවත් අළුත් කතාවක් අරගෙන ඔයාලා හම්බවෙන්න ආවා.ගිය මාසේ මම 11වැනි දා තමයි Rooftop Prince කතාමාලාව තිළිණ කලේ.අද මාසයක් ගතවෙද්දි ඔන්න තවත් සම්පුර්ණ කතාමාලාවක්ම මම අරන් ආවා. මම හිතනවා කලින් කතාව ඔයාලා හොඳට බලන්න ඇති කියලා. කලින් කතාවටත් සූම් එකේ දීපු අනිත් කොරියානු කතාමාලාවලටත් සාපේක්ෂව මම අද අරගෙන ආවෙ වෙනස්ම කතාවක්. වෙනස් කතාවක් වුනාට අනිත් හැම එකකටම වඩා මේක විශේෂයි කියලා කියන්න පුළුවන්.

මේක වැඩියෙන්ම හොඳ සංගීතයට ලැදි අයට. ඒ වගේම පසල් කාලෙ ආදර කතා වලට සම්බන්ධ වුනු අයට. එහෙම නැති වුනත් කමක් නෑ.දැන් කතාව ගැන පොඩි සාරාංශයක් අහගන්න. මේ කතාවට පාදක වෙලා තියෙන්නෙ එකිනෙකට වෙනස් ජීවිත ගත කරන උසස් පාසල් ළමයින් හය දෙනෙක්ව. මෙයාලගෙ ජීවිත කතාවන් ගොඩක්ම වෙනස් වුනාට හැමෝටම එකම සමාන කමක් තියෙනවා. ඒ තමයි සංගීතයට තියෙන ආසාව. මේ හය දෙනාම උසස් පාසල් සිසුවො. කතාව පටන්ගන්නෙ මේ හය දෙනාම කිරින් කියන කලා පාසලේ ඇත්ලත් වීමේ පරීක්ෂණයට මුහුණ දෙන්න යනකොට. එතනින් පස්සෙ මෙයාලා තමන්ගෙ අනාගතය ගොඩක් කරදර මැද්දෙ හදාගෙන සාර්ථක වෙලා ප්‍රසිද්ධ ගායක ගායිකාවො වෙන හැටි තමයි කතාව තුල යන්නෙ. මේ කතාව ඇතුලෙ ප්‍රධානම ආදර කතාවක් යනවා වගේම ඊට අමතරව තව ආදර කතා දෙකක් යනවා. මේ ඔක්කොම ගොඩක් විහිළු තියෙන ඒවා. ඒ වගේම මම කලිනුත් කිව්වනෙ මේක සින්දු අහන්න ආස අයට හොඳ කතාවක් කියලා. ඒ කියන්නෙ මේ කතාවෙ ඉන්න එක ප්‍රධාන පිරිමි චරිතයක් හැරුනාම අනිත් චරිත පහම ඇත්ත ජීවිතේ ගායක ගායිකාවො. එයාලගෙ දක්ෂතා ගැන ඔයාලට කතාව තුල ‍හොඳට බලාගන්න පුළුවන්. අනිත් චරිතයත් එයාලට දෙවෙනි නෑ.

මම මේ කතාවෙ දැක්ක තවත් දෙයක් තමයි ආදර්ශ. තමන්ට හැමදේම අතාරින්න හිතුනම තමන්ට ධෛර්යය දෙන හැටි මේ කතාවෙ හොඳට තියෙනවා. මට මේ කතාවෙ අන්තිම කොටස බලලා ඉවර වෙනකොට තදින්ම ඒ ගැන හිතට වැදිලා තිබුනා. මොකද ඒ තරම්ම මේකෙ තියෙන දෙබස්, සංගීතය කියන දේවල් හොඳටම හදලා තියෙනවා. මේ සින්දු වලින් පවා එයාලා ආදර්ශ දෙන්න අත්සාහ කරලා තියෙනවා. ඒ නිසා මමත් හිතනවා මේක ඔයාලගෙත් හිතට වැදෙන කතාවක් වේවි කියලා. මේකෙන් සමහරවිට ඔයාලට ඔයාලගෙම ජීවිත වුනත් බලාගන්න පුළුවන් වේවි. මම කියන්නෙ මේ කතාව ගන්න එක ඔයාලට අපරාදයක් වෙන්නෙ නෑ කියලා. අරගෙන බැලුවොත් ඔයාලා ඒ ගැන පසුතැවෙන්නෙත් නෑ කියලා.

තව දෙයක් මතක් කරන්න ඕන. මේ අපි දිලා තියන පිටපතේ ඉංග්‍රිසි සබ් හාඩ්කොඩ් කරලා තියනවා.ඒක නිසා උපසිරැසි වෙනත් පාටකින් තමයි වර්ණගන්වලා තියෙන්නේ ඔයාලාට බලන්න ලේසි වෙන්න. මේ කතාව ඔයාලා බලන්නම වටින නිසයි ඇත්තටම උපසිරැසි ගැන්වුයේ. එහෙනම් අරන් බලන්න. 

 


කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

No comments

Powered by Blogger.