Lucky Luke Adventure (2007) සිංහල උපසිරැසි සමඟ.



මුලින්ම හැමෝටම සුභ නත්තලක් කියලම පටන් ගන්නම්.හැම පාරම එකම විදිහේ චිත්‍රපටි කරන හින්දා ඔන්න මේ පාර CARTOON චිත්‍රපටියක් කරන්න හිතුවා.විශේෂයෙන්ම මේක නත්තලට දෙන තෑග්ගක් විදිහට තමයි කෙරුවේ.වැඩිය කියන්න දෙයක් නෑනේ කවුරුත් මේ චිත්‍රපටිය ගැන දන්නවානේ.හැබැයි LUCKY LUKE කිව්වට නම් එච්චර පුරුදු නෑ වගේ ඒත් "කවුද බෝයි" කිව්වොත් නම් හැමෝටම සමීපයි.මම මේකේ නම් වලට සිරස ටී.වී එකේ විකාශය වන කවුද බෝයි කාටුන් එකේ තියන නම්ම යොදා ගත්තා.මොකද අපි දන්න නම් ටිකනෙ.

මම කථාව නම් වැඩිය කියන්න යන්නේ නෑ ඔයාලම බාගෙන බලන්න.මේකෙ අපි කවුරුත් ආදරේ කරන අයියලා සෙට් එකත් ඉන්නවා.ඒ වගේම මොටයියගේ ගොන් වැඩත් ඔයාලට බලාගන්න පුළුවන්.හරි වැඩිය කියන්න දෙයක් නෑනේ කවුද බෝයි කිව්වහම හැමෝම දන්නවානේ හිනහ නොවී බලන්න පුළුවන් කාටුන් එකක් නෙමේ කියලා..බාගෙනම බලන්නකෝ.තවත් උපසිරැසියකින් හම්බෙනකම් ඔබට ජය......!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සූලාන් සම්පත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.