REC 4 Apocalypse (2014) සිංහල උපසිරැසි සමඟ



මේ චිත්‍රපටිය ගැන කියනවා නම් [Rec] (2007) වසරේ පලමුවෙන්ම තිරගත වු Spain සිනමා සිත්තමකි. පලමු සිනමා නිර්මාණය සාර්ථක විමෙන් අනතුරුව [Rec 2] (2009) වශයෙන් දෙවැනි චිත්‍රපටියක් එයත් අතිශය සාර්ථක විමෙන් අනතුරුව [Rec] 3: Genesis (2012) නමින් තෙවැනි සිනමා නිර්මාණයත් නිකුත් උනා. මේ චිත්‍රපටි මාලාවම එකිනෙකට එකක් සම්බන්ධයි. ඒ නිසා අනිවාර්යෙන් මේ සිව්වැනි චිත්‍රපටිය නැරබිමට කලින් මේ චිත්‍රපටි ත්‍රිත්වය නරඔලා ඉන්න. දෙවැනි චිත්‍රපටිය අවසන් වෙද්දි ඔයාලා දකින්න ඇති පලමු චිත්‍රපටියේ ඉන්න Ángela Vidal නම් වාර්තාකාරිය නිරුපද්‍රිතව බිල්ඩිමේ ඉන්නවා. නමුත් මැයගේ ඇගේ අර වෛරසය ඇතුලත් වෙලා තියෙන්නේ. සිව්වැනි චිත්‍රපටිය එනම් අද දෙන චිත්‍රපටිය එතැනින් පසුව සිදුවන සිදුවිම් අලලා නිර්මාණය වුවක්. පලමු දෙවැනි චිත්‍රපටි ගැන කියනවා නම් නොදන්නා වෛරසයක් බිල්ඩිමක සිටි පුද්ගලයන් කිපයකට වැලදෙනවා. මොවුන් මේ වෛරසය නිසා සිහිවිකල් වෙනවා වගේම එකිනෙකා මරා ගන්න පටන් ගන්නවා. තෙවැනි චිත්‍රපටියේ වෙන්නේ මේ බිල්ඩිමේ හිටපු සුනඛයෙක් සපා කන ලද පුද්ගලයෙක් වෙඩින් එකකට සහාභාගි වෙනවා. මේ වෛරසය ඛේටය හා ලේ වලින් පැතිරෙන නිසා අර පුද්ගලයාට වෙඩින් එක තුලදි මේ වෛරසයේ ප්‍රතිඵල එලියට එන්න ගන්නවා. අවසානය මගුල් උත්සවය ලේ විලක් වෙලා අවසන් වෙන්නේ. තුන්වැනි චිත්‍රපටියේ අවසානය නම් ටිකක් සංවේදියි. ඉතින් මේ සියළු සිදුවිම් වලින් පසුව සිදුවන සිදුවිමක් තමයි අද චිත්‍රපටියේ බලාගන්න පුලුවන් වෙන්නේ. අරන් බලන්න මේ චිත්‍රපටියත්. විදෙස් භාෂා චිත්‍රපටියක් උනත් මෙය අරන් බලන්න කියලා ආරාධනා කරනවා.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka Team විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.