Roaring Currents (2014) සිංහල උපසිරැසි සමඟ.



මම අද ඔයාලට අරන් ආවේ මේ අවුරුද්දේ ඒ කියන්නෙ 2014 ජුලි 30 වැනිදා නිකුත් කරපු වාර්තා බොහොමයක් තියපු කොරියානු විශිෂ්ඨ ගන්යෙ චිත්‍රපටියක්.මේ අයිත් වෙන්නෙ Adventure,War යන ගනයන් වලට යුධ චිත්‍ර පටි වලට ආස අයට ඉතාමත් හොඳ චිත්‍රපටියක් මෙක වෙනවා මට හොඳටම විස්වාසයි. මෙක නිකුත් කර මුල් දින කිහිපයෙන්ම ගොඩක් ආධායම් වාර්ථා බිඳ හෙලා තියනවා. මෙ චිත්‍රපටිය නිෂපාදන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 18.6යි මේකෙ බොක්ස් ඔෆිස් වාර්ථාව ඇමරිකානු ඩොලර් මිලියන 132ක් විතර වෙනවා. මෙක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ War of the Arrows,Paradise Murdered,Handphone වගේ හොඳ චිත්‍රපටි අධ්‍යක්ෂක කිම් හන්-මින්. ඒ වගේම මේකේ කොරියානු විශිෂ්ට නලුවෙක් වෙන චොයි මින්-ශික් ප්‍රධාන චරිතයට පණ පොවනවා. මේ චිත්‍රපටිය ගැන කියනවානම් මෙකට මුලික වෙලා තියෙන්නේ කොරියාව හා ජපානය අතර 14වන සියවසයේ අවසාන් කාලයේ ඇතිවෙච්ච යුධමය තත්වය මේකේදි ජපානය විසින් කොරියාව ආක්‍රමණය කරිමට උත්සහ කරනවා ඔවුන්ගේ ගම් බිම් ජනයා ඝාතනය කරමින්. මේ වන විට කොරියානු රජුගෙ ශක්තිය හින වෙලා තියෙන්නෙ එයාගේ වැරදි තිරණ නිසා. එත් යි සුන්-ශින් කියන අද්මිරාල් වරයා මේ චිත්‍රපටියේ කතා නායකයා තමන්ගේ නාවික හමුදාව ශක්තිමත් කරමින් මුහුදෙන් එන්න පුලුවන් බලාපැම් වලට මුහුණ දෙන්න ලැස්ති වෙනවා. එයා කැස්බෑ නැව නම්වු ශක්තිමත් යුධ නැවක් හදාගෙන යනවා ඊට අමතරව එයාට නැව් 12ක් තියනවා. මෙයාට කිසිම ආකරයකින් රජු උදව් කරන්න ඉදිරිපත් වෙන්නෙ නැ මොකද රජුට උවමනා කරන්නෙ යුධ හමුදාව ශක්තිමත් කරන් අග නුවර ආරක්ශා කරගන්න. එත් එයා දන්නැ මුහුදෙන් තමයි වැඩිම අවධානම තියෙන්නෙ කියලා. මේක වටහා ගන්න අද්මිරාල් යි සුන්-ශින් එයාගේ සැලැස්මට අනුව වැඩකරන් යනවා එත් අවාසනාවකට එයාගේ කැස්බෑ නැව ගිනි බත් වෙනවා. ඊට පස්සේ එයාට වෙන්නෙ ජපාන් නැව් 330ට විරුද්ධව තමන්ගේ නැව් 12න් හා භීයෙන් වැහිලා ඉන්න තමන්ගේ සුළු සොල්දාදුවන් පිරිස් එක්ක සටන් කරන්න. මෙක බලන්න ආස වෙන්නේ එයා පාවිච්චි කරණ යුධ උපක්‍රම නිසා මේයා ස්වාභාවික යුධමය වාසි උදව් කරන් මහා සතුරු හමුදාවට එරෙහිව සටන් කරන හැටි ගොඩක් ලස්සනයි. කොරියානු චිත්‍රපටි වලට එතරම් කැමැත්තක් නැති කෙනෙක්ට උනත් මෙක බලන්න පුලුවන් මෙය ධාවනය වෙන විනාඩි 137ක් පුරාවටම තියෙන්නෙ ක්‍රියාධාම මාලාවක් ඔයාල මෙක බලලා අදහසක් දාල යන්න මේ වගේ අලුත් චිත්‍රපටියකින් ආයෙත් හමු වෙමු. එතකම් zoom එකත් එක්ක ඉන්න. zoom ඔයාල හැමෝටම ලබන නව වසර සුබ නව වසරක් වේවා.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ J.A.R එරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.