Back Bench Student (2013) සිංහල උපසිරැසි සමඟ.



හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා කියන ගමන් තවත් නිහඩ කාලෙකින් පස්සේ යාලුවන් ටිකට නියම තෙලිගු ආදර කතාවක් අරන් ආවා. කලින් පොස්ට් එකේදි කිවුවනේ මේ ටිකේ කාර්ය බහුලයි කියලා. ඒ නිසා මේක දෙන්නත් ටිකක් කල් ගියා. ඉවර කරපු ගමන්ම ඔයාලට අරන් ආවා. 2013 වසරේ නිකුත් උන චිත්‍රපටියක් තමයි මේ. හැබැයි තාම ඉංග්‍රීසි සබ් එකකවත් තාම ඇවිත් නෑ. ඒ නිසා අපේ තෙලිගු රසිකයින්ට මේක තිළින කරන්න මට අලුතින් ටයිම් ලයින් එක ලියලා හදන්න උනා. එච්චර කට්ටක් කාල ගෙනාපු සබ් එක් හොදයිද කියලා බලන්නකෝ.

මේකෙ රංගනය දක්වන නලුවානම් අලුත් කෙනෙක් ඒක් චිත්‍රපටියේ රංගනය නම් ඉහලින්ම තියෙනවා. චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Madhura Sreedhar Reddy විසින් වගේම ප්‍රධාන චරිත විදිහට රංගන දායකත්වය ලබා දෙන්නේ Mahat Raghavendra,Piaa Bajpai, Archana Kavi යන තිදෙනා විසින්. මෙයා 2013 මාර්තු 5 වන දින තිරගත උන චිත්‍රපටියක්. ඒ වගේම IMDB මීටරේ 4.3 අගයකට කැරකිලා තියෙනවා. චිත්‍රපටිය කතාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්කෝ

මේක සම්පූර්නයෙන්ම ආදර කතාවක් කොලේජ් යන කොල්ලො, කෙල්ලෝ කිහිපයක් වටා සහ තවත් කෙල්ලෙක් වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. කාර්තික් කියලා සල්ලාකාර කොල්ලෙක් කොලේජ් එකට බැදිලා ඒ අවුරුදුදේ එයත් එක්කම කොලේජ් එකට සම්බන්ද උන ප්‍රියන්කා කියන කෙල්ල එක්ක යාලු වෙනවා. කාර්තික් කියන්නේ පිස්සු කෙලින කොල්ලෙක් කොච්චර පිස්සු නටනවද කියන්නේ අවුරුදු 4කට පස්සේ ඉංජිනියරින් උපාධියෙ විශයන් 16ක් ෆේල් කර ගන්නවා. කොහොම හරි මේ දෙන්නා අතර හුගක් ලොකු ආදරයක් තමයි තියෙන්නේ. දවසක් ප්‍රියන්කා උපාධියෙන් පස්සේ ඇමරිකා යන්න හදනවා. කාර්තික් නම් මෙයා යනවට කැමති නෑ. ප්‍රියන්කාගෙ ගෙදර බල කිරීම මත මෙයා ඇමරිකා යනවා. මේ අතරේ කාර්තික් ප්‍රියන්කා ගියාට දුකෙන් ඉන්න වෙලාවක කාර්තික්ගේ ජීවිතේට චිත්‍රා ඇතුල් වෙනවා ටිකෙන් ටික මේ දෙන්න ආදර කරන්න පටන් ගන්නවා. ප්‍රියන්කා නිසා වේදනාවෙන් හිටිපු කාර්තික්ට මේ ආදරය සෑහෙන්න දැනෙන්න ගන්නවා. මේ කියපු දේවල් සේරම කතාව මැදදි වෙන සිද්ධි මාලාවක්. චිත්‍රපටිය ආරම්භයේදිම තමයි ඇමරිකා ගිය ප්‍රියන්කා එයාගෙ උසස් අධ්‍යාපනයත් දාල කාර්තික් වෙනුවෙන් ඉන්දියාවට එන්නේ. තමන් රට ගියම සිද්ධ වෙච්ච කිසිම දෙයක් නොදැන ප්‍රියන්කා ඉන්දියාවට ආවම තමයි එහත කියපු දේවල් සියල්ල දැන ගන්නේ. ඉතින් මෙතනින් පස්සේ මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්න. අවුරුදු 4ක් ආදරය නැවත සඵල වෙයිද, නැත්නම් මැදදි ආපු චිත්‍රාගෙ ආදරය සාර්ථක වෙයිද, නැත්නම් වෙන සිදු වීමක් සිද්ධ වෙයිද කියලා. ඔන්න එහෙනම් මම සමු ගන්නවා. හැමෝටම සුබ දවසක්.

මේ චිත්‍රපටියේ ටයිම් ලයින් මම අලුතින් නිර්මාණය කරපු බැවින් අපි විසින් ලබා දී ඇති ටොරන්ට් එකෙන් පමනක් ලබා ගන්නා ලෙස දැනම් දෙනවා



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.