Oka Laila Kosam (2014) සිංහල උපසිරැසි සමඟ.





ඔන්න අද අපි තවත් උපසිරැසියක් අරගෙන ආවෙ, හැමදාමත් දෙමළ චිත්‍රපට විතරක් දෙන එකේ වෙනසකටත් එක්ක අපි අද අරගෙන ආවෙ තෙලුගු චිත්‍රපටයක්, චිත්‍රපටය ගැන විස්තර බලනවානම් චිත්‍රපටයේ නම තමයි Oka laila kausam නමේ තේරුමේනම් තියෙන්නේ "ලයිලා වෙනුවෙන්" කියන එක, ඒ කියන්නෙ මේක ආදර කතාවක්, Vijay Kumar විසින් අධ්‍යක්ශනය කර ඇති මෙහි නිශ්පාදනය සිදු කරලා තියෙන්නේ තෙලුගූ සිනමාවේ සුපිරි නළු Nagarjun විසින්, ඒවගේම මෙහි තියෙන විශේෂත්වය තමයි මෙහි ප්‍රධාන නළුවා විදියට රංගනයෙන් දායක වෙන Naga Chaitanya කියන්නේ nagarjun ගේ පුත්‍රයා වීම, මෙහි ප්‍රධාන නිළිය විදියට Mugamoodi දමිළ චිත්‍රපටයේ රංගනයෙන් දායක වුන Pooja Hegde රංගනයෙන් දායක වෙලා තියෙනවා, 2014 ඔක්තෝබර් 17 වෙනි දින තිරගතවීම ආරම්භ කරපු මෙය මිනිත්තු 150ක් පුරා දිව යනවා, ඉන්දිය රුපියල් මිලියන 200ක වියදමකින් නිර්මානය වුන මෙහි සමස්ථ ආදායම විදියට සදහන් වන්නේ ඉන්දීය රුපියල් මිලියන 250ක්, IMDB දර්ශකයේ මෙය 10/6.4 ක අගයක් ලබාගන්න සමත්කම් දක්වලා තිබෙනවා, කතාව පැත්තට හැරෙනවානම්, කාර්තික් කියන්නෙ ධනවත් පවුලක තරුණයෙක්, කාර්තික් එයාගෙ උපාධිය ඉවර වුනාට පස්සෙ යුරෝපයේ සංචාරයක් යනවා, ඉතින් මේ සංචාරය ඉවර වෙලා ආපහු එනකොට මෙයාට නන්දිතාව මුන ගැහෙනවා කාරිතික්ට නන්දිතාව දැක්ක මුල්ම වතාවෙන්ම ආදරයක් ඇති වෙනවා, පස්සෙ කාර්තික් නන්දිතාගෙ පස්සෙන් ගිහින් එයාගෙ කැමැත්ත කියනකොට හේතු දෙක තුනක් නිසා නන්දිතා කාර්තික්ට කැමති වෙන්නෙ නෑ, මේ අතරේ කාර්තික්ගේ අම්මගෙ පැත්තෙන් නෑදෑ වෙන මාමා කෙනෙක් කාර්තික්ලගේ ගෙදර එනවා, හැබැයි මෙයා එන්නෙ හොදකට නෙමෙයි මෙයා එන්නේ කාර්තික්ගෙ කැමැත්තට පිටින් කාර්තික්ව කසාද බන්දන්න, මේ විදියට කාර්තික්ගේ මාමා කාර්තික්ට කසාදයක් සූදානම් කරලා දෙනවා, හැබැයි පස්සෙ බලනකොට මේ විදියට කාර්තික්ට යෝජනා කරලා තියෙන්නේ නන්දිතාවමයි, ඉතින් ඔතන ඉදන් තමයි කතාවෙ හොදම හරිය පටන් ගන්නේ, හොද ලස්සන ආදර කතාවක් එක්කම ක්‍රියාදාම කීපයකුත් මෙහු අන්තර්ගත වෙනවා, ආදර කතා වලට කැමති අය මේ චිත්‍රපටය මඟහැරන්න එපා කියන ඉල්ලීමත් එක්ක අපි ගිහින් එන්නම්, ඉදිරි තයිපොන්ගල් උත්සවය දවසට අපි දමිළ චිත්‍රපට රැසක්ම දෙන්න සූදානම් කරගෙන ඉන්නවා, එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන තෙක් ගිහින් එන්නම්, ජයවේවා!


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.