Sonali Cable (2014) සිංහල උපසිරැසි සමඟ.



2015 අවුරුද්දේ පලවෙනි දවසේම ඔන්න මේ අවුරුද්දට තිළින කරන පලමු හින්දි චිත්‍රපටිය අරගෙන ආවා. මේකේ හොද පිටපතක් නිකුත් වුයේ 30වැනිදා. ඊයේ රෑ 31 මේකේ සබ් එක දාන එක තමයි කලේ. කොහොම හරි සබ් කරලා ඔන්න අද දවසේ දෙන්න පුලුවන් උනා. සෝනාලි කේබල් තිරගත විම ආරම්භ කලේ ඔක්තොම්බර් 17 වැනිදා.චිත්‍රපටිය නිශ්පාදනය කලේ අපි කවුරුත් දන්න Bluffmaster (2005 Nautanki Saala (2013) වැනි චිත්‍රපටි රිදි තිරයට ගෙන ආ Ramesh Sippyඅ හා Rohan Sippy විසිනි.

චිත්‍රපටියේ නිළිය නම් අපිට හුරුපුරුදුයි. මතක ඇතිනේ Mere Dad Ki Maruti චිත්‍රපටිය එකේ ප්‍රධාන චරිතය රඟපාපු Rhea Chakraborty තමයි ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ. සෝනාලි කියන්නේ අන්තර්ජාල සබදතාවන් දෙන කම්පැනියක් කරගෙන යන කෙනෙක්. පැය 24ම හොද පාරිභෝගික සේවාවකුත් එක්ක තමයි ඇය මේක කිපදෙනෙක් එක්ක කරගෙන යන්නේ. මෙහෙම යද්දි මොම්බායට අලුත්ම කම්පැනි එකක් එනවා. ඔවුනුත් අන්තර්ජාල සබදතා විකුණන පිරිසක්. ඔවුන්ට වෙළද පොලේ තවත් කම්පැනි 400ක පමණ අයිතිකාරිත්වය දරන කට්ටිය. ඔවුන් සෝනාලිට ඉල්ලිමක් කරනවා ඇය විසින් පවත්වගෙන යන සෝනාලි කේබල් නැමැති ව්‍යාපාරය ඔවුන්ට විකුණන ලෙසට. නමුත් ඇය කැමැති වෙන්නේ නෑ. මුළු මොම්බායටම මේ අලුතින් ආව ෂයිනින්ග් කම්පැනි එකේ අන්තර්ජාල සබදතා විකුණන්න පුලුවන් වුනත් සෝනාලි විසින් තමන්ගේ සේවාව කරගෙන යන පලාතට ඒ අයට ඇතුලු වෙන්න අවස්ථාව ලැබෙන්නේ නෑ. මේ නිසා මේ කම්පැනි එකේ ප්‍රධානිය කූට උපක්‍රමයක් යොදනවා සෝනාලිගෙන් එයාගේ කම්පැනි එක අරගන්න. බැරිම තැන අවනිතියෙනුත් ඔහු විසින් මේක කොහොම හරි කරගන්න උත්සහා කරනවා. මේ කතාවේ හාස්‍ය,දුක,කදුළු, උත්සහාය මේ හැමදේම පෙන්වනවා. එහෙනම් අරගෙන බලන්නකෝ ඒ වගේම හැමෝටම සුභ නවවසරක් කියලාත් ප්‍රාර්ථනා කරනවා.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.