Before I Go to Sleep (2014) සිංහල උපසිරැසි සමඟ.



හැමෝටම ආයුබෝවන් කියලා වැඩේ පටන් ගන්නම්. ඔන්න ඉතිං මම තවත් ලස්සන සලරුවක් වෙනුවෙන් උපසිරැසියක් අරගෙන ආවා. මේක මම මේ අවුරුද්දෙදි දෙන මගේ පළවෙනි උපසිරැසිය. ඒ වගේම මගේ 38 වෙනි උපසිරැසි නිර්මාණය. ඒ සදහා මම තෝර ගත්තේ 2014 ඔක්තෝබර් 31 දින තිරගත වීම ආරම්භ කරපු IMDb දර්ශකයේ 6.2/10
අගයක් අරගෙන තියෙන ඉංග්‍රීසි චිත්‍රපටියක්.

මා නින්දට යාමට පෙර දිනය ඇතුලත සිදුවන සිදුවීම් සමුදාය අමතක වන ලෙඩකින් පෙලෙන ක්‍රිස්ටීන් නැමැති විවාහක කාන්තාව වටා තමා මේ සලරුව දිග හැරෙන්නේ. ඇය සෑම දිනකම නින්දට යාමෙන් පසුව පසුදින අවදි වන විට පෙර දිනයේ ඇය විසින් සිදුකල දින චර්යාවේ සියළුම දේවල් අමතක වීමේ රෝගයකින් පෙළෙනවා. මෙයට හේතුව වන්නේ ඇයට සිදුවූ පහර දීමක් නිසාවෙනුයි. ඇයට මෙම පහරදීම සිදුකරලා තියෙන්නේ කවුද කියලා හොයා ගන්න එක තමයි කතාවේ තේමාව වෙලා තියෙන්නේ. මෙහිදී ඇයට සහය වන චරිතයක් තමයි දොස්තර නෑෂ් කියන්නේ. ඉතිං අපි බලමු මෙයාගේ මේ අමතක වීමේ ලේඩේට මූලිකව කටයුතු කරපු චූදිතයව ක්‍රිස්ටීන්ට හොයා ගන්න පුළුවන් වෙයිද? ඇත්තටම එහෙම වෙන්න හේතුව මොකක්ද කියලා එයා හොයා ගනියිද? කියලා. මේ සලරුව S.J. Watson නවකතා කරුගේ Before I Go to Sleep කියන නවකතාව පදනම් කරගෙන නිර්මාණය වූවක්. භාෂා කීපයකින්ම රචනා වෙලා තියෙන මේ නවකතාව ඉතා ජනප්‍රිය නවකතාවක් ලෙස 2014 වසරේදී ලොවපුරා ප්‍රකට වෙලා තියෙනවා.

කොහොම උනත් මේ සලරුව අරගෙන බලන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන් පොඩියට හරි කමෙන්ටුවක් දාගෙන යන්න කියලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා. ඔබගේ අදහස් හා යෝජනා, චෝදනා මෙතනින් ගිහින් මගේ මුහුණු පොතේ හරි විද්‍යුත් තැපෑල වන surangawanni@zoom.lk වෙත යොමු කරන මෙන් ඉල්ලා සිටිනවා. නැවතත් මෙවැනිම සලරුවක්සමග හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා. ජයවේවා!!!!


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුරංග වන්නිආරච්චි විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

1 comment:

Powered by Blogger.