Gollu Aur Pappu (2014) සිංහල උපසිරැසි සමඟ.




කොහොමද කස්ටිය මෙන්න තවත් ෆට්ට ෆිලුමක් උස්සගෙන මම ආවා.මේක 2014 තිරගත වීම ආරම්භ කරපු එකක් Hedz අයියගේ ඉල්ලීමකට අනුව තමයි මේක කරන්න භාරගත්තේ පිස්සු හැදිලා හොඳ වෙන ස්ටොරියක් තමයි මේකේ තියෙන්නේ මොනවා නැතත් හොඳට හිනාවෙන්න නම් පුළුවන් අද කාලේ ඉතින් මිනිස්සුන්ට හිනා වෙන්නවත් වෙලාවක් නැති එකේ මේ වගේ ෆිලුම් හැදෙන එක නම් සැහෙන වටිනවා.

හරි එහෙනම් වැඩි කතා නැතුව ෆිලුම ගැන බලමුකෝ.මේ ෆිලුමේ ප්‍රධාන චරිත දෙකක් දකින්න පුළුවන් එක් ප්‍රධාන චරිතයක් සඳහා රංගනයෙන් දායක වෙන්නේ vir das Revolver Rani,Shaadi ke Side Effects (2014),Delhi Belly (2011),Go Goa Gone (2013) වැනි චිත්‍රපට නරඹල තියෙනවා නම් මෙයා ගැන දන්නවා ඇතිනේ.අනිත් ප්‍රධාන චරිතේ නිරුපණය කරන්නේ kunnaal roy kapur මෙයත් Delhi Belly (2011),Nautanki Saala (2013) කියන චිත්‍රපට වලට රංගනයෙන් දායක වෙලා තියෙනවා මේ චිත්‍රපට දිහා බැලුවම ඉතින් මේ දෙන්නගේ වැඩ ගැන හිතා ගන්න පුලුවන්නේ.හරි එහෙනම් ෆිලුමේ කතාව ගැන ටිකක් කියනවා නම් ගොල්ලුයි (vir das) පප්පුයි (kunaal roy kapur) කියන්නේ අම්මා විතරක් ඉන්න තරුණයෝ දෙන්නේ එක්කෙනෙක් මැකනික් කෙනෙක් අනිත් කෙනා සංචාරක මග පෙන්වන්නෙක් හැබැයි මිනිස්සු හිතන විදියට මේ දෙන්නා සෑහෙන බූරුවෝ දෙන්නෙක් මොකද මෙයාලට කියන දේ නෙවෙයි මෙයාල තේරුම් ගන්නේ ඒ නිසා සමාජය මෙයාලව මෝඩයෝ දෙන්නෙක් ගානට තමයි දාන්නේ හැබැයි දෙන්න මෝඩයෝ උනාට හරිම හොඳ මිනිස්සු කතාව ගලාගෙන යන්නේ කාශ්මීර් ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන කාශ්මීර් කිව්වම ඉතින් ත්‍රස්තවාදීන් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ එත් ෆිලුමේ වෙන සිද්ධියක් නිසා මේ දෙන්න මේ ත්‍රස්තවාදී නායකයව හොයාගෙන ගිහිල්ලා මිනිහට කනේ පාරක් ගහනවා හිතහන්කෝ ඉතින් ත්‍රස්තවාදී කඳවුරකට ගිහිල්ල උන්ගේ නායකයට කනේ පාරක් ගහනවා කියන්නේ මුන් දෙන්න කොච්චර පිස්සු ඩබලක්ද කියලා එත් ත්‍රස්තවාදියෝ ටික මෙයාලව මරන්නේ නම් නැහැ එත් මෙයාලව රවට්ටලා මිනිස්සු දහස් ගානක් විනාශ කරන්න තමයි හදන්නේ මම මිට වඩා කතාව කියන්න ගියොත් වැඩේ අල වෙනවා එහෙනම් ඔයාලම බලාගන්නකෝ මේ පිස්සු ඩබල මොකද කරගන්නේ කියලා.ජය වේවා තවත් උපසිරසියකින් හමුවෙමුකො



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.