Gone In Sixty Seconds (2000) සිංහල උපසිරැසි සමඟ.



කොහොමද යාලුවනේ?මේ අරගෙන එන්න හදන්නේ අපට මග අරුණු තවත් ෆට්ට ෆිලුමක්,හොඳයි මේක විශේෂයෙන්ම අරගෙන ආවේ අපේ රථගාය හැදුනු ළමයි වෙනුවෙන් රථ ගාය හැදිච්ච නැති ළමයෙක් ZOOM එකේ ඉන්න විදියක නැහැ පොතේ හැටියට හරි එහෙනම් වැඩි කතා නැතුව ෆිලුම ගැන විස්තරේ බලමුකෝ.

මේ චිත්‍රපටයට අන්තර්ජාතික චිත්‍රපට දර්ශකයේ 6.5 ක අගයක් ලැබිලා තියෙනවා ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්නේ Nicolas cage මෙයා ගැන නම් කස්ටිය නොදැන ඉන්න විදියක් නැහැ Ghost rider චිත්‍රපට මාලාවට ඒ වගේම Drive Angry,Kick ass, වැනි සුපිරි චිත්‍රපට වලට රංගනයෙන් දායක උනේ අන්න එයා.ඒ වගේම ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායක වෙන්නේ මේ දිනවල සැහෙන කතාබහට ලක් වෙලා තියෙන Angelina Jolie එයා ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.හරි එහෙනම් චිත්‍රපටයේ කතාව ගැන ටිකක් කියන්නම් මෙම්ෆිස් කියන්නේ මාර හැකියාවක් තියෙන කාර් හොරෙක් ඒ වගේම මෙයාට මල්ලි කෙනෙක් ඉන්නවා අවුරුදු කිහිපයක් බාල ඉතින් මල්ලිලා හුඟක් වෙලාව ගන්නේ අයියලාගේ ආභාශයනේ ඉතින් මෙයත් අයියා වගේ හොරෙක් වෙයි කියලා බයට මෙයාලගේ අම්මා මෙම්ෆිස්ට කියනවා මේ දේවල් අතහැරලා වෙනත් නගරයකට ගිහින් ජිවත් වෙන්න කියලා.මෙයා කාර් හොරෙක් උනත් තමන්ගේ මල්ලි ගැන හිතලා අම්මගේ වචනෙට ගරු කරලා වෙන නගරෙකට ගිහින් ජිවත් වෙනවා එත් මෙයාලා මොන දේවල් කරත් අන්තිමට මෙයාගේ මල්ලිත් අයියගේ අඩි පාරේම යනවා ඉතින් මෙයා මේ වැඩ කරන අතරේ මෙයාට ලොකු ඔඩර් එකක් ලැබෙනවා කාර් 50 ක් හොරකම් කරලා දෙන්න කියලා ඔක්කොම සුපිරි ගනයේ කාර් එත් මෙයා කාර් 13 හොරකම් කරලා තියෙද්දී පණ්ඩිත වැඩක් කරන්න ගිහින් කාර් ඔක්කොම පොලිසියට අහු වෙනවා ඉතින් මේකට අර වැඩේ භාර දීපු කෙනා මෙයාව අල්ලලා මරන්න හදනවා මෙතනින් තමයි කතාව පටන් ගන්නේ ඉතින් හැමදේටම වැඩියේ සහෝදර ප්‍රේමය ලොකුයිනේ ඉතින් ඔක්කොම දමලා ගහලා මෙම්ෆිස් මල්ලිව බේරගන්න එනවා මල්ලිව ඕන නම් අර කාර් 50 ආපහු හොරකම් කරන් ඇවිත් පැය 72 ඇතුලත භාරදෙන්න කියලා අර මල්ලිව අල්ලගෙන ඉන්න මිනිහා කියනවා.කලින් කාර් හොරකම් අහු උන නිසා පොලිසියත් මෙයාලා ගැන ඇහැ ගහගෙන ඉන්නේ ඉතින් හිතහන්කො පැය 72 ඇතුලත කාර් 50 හොරකම් කරනවා කියන්නේ කොහොමද කියලා හැබැයි මෙයා තනියම නම් නෙවෙයි මේ වැඩේට බහින්නේ එයාගේ පරණ යාළුවො එහෙම නැත්නම් අනිත් කාර් හොරු ටිකත් සෙට් කරගෙන උනුත් මාර වැඩකාරයෝ ටිකක් එහෙනම් ඔයාලම බලාගන්නකෝ මේ සුපිරි කාර් හොරු ටිකට මේ 50 හොරකම් කරන්න පුළුවන් වෙයිද? මෙම්ෆිස්ගේ මල්ලිව බේරගන්න පුළුවන් වෙයිද කියලා.ජය වේවා තවත් උපසිරසියකින් හමුවෙමු.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.