Lai Bhari (2014) සිංහල උපසිරැසි සමඟ.



කොහොමද කස්ටිය ඔන්න මම තවත් පිස්සු පීකුදු වෙන ෆිලුමක් උස්සගෙන තමයි මේ ආවේ.මේකත් 2014 වර්ෂයේ තිරගත වෙච්ච චිත්‍රපටයක් Hedz අයියගේ ඉල්ලිමකට තමයි මේ චිත්‍රපටයටත් උපසිරැසි නිර්මාණය කරේ,මේක මරාති චිත්‍රපටයක් මට දැනගන්න ලැබුණු විදියට මේක තමයි Zoom එකෙන් ඔයාලට ලැබෙන පලවෙනි මරාති චිත්‍රපටය හරි එහෙනම් ඒ විස්තර ඇතිනේ දැන් ෆිලුමේ ස්ටොරියයි රඟපාන අයියලා අක්කිලා ටිකයි ගැන බලමුකෝ නේ...

මේ චිත්‍රපටය 7/10 IMDB අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා ප්‍රධාන චරිතය නිරුපණය කරන්නේ Riteish Deshmukh ඒ වගේම Salman Khan සහ Genelia D'Souza ත් ආරාධිත රංගනයකින් දායක වෙනවා ෆිලුම ගැන කියනවා නම් ආදරය,සටන්,කුතුහලය වගේ චිත්‍රපටයක අඩංගු වෙන්න ඕන සියලු දේවල් තියෙන සාර්ථක ෆිලුමක් කියලා කියන්න ඕන.ස්ටොරිය ගැන කියනවා නම් එක්තරා විවහා උනු ජෝඩුවක් ඉන්නවා හොඳට මිලිමුදල් එහෙම තියෙන,එත් මොන දේවල් තිබුනත් අවුරුදු ගානක් යනකම් මෙයාලට ළමයි ලැබෙන්නේ නැහැ එත් දොස්තරලා කියන විදියට මේ දෙන්නගෙම කිසිම ප්‍රශ්නයක් නැහැ දරුවන් නොලැබෙන්න තරම් ඉතින් මේ ප්‍රශ්නේ නිසා මෙයාලා සැහෙන්න අපහස විඳගෙන දුකින් තමයි ජිවත් වෙන්නේ මොකද මොන දේවල් තිබුනත් විවහා වෙන ජෝඩුවකගේ ලොකුම බලාපොරොත්තුව ලස්සන පැටව් ටිකක් බලන්නනේ(මන් දන්නෙත් නැහැ මටත් බැඳපු අයියා කෙනෙක් තමයි කිව්වේ) ඉතින් මෙයාලා මේකට භාර හාර එහෙම වෙනවා එක්තරා හාස්කම් තියෙනවයි කියන සිද්ධස්ථානයකට ගිහිල්ල,ඒ වෙන භාරය තමයි මෙයාලට ළමයි ලැබුනොත් ඒ ලැබෙන පලවෙනි දරුවා දෙවියන්ට පුජා කරනවයි කියන එක කොහොමෙන් කොහොමෙ හරි ඒ ගමනෙන් පස්සේ එයාලට දරුවෙක් ලැබෙනවා එත් මතකනේ මෙයාලා උන භාරය දන්නවනේ ඉතින් ඉන්දියාවේ මිනිස්සු ආගම් අදහන හැටි ඔන්න මෙතනින් තමයි කතාව පටන් ගන්නේ මිට වඩා කතාව කියන්න ගියොත් මටයි නා ගන්න වෙන්නේ කස්ටිය තරහා නැතුව ඉතිරි ටික බාගෙනම බලන්න ඇ.මොකද මේක කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් එල ෆිලුමක්නේ ෂුවර් නෑ වගේ නම් ට්‍රේලර් එක බැලුවට අපි තරහා නෑ.එහෙනම් මේ සතියේ කොන්ස්ටන්ටින් මාමිත් අරගෙන ආපහු එන්නම් ඇ.එතකන් කස්ටිය බත් ගොඩක් කන්න ඕන හොඳට ඉන්න ඕන



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.