Pearl Harbor (2001) සිංහල උපසිරැසි සමඟ.



මේක මගේ 5වෙනි උපසිරසි නිර්මාණය, කලින් ඒවටත් හොඳ ප්‍රතිචාර තිබුන නිසාත්, HEDZගේ ඉල්ලීමක් නිසාත් මේක බාරගත්තේ.මේක කරන්න ගිහින් නම් මාර කට්ටක් කෑවේ. සමහර ලයින්ස් අතින් හදන්නත් වුනා. අනිත් ඒවා වෙලාව හරිගස්සනත් වුනා. මගේ Trend එකෙන් පිට පැන්නා HEDZගේ ඉල්ලීමට. මම වෙනදා ගෙනාවේ ඔයාලට අතහැරුණ ඒවානේ. එත් මේක හැමෝම බලලා ඇති මම හිතන්නේ. ඒවා වැඩක් නැහැ.මේ ෆිල්ම් එක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ, දෙවැනි ලෝක යුද්දයට ඇමෙරිකාව සම්බන්ධ වුන හැටි තමයි මේකේ තියෙන්නේ. පර්ල් වරායට බෝම්බ දැමීම සහ ඒකට පලිගැනීම තමයි කතාවේ සාරාංශය. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරන්නේ අපි කවුරුත් බලලා තියන Transformers චිත්‍රපටි අධ්‍යක්ෂනය කරපු ඒ වගේම ඔහු නිර්මාණය කරපු තවත් චිත්‍රපටියක් තමයි 2012 වසරේ තිරගත වුන Battleship චිත්‍රපටිය. ඇත්තටම මේ චිත්‍රපටිය නරඔද්දි ඔබට Battleship චිත්‍රපටියත් අනිවාර්යෙන්ම මතකයට නැගේවි. 2001 නිර්මාණය වු චිත්‍රපටියක් වුවත් ශබ්ද ප්‍රයෝග සහ දර්ශන ප්‍රයෝග නම් නියම ලෙසටම තියනවා. සැකයක් වගේ තියනවා නම් උඩ තියන පුර්ව ප්‍රචාරක පටය නරඔන්න කියලා ආරාධනා කරනවා. කතාව ගැන වැඩි විස්තර උවමනා නැහැ. කලින්ම කිව්වානේ පර්ල් වරායට ජපන්නු බොම්බ දැමිම ගැන කතාව ගෙතෙන්නේ කියලා. කොහොම හරි කතාව ලස්සනට ගලාගෙන යනවා. එක දිගටම බලන්න පුළුවන් පැය 3ම. මේක ඇත්ත කතාවක්නේ, මේකේ යටින් යන ආදර කතාවත් ඇත්තම එකක්. මේකේ තියෙන වාක්‍යයකින් මම නවතින්නම්,

ස්වෙච්චාවෙන් ඉදිරිපත් වෙන්නෙක්ගේ හදවත තරම් ශක්තිමත් වෙන කිසිවක් මේ ලෝකයේ නැහැ



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තිලින රාජකරුනා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.