Tevar (2015) සිංහල උපසිරැසි සමඟ.




හැමෝටම සුබ දවසක්! ඔන්න සෑහෙන කාළයකට පස්සේ හින්දි ෆිල්ම් එකකට උපසිරැසි යොදන්න අවස්ථාව ලැබුණා.මෙම චිත්‍රපටය උපසිරැසි සපයන්න ආරාධනා කරේ අපේ සුපුනා. ඉතින් අපි දෙන්නම එකතුවෙලා Tevar 2015 එකට සිංහල උපසිරැසි ඇන්න ආවා.ක්‍රියාදාම, නාට්‍යමය සහ ත්‍රාසය යන වර්ගීකරණයට අයත් චිත්‍රපටයකි, IMDB අගය 4.2 අඩු අගයත් ගත්තත් හොඳ චිත්‍රපටයක් බව කියන්න පුළුවන්. අධ්‍යක්ෂණයෙන් අමිත් සර්මා සහ තිර රචනයෙන් ගුනසේකර් සහ ශාන්ටනු ශ්‍රීවාස්තව දායක වෙලා තියෙනවා.

Arjun Kapoor- පින්ටු ශුක්ලා
Sonakshi Sinha- රාධිකා ම්ශ්‍රා
Manoj Bajpayee- ගජේන්දර් සිං
Raj Babbar- එස්.පි. ස්ගුක්ලා, ලෙසත් රංගනයෙන් දායක වෙනවා,


එහෙනම් චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් කරන්නම්,

පින්ටු කියන්නේ තරුණ කබඩි ක්‍රීඩකයෙක්, ඔහුගේ අනාගතය තීරණය වන ජීවිතයේ තීරණාත්මක තරඟයේදි, මතූරා නම් කණ්ඩායමට එරෙහිව ජයගන්න ඔහුට හැකිවෙනවා ඉන්පස්සේ ඔහුට ඔහුගේ හොඳම යාළුවාගේ අයියගේ කසාදය සඳහා මාතූර් වලට යන්න වෙනවා. අහම්බෙන් වගේ ඔහුට මාතූර් වලදි ගජේන්දර් නම් මැරයෙක්ගෙන් රාධිකා කියන කෙල්ලව බේරගන්න සිද්ධ වෙනවා ගජේන්දර් සිං රාධිකාව බලෙන් විවාහ කරගන්න හදන කෙනෙක්, ඔහු රාධිකාගේ අයියව පවා ඝාතනය කරනවා. ඉතින් පින්ටුට ගජේන්දර්ගෙන් නොයෙකුත් බලපෑම් ඇති වෙනවා,මේ අතරේ රාධිකා පින්ටුට සිතින් ආදරය කරන්න ගන්නවා,පින්ටුත් ඇයට සිතින් ආදරය කරන්න ගන්නවා. එහෙත් දෙදෙනාම එකිනෙකාට ආදරය ප්‍රකාශ කරේ නෑ.ඉතින් වැඩි යමක් කියන්න යන්නේ නෑ, සටන් ජවනිකා වලින් පිරුණ මෙම චිත්‍රපටය මුල සිට අග දක්වාම නරඹන්නට ආරාධනා කරනවා. ජයවේවා!




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල් (තාරක) හා සුපුන් වීරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.