Unbroken (2014) සිංහල උපසිරැසි සමඟ.



හැමෝටම සුබ දවසක්! ඔන්න අදත් ඔයාලට සත්‍ය කතාවක් මත නිර්මාණය කෙරුන ලස්සන චිත්‍රපටයක් සිංහල උපසිරැසි සමඟ ඇන්න ආවා.චිත්‍රපටයේ නම Unbroken (2014). චරිතපදාන, නාට්‍ය සහ ක්‍රීඩා යන වර්ගීකරණයට යටත් චිත්‍රපටයකි.මෙම චිත්‍රපටය අපි කවුරුත් හොඳින් දන්නා නිළියක් වන ඇන්ජෙලිනා ජොලීගේ අධ්‍යක්ෂණයක්.joel coen සහ ethan coen ගේ තිර රචනයක් වන මෙය දැනට IMDB දර්ශකයේ 7.2 ඉහල අගයක් ලබාගෙන තියෙනවා. ඒවගේම 2015 ඔස්කාර් සම්මාන උලෙළ සඳහා අංශ තුනක් සඳහා මෙම චිත්‍රපටයේ නම යෝජනා වෙලා තියෙනවා.

* Best Achievement in Cinematography - Roger Deakins
* Best Achievement in Sound Mixing - Jon Taylor,Frank A. Montaño,David Lee
* Best Achievement in Sound Editing -Becky Sullivan,Andrew DeCristofaro,Jack O'Connell - ලුයිස් සැම්පෙරිනි,
Domhnall Gleeson - ෆිල්,Garrett Hedlund - ෆිට්ස්ජෙරාල්ඩ්,Takamas a Ishihara - වටනාබේ,Finn Wittrock - මැක්,
Jai Courtney - කප්, ලෙස රංගනයෙන් දායක වෙනවා.

එහෙනම් චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් කරන්නම්,මේ චිත්‍රපටයෙන් කියැවෙන්නෙ ලුයිස් සැම්පෙරිනිගේ ජීවිත කතාව ගැනයි,ඔහු දෙවන ලෝක යුද්ධය සමයේ හමුදාවට බැඳුන ඔලිම්පික් මලල ක්‍රීඩකයෙක්. පැසිපික් සාගරයට ඉහලින් ගමන් කරමින් තිබු ඔවුන්ගේ ගුවන් යානය මුහුදට කඩාගෙන වැටෙනවා.එම අනතුරින් දිවිගලවාගන්නට හැකි වුනේ ලුයිස්, ෆිල් සහ මැක්ට පමණයි.ඔවුන්ට පහුරක් ( Raft )ආධාරයෙන් මුහුදේ පාවි පාවි දවස් 47 ක ඛේදජනක ජීවිතයක් ගතකරන්න වෙනවා.ඔය අතරේ එක එක බාධක වලටත් මුහුණ දෙන්න වෙනවා, ටික දවසකින් මැක් මුහුදෙම මිය යනවා.ඉන්පසුව ලුයිස් සහ ෆිල් පහුරේ පාවි පාවි ඉද්දින් ජපන් හමුදාවෙන් ඔවුන්ව අල්ලා ගන්නවා. ඉන් පසුව ඔවුන් දෙදෙනව යුධ කඳවුරකට ඇන්න යනවා. ඉතින් ඊටපස්සේ සිදුවන දේ ගැන වැඩි විස්තරයක් කියන්න යන්නෙ නෑ.චිත්‍රපටය බාගතකරගෙන අවසානය තෙක් නරඹන්නට ආරාධනා කරනවා.ටොරන්ට් වෙබ් අඩවියටම යොමු කරලා තියන නිසා චිත්‍රපටියේ ගුණාත්මක බාවය ගැන ස්ක්‍රින් ෂොට් බලාගන්න පුලුවන් වේවි. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු! ජයවේවා!



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල් (තාරක) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.