Ungli (2014) සිංහල උපසිරැසි සමඟ.




අද ඉදින් වැලන්ටයින් දවසනේ. මමත් අද දවසට ගැලපෙන ඉංග්‍රිසි චිත්‍රපටියක් සබ් කර කර උන්නේ. හැබැයි පස්සේ හිතුවා වැලන්ටයින් එකට ඕන මගුලක් වෙද්දෙන් මේ චිත්‍රපටිය ඉවර කරලා අද ඔයාලාට බලන්න දෙනවා කියලා.මේ චිත්‍රපටිය මිට කලින් ඔයාලාට දෙන්න හිතන් හිටියේ. මොකද හොද කොපියක් ඇවිල්ලත් දැන් සති දෙකක් විතර වෙනවා. හරි නම් ගිය සතියේ තමයි මේක දෙන්න උන්නේ නමුත් මගේ පරිගනකයේ හාඩ් එක සම්පුර්ණයෙන් අහිමිවෙලා ගියා. ඉතින් සේරම සබ් හදපු ෆයිල් එක්කම මැකිලා ගියා. මේ චිත්‍රපටියේ ලයින් 1600ක් පමණ තිබුනාත් හරියට බැලුවොත් දෙපාරක් දැම්ම නිසා මේ චිත්‍රපිටයේ ලයින් 2800ක් විතර මම කරලා තියනවා. එක පාරක් සබ් දාපු චිත්‍රපටියක් ආපහු බලාගෙන සබ් හදනවා කියන්නේ එපාම වෙන වැඩක් තමයි. නමුත් ඔයාලට චිත්‍රපටිය දෙන්නත් එපැයි නේ ඒ නිසා කොහොම හරි කරලා ගෙනත් දුන්නා. බැරි්ම තැන Cocktail & Jab Tak Hai Jaan චිත්‍රපටියට මම පාවිච්චි කරපු තියරිය අවුරුදු ගානකට පස්සේ කරලා ඔයාලා වෙනුවෙන් සබ් එක හදලා ගෙනාවා.

චිත්‍රපටියේ නළුවෝ ගොඩාරියක් ඉන්නවා පේනවා ඇති. ඉම්රාන් හෂ්මිව දැක්ක ගමන් ඔහු ප්‍රධාන චරිතය කියලා හිතුවාට මට නම් චිත්‍රපටිය බලද්දි හැඟුනේ Randeep Hooda ට ලොකු තැනක් චිත්‍රපටියේ දිලා තියනවා කියලා. කෙසේ වෙතත් මේ චිත්‍රපටියේ පොඩි චරිතයකට පවා දැනට චිත්‍රපටිවල ප්‍රධාන චරිත කරපු නළුවන් දායක විමද විශේෂ්‍යත්වයක්. ඒ වගේම මේ චිත්‍රපටියේ එකම එක ගීතයයි තියෙන්නේ. එකත් ආශිකි 2 චිත්‍රපටියේ Shraddha Kapoor රංගනයෙන් දායක වන Dance Basanti ගිතයයි.

චිත්‍රපටිය ගැන කියනවා නම් අසාධාරණයට විරුද්ධවන කල්ලියක් ගැනයි චිත්‍රපටිය දිගහැරෙන්නේ. එයාලට සමාන්‍ය ජනතාව තමයි උන්ග්ලි (ඇගිලි) කල්ලිය නමින් නමකුත් දාන්නේ. මොවුන් නිතියට කොකා පෙන්වමින් දේශපාලකයන් හා දුෂිත නිලධාරින්ව එලි කරනවා. මොනා නමුත් මොවුන් මේ දේවල් කරන්නේ නිතියට විරුද්ධව නිසා මොවුන්ගේ කල්ලිය අල්ලගන්න අමාරු නිසාත් ඉන්ස්පැක්ටර් කාලී (සන්ජේ දත්) සැලසුමක් හදනවා. ඒ පොලිසියේ වැඩ කරන නිකිල්ව (ඉම්රාන් හෂ්මිව) කොහොම හරි මේ කල්ලියට එකතු කරලා මොවුන්ව කොටුකරගන්න. මේ සැලැස්ම හරියාවිද ඒ වගේම ඇයි මේ කට්ටියක් එකතු වෙලා මෙවැනි කල්ලියක් හදාගත්තේ. බලන්නකෝ මොකද වෙන්නේ කියාලා.අර වැලන්ටයින් එකට දෙන්න හිතුව ආදරණිය චිත්‍රපටිය අරන් ආයෙ එන්නම්




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.