Wimbledon (2004) සිංහල උපසිරැසි සමඟ.



අනේ දෙවියනේ.. සති දෙකකට වඩා වැඩියි.. මං මේ චිත්‍රපටය උපසිරැසි ගන්වන්න අරගේන.. ඉතින් මේ වසරේ මම උපසිරැසි ගන්වන මුල්ම චිත්‍රපටයයි මේ.. ඒ වගේම මම මේ ආවේ සැහෙන්න කාලෙකට පස්සේ.. අතරින් පතරින් පොඩි පොඩි ඒවා කළා.. ඉතින් ගෙවුණු වසර කියන්නේ මම මගේ ජිවිතයේ අමතක කරන ලද වසරක්. හරි අපි බලමු එහෙනම් මේ මොකක්ද මේ මම අරගෙන ආවේ කියල. IMDB හි 6.3 අගයක් ගන්නත් මේ චිත්‍රපටිය සමත්වෙලා තියනවා.

Wimbledon කියපු ගමන් කාට වුනත් මතක් වෙනවනේ මොකක්ද කියල. ටෙනිස් කියන්නේ රමණිය ක්‍රීඩාවක්වගේම අවිනිශ්චිත ක්‍රීඩාවක්.. ඉතින් මේ කතාව ගොඩ නැගී ඇත්තේ මේ ටෙනිස් පිටියේ සුවුශේෂී ක්‍රීඩකයෙකු සමග.. ඇත්තටම කියනවා නම් කඩාගෙන වැටිලා හිටපු ක්‍රීඩකයෙක් ගැන. ඇත්තටම ඔහුට මේ මහා තරගාවලිය ජය ගත හැකි වේවිද? ඒකට කවුද ඔහුට උදව් කරන්නේ? මේ ඔක්කම ඔයාලට බලන්න වෙනවා. ඉතින් මට මොකුත් ලොකු දෙයක් කියන්න බැහැ එතකොට කතාවේ ලස්සන නැතිව යනවා, සුපිරිම කතාවක් යාලුවනේ ඒ වගේම මේකේ හරි ලස්සන අදර කතාවක් යනවා.. එක නම් අනර්ගයි වගේම විශිෂ්ටයි. ඇත්තටම මේ උපසිරැසි එක මම හරිම කැමැත්තෙන් දැම්මේ.. මේ වෙද්දී මම මේ චිත්‍රපටය සැහෙන වතාවක් බලල තියනවා. ඉතින් ඒ හැම වතාවකම අමුතු අලුත් ආදරණිය හැගීමක් එනවා.. එතකොට හිතන්නකෝ ඇත්තටම ලස්සන පට්ට කතාවක්! ඔන්න මම ගියා, ආයේ එන්නම්, හැමෝටම ජය වේවා!!!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තුසිත තියුශාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.