Amit Sahni Ki List (2014) සිංහල උපසිරැසි සමඟ,




ටිකක් හිත ඇදලා යන විදියේ චිත්‍රපටියක් ගෙනාවා. ඇත්තටම මටත් මේක මුලින් දැක්කාම හිතුනේ සමාන්‍ය චිත්‍රපටියක් වේවි කියලා. ඒ උනාට පොඩ්ඩක් විනෝදයෙන් බලන්න පුලුවන් කතාවක් චිත්‍රපටියේ තියනවා. 2014 ජුලි මාසයේ තමයි චිත්‍රපටිය තිරඟත වුනේ. හොද කොපියක් ආවේ පෙබරවාරි මාසේ 27 වගේ තමයි. මම චිත්‍රපටියේ ගැණු ළමයින්ගේ නම් නොකියා කතාව ගැන කියන්නම් නැත්නම් ඔයාලගේ චිත්‍රපටිය බලද්දි තියන කුතුහලය නැති වෙලා යාවි...

අම්ත් ෂානි කියන්නේ දක්ෂ ව්‍යාපාරිකයෙක් වගේම හොදට මිලමුදල් ඇති තරුණයෙක්. මොහුට ඕන සර්ව සම්පුර්ණ ගැණු ළමයෙක්ව කසාද බදින්න. ඒකට අමිත් ගාව ගැණු ළමයෙක්ට තියන්න ඕන කරුණු 100ක ලයිස්තුවක් තියනවා.අම්ත් සැහෙන කාලේක ඉදන් මේ ලැයිස්තුවේ දේවල් වලට හරියන ගැණු ළමයෙක් හොයනවා. එත් කරුමේ කියන්නේ මොකක් හරි අඩුපාඩුවක් මේ හැම ගැණු ළමයෙක්ටම තියනවා. අමිත්ට ගැණු ළමයි හොයලා හොයලා එපා වෙලා. නොබැද ඉන්න තිරණය කරනවා. එත් අම්ත්ට මේ අතර වෙන ගැණු ළමයෙක් හම්බවෙනවා. ඇය අමිත්ගේ ලිස්ට් එකේ කරුණු 100 පැත්ත පලාතේ ගැවිලාවත් යන්නේ නෑ එත් අමිත් ඇයට ආදරය කරනවා. දෙන්නාගේ සම්බන්දේ විවාහ ගිවිස ගැනිම වෙනකම් දුරදිග යනවා. අමිත්ට අර තමන් හොයපු කරුණු 100 ලැයිස්තුවත් අමතක වෙනවා...කොහොම හරි කාලය ගෙවිලා යද්දි අමිත්ට තවත් ගැණු ළමයෙක් හම්බවෙනවා...හැබැයි පුදුමකාර දෙය නම් අමිත් අර හොයපු ලිස්ට් එකේ කරුණු 100ම මේ ගැණු ළමයා ගාව තියෙනවා...දැන් අමිත් මොනාද කරන්නේ...අමිත් වෙන ගැණු ළමයෙක්ව විවාහ ගිවිස ගෙන ඉවරයි එත් අමිත් අවුරුදු ගානක් හොයපු ගැණු ළමයා දැන් අමිත්ගේ ඇස් ඉස්සරහා පිටටම ඇවිල්ලා. දැන් අමිත්ට අර යාළුවෙලා ඉන්න ගැණු ළමයාගේ නැති වැරැදිත් පේනවා. අමිත් ලෝක ප්‍රශ්නයකට දැන් හිරවෙනවා...ඉතුරු ටික කතාව අරන් බලන්නකෝ.... කොහොමත් මේ වගේ අත්දැකිම් තියන අයත් ඇති...ගැණු ළමයෙක් එක්ක යාළු නොවි අන්තිමේ බැරිම තැන තමන්ට ලැබුන ගැණු ළමයා එකක් යාළු උනාම තමන් හිත හිත හිටියා වගේ ගැණු ළමයෙක් ආවොත් මොනා වේවිද? අන්න ඒ වගේ කතාවක් තමයි මේක.අරන් බලන්න පාඩුවක් නම් වෙන්නේ නෑ.කොහොම හරි අමිත්ට නම් ලිස්ට් ගණන් ගැණු ලමයි උන්නට අපිට නම් ලිස්ට් එකකට තියා බෙහෙතකට හොයාගන්නවත් කවුරුත් නැති එක තමයි දුක ඔිංං




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.