Blended (2014) සිංහල උපසිරැසි සමඟ.



කොහොමද සෙට් එක?2014 වර්ෂයේ නිකුත් උන තවත් චිත්‍රපටයකට උපසිරැසි අරගෙන තමයි මම ආවේ.මේ දවස් වල බෑඩ් හෙල්ත් සහ බෑඩ් වෙදර් නිසා මේක ගේන්න ප්‍රමාද උනා. Hedz අයියගේ ඉල්ලීමට තමයි මේක උපසිරැසි ගැන්වුයේ.අනික මමත් පුද්ගලිකව කැමැත්තක් දක්වන නළුවෙක් ප්‍රධාන චරිතයට රංගයෙන් දායක වෙන නිසා මාත් ඕන අවමගුලක් දෙකයි පනහයි කියලා භාරගත්තා.හරි එහෙනම් චිත්‍රපටය දිහාට හැරෙමු.

6.5 ක IMDB අගයක් ලබා ගත්ත මේ සලරුවේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්නේ Bedtime Stories,Grown Ups වැනි හාස්‍යමය චිත්‍රපට වලට රංගනයෙන් දායක උන Adam Sandler ඒ වගේම් මේ චිත්‍රපටයත් අයත් වෙන්නේ හාස්‍යමය ඝනයට තමයි වෝනර් බ්‍රදර්ස් ආයතනය තමයි චිත්‍රපටයේ බෙදා හරිම සිදු කරන්නේ කතාව් ගැන ටිකක් කියනවා නම් ජිම් කියන්නේ බිරිඳ මිය ගිය කෙල්ලෝම තුන් දෙනෙක් ඉන්න තාත්ත කෙනෙක් ලෝරන් කියන්නේ දික්කසාද උන කොල්ලෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් මෙයාලගේ යාළුවො එකතු වෙලා මේ දෙන්නව පෙම් හමුවකට යනවා එතැනදී තමයි මෙයාල අඳුර ගන්නේ එත් ඒ පෙම් හමුව නම් ජිවිතේ එපාම කරපු පෙම් හමුව විදියට තමයි දෙන්නට හිතෙන්නේ කොහොමෙන් කොහොම හරි දෙන්නට දෙන්න බොරු කියලා එතනින් පැනගන්නවා ආයේ මලාට හම්බවෙන්නේ නැහැ කියලා හිතලා එත් කතාවේ වෙන එක සිද්ධියක් නිසා මෙයාලා ආයේම මුනගැහෙනවා මුණගැහෙනවා විතරක් නෙවෙයි එකට අප්‍රිකානු සංචාරකුත් යන්න වෙනවා ඉතින් හිතහන්කෝ පරාන වෙයිරකාරයෙක් එක්ක ගමනක් යන්න සෙට් උනහම තියෙන ආතල් එක,ඒක වෙන්නෙත් නොගිහින්ම බැරි ගමනක් විදියට ඔතනින් තමයි කතාව පටන් ගන්නේ මේ චිත්‍රපටය අවසානයක් වෙනකම්ම විනොදයෙන් වගේම කුතුහලයෙන්
නරඹන්න පුළුවන් ඒ වගේම අපේ ක්‍රිකට් පිස්සෝ ටිකත් මේකට එලටම කැමති වෙයි කියලා හිතනවා මොකද මේකේ හැමෝම දන්න කියන ක්‍රිකට් ක්‍රීඩකයෙකුත් රංගනයෙන් දායක වෙනවා ඒ කවුද කියන එක ඔයාලම බලාගන්නකෝ එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙමු.




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.