Little Accidents (2014)



ඇමෙරිකාවේ එක්තරා කුඩා නගරයක ජීවත් වෙන වැසියන් පිරිසක් ඉතා භයානක ගල්අගුරු පතල් අනතුරක් හේතුවෙන් තවමත් කම්පාවෙමින් සිටී, ඒ අතරතුර යෞවනයේ පසුවන ළමයකුගේ අහභු අතුරුදහන්වීම එක්තරා මවකට දුක්බර සිදුවීමක් වෙයි. ”Little Accidents චිත්‍රපටිය 2014 වර්ශයේදී නිකුත්වුණ ඇමෙරිකාණු නාට්‍යමය චිත්‍රපටි ගණයට අයත්වන චිත්‍රපටයක්. චිත්‍රපටි අධ්‍යක්ෂණය කිරීම Sara Colangelo,
IMDB :-Ratings: 5.9
රංගන දායකත්වය - Elizabeth Banks (The Next Three Days (2010), People Like Us(2012), Man on a Ledge (2012), Pitch Perfect (2012) ),
Boyd Holbrook, Chloë Sevigny (Melinda and Melinda (2004), Manderlay (2005),Zodiac (2007) )
Josh Lucas සහ තවත් නළු නිළි රැසක්.

“Little Accidents” චිත්‍රපටිය විවිධ පුද්ගලයින් ගේ පසුබිම් ආශ්‍රිතාව සෑදූ චිත්‍රපටියක් ආමෝස් නැමැත්තෙක් තම වයෝවෘද පියා සමග වාසය කරණවා, ආමෝස් නැමැත්තු මීට ප්‍රථමව රැකියාවක් ලෙස කරන්නේ ගල් අගුරු පතලක සේවය කිරීමයි, එක් දිනකදී තමන් සහ තමන් සමග ඒ අවස්ථාවේ ගල් අගුරු පතුලේ දෛනික රාජකාරී කරමින් ඉන්න 10 දෙනෙක් ගල් අගුරු පතල් කඩා වැටීමකින් අනතුරකට පත්වෙනවා නමුත් වාසනාවකට වගේ ඒ අනතුරෙන් දිවි ගලවා ගන්නේ ආමෝස් නැමැත්තා පමනයි, මේ අනතුර ඉබේ සිදුවූ දෙයක් නොවන බව මේ අනතුර වීමට ප්‍රථමව එම පතලේ තත්වය ගැන ඒ ගල් අගුරු පතල් සමාගමේ ප්‍රධානියා දැනුවත් කල බවත් එය නොසලා හැරීමත් සිදූවූ දෙයකි. නමුත් අනතුරුට හේතුව දන්නේ එක් අයෙක් විතරයි ඒ ආමෝස් පමනයි, ඒත් ආමෝස් ඒ වනවිටත් අනතුරට ලක් වූ නිසා පහුගිය මතකය නැතිවූ බවක් පෙන්වනවා. වර්ථමාන සමාජ තත්වයත් සමග තම හාම්පුතාට එරෙහිව සාක්ෂි දීමට ඔහු පසුබට වෙනවා, ඒ මේ සමාජ තත්වය නිසා විය යුතුයි, ඒ ව‍ගේම මේ අනතුරෙන් මිය ගිය එක් සාමාජිකයෙකුගේ බිරියකට ලැබුනු අරමුදල් වලින් තම පුතුහට (Owen) අලුත් අයිපොඩ් එකක් ලබා දෙනවා. ඒ සමාජ තත්වය මත අයිපොඩ් එකක් ගන්න තරම් වත්කමක් අනිත් ලමයින්ට නැති තරම්, අයිපොඩ් එක තම යාළුවන් හට පෙන්වලා යාළුවන් අතර පොරක් වීමේ අභිලාශයෙන් Owen යාළුවන් වෙත යනවා

Owen තනිවම ඉන්න කෙනෙක්, එයාට කියල ඉන්නෙ එයාගෙ මල්ලි විතරයි, Owen ගෙ අලුත් අයිපොඩ් එක අනිත් යාළුවො අරගන්නවා අරගෙන Owen ට කියනවා අයිපොඩ් එක ඕනෙනම් බීර ගෙනත් දෙන්න කියලා, Owen මල්ලිත් අරගෙන ගෙදර යනවා ගිහින් එක් උදයක Owen ෆ්‍රිජ් එකේ තියෙන බීර ව‍ගේකුත් අරගෙන අයිපොඩ් එක නැවත ලබාගන්න යාළුවො මුන ගැහෙන්න යනවා, එයාලා ඉන්නෙ කණ්ඩායමක් විදිහට ඒ කණ්ඩායමේ නායකය තමයි JT මෙයා තමයි අයිපොඩ් එක තියාගන්නේ, බීර දුන්නට පස්සෙ Owen ගෙ මල්ලිට JT විහිලු කරනවා Owen ගෙ මල්ලි මන්දමානසික අයෙක් ඉතින් Owen ට ගොඩක් තරහ යනවා, හැමෝම මේ දෙන්නව දාලා ඉන්න තැනින් යන්න යනවා, ඒත් ගිහින් ටික වෙලාවකට පස්සේ Jt ආපහු එතනට එනවා Owen ගෙනාපු බීර වලින් අමතක වෙච්ච බීරයක් ආපහු අරගෙන යන්න ඒ එනවෙලාවෙ Owen සහ JT අතර බහින්බස්වීමක් වෙලා Owen JT ට ගලකින් පහර දෙනවා ඒ පහරින් JT මියයනවා, Owen JT ගෙ සිරුර කැලයෙ සගවනවා, JT ගෙ දෙමාපියෝ දිගින් දිගටම JT ව හොයන්න ගන්නවා, Owen රැගෙන ගිහින් ප්‍රශ්ණකිරීම්වලට ලක් කරනවා, ඒත් Owen කිසිම දෙයක් කියන්නෙ නෑ ඒත් අවසානය ඒ තරම්ම සුන්ද වෙන්නෙ නෑ මේ චිත්‍රපටියෙ අවසානය ඇහැට කදුලක් ගෙන එනව නොඅනුමානයි, කතාව ගොඩාක් මම විස්තර කලා, මට තේරුන විදිහට හැගුන විදිහට මම කතාව ලිව්වා ඒත් චිත්‍රපටියො හොදම ටික මෙතන නෑ, හොදම ටික දැනගන්න ඔන නම් චිත්‍රපටිය අරගෙන බලන්න වෙනවා එහෙනම් ඔන්න මම ගියා හැමෝම සුබ දවසක්! තවත් අලුත් චිත්‍රපටියක් එක්ක හමුවෙමු..!!




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිමන්ත ශිරෝමාල් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.