Love, Rosie (2015) සිංහල උපසිරැසි සමඟ,




චිත්‍රපටිය දෙන්න ටිකක් පමා උනා හොද පිටපතක් ඇවිත් ටික දවසක් වෙනවා අදට. චිත්‍රපටියේ ප්‍රධාන චරිතය කරන්නේ Mirror Mirror,The Mortal Instruments: City of Bones වගේ චිත්‍රපටිවල ප්‍රධාන චරිතය කරපු Lily Collins විසින්. ඇයගේ චිත්‍රපටි කිහිපයක්ම කලින් දුන්න නිසා මේ චිත්‍රපටියත් මම කරන්න හිතුවා. මේ චිත්‍රපටියේ මට පෙනුන පොඩි අඩුපාඩුවකට තිබ්බේ Lily Collins චිත්‍රපටියේ කාලය ගෙවියාමත් සමග ඇය ඊට අදාලා ලෙස පෙනි නොසිටිමයි. කෙටියෙන්ම කිව්වොත් මේ චිත්‍රපටිය ඇයගේ වයස අවුරුදු 18 - 25 හා 32 වැනි කාල වකවනුවක් තමයි පෙන්වන්නේ. මුලින්ම අවුරුදු 18 වයසේ යුවතියගේ චරිතය නම් ඇයට ගැලපෙන්න මනා ලෙස තියනවා නමුත් අර අවුරුදු 32ක චරිතයක් කරද්දිත් ඇයගේ පෙනුම අනෙක් රඟපාන නළු නිලියන්ට සාපේක්ෂන වෙනසක් නම් පෙනුනේ නැහැ. කතාව තව පැහැදිලි කරන්න ගියොත් කතාවේ හොදම හරිය ගැන ඉඟි ලැබෙන්න පුලුවන්. මොනා උනත් කතාව නම් රසවත් ආකාරයට ගලා ගෙන යනවා. මම හිතනවා මම ඒක තේරුම් ගන්න පහසු වෙන්න උපසිරැසි කලා කියලා...

කතාව ගැන කියනවා නම් රෝසී හා ඇලෙක්ස් කියන්නේ පොඩි කාලේ ඉදන් මිතුරු වෙලා ඉන්න දෙන්නෙක්. කොහොම හරි රෝසී ගේ 18වැනි උපන්දිනේ දවසේ ඇලෙක්ස් රෝසීව ජිවිතේ පලවෙනි පාරට සිපගන්නවා. නමුත් ඇය බිමතින් හිටිය නිසා ඒ වෙලාවේ කලන්තේ දාලා වැටෙනවා. කොහොම හරි ඇලෙක්ස් පහුවැනිදා රෝසීව බලන්න යනවා. ඇයගෙන් එදා සිපගැනිම පිළිබදව ව්‍යංගාර්තයෙන් අහන්න යද්දි ඇය මුළු පාටියම තමන්ට එපා කරපු එකක් බවත්..සමහර දේවල් මතක් වෙද්දි වමනේ යන්න තරම් අප්පිරිය බවත් පවසනවා. ඇලෙක්ස් හිතනවා රෝසී තමන්ව හිතාගෙන ඉන්නේ හොද යාළුවෙක් පමණක් විදියට බවත් ඒක නිසා ඇය අර වගේ කතාවක් කිව්වා කියලා...ඉතින් මේ යාළුකම ඊට එහා අරන් යන එක හොද නැති වේවි කියලා ඇලෙක්ස් තිරණය කරනවා. කොහොම හරි ඔවුන්ගේ පාසලේ අවසාන පාටි එකට යන්න මුලින් ඇලෙක්ස් ලැස්ති වෙලා හිටියේ රෝසී එක්ක යන්න නමුත් අර සිදුවිමත් එක්ක බෙතෙනි කියන ගැණු ළමයාත් එක්ක ඒ පාසලේ අවසාන පාටි එකට යන්න ඇලෙක්ස් තිරණය කරනවා. ඒ විතරක් නෙමෙයි බෙතනියි ඇලෙක්සුයි එකට හිටියා කියලා පවා රෝසීට ඇලෙක්ස් කියනවා. මේවා ඇලෙක්ස් කරන්නේ රෝසීට ඊරිසියා හිතෙන්න. කොහොම හරි රෝසීත් වැඩේ අතහරින්නේ නෑ පාසලේ කඩවසම්ම කොල්ලා එක්ක මේ පාටියට යනවා..ඒ විතරක් නෙමෙයි ඇලෙක්ස් බෙතනි කියන ගැණු ළමයා එක්ක එකට හිටිය නිසා රෝසීටත් ඔන වෙනවා මේ පාටි එකට තමන් එක්ක ආව පිරිමි ළමයා එක්ක ඒ විදියට හැසිරෙන්න...ඔන්න ඔය පාටියෙන් පස්සේ තමයි දෙන්නාගේම ජිවිත වෙනස් වෙනස් පාරවල් වල යන්න පටන් ගන්නේ...ඇත්තටම රෝසී ඇලෙක්ස් ගැන හිතන්නේ යාළුවෙක් විදියට විතරද? නැත්න්ම හිත ඇතුලින් ඇලෙක්ට රෝසී කැමැතිද? මේ දෙන්නා එකතු වේවිද? ඒ වගේම හොදම යාළුවෝ දෙන්නෙක්ට ආදරේ කරන්න පුලුවන් වේවිද? ඒක සාර්ථක වෙන්න පුලුවන්ද? ජිවිතේ අපිට ලැබෙන සමහර මොහොතවල් අපි නිකුරුනේ ගෙවලා දැම්මාම ඒකට ගොඩාක් පසුතැවෙන්න වේවි කියලාත් චිත්‍රපටියේ පෙන්වලා දෙනවා....එහෙනම් මේ චිත්‍රපටිය රසවිදින්න කියලා ඉල්ලන ගමන් තවත් හොද චිත්‍රපටියකින් හමුවෙමු. හැමෝටම සුභ දවසක්!




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.