Serena (2014) සිංහල උපසිරැසි සමඟ.




ඔන්න එහෙනම් ආපහු ලස්සන කතාවක් අරගෙන ආවා. මේ චිත්‍රපටියට සබ් දාන්න එකම හේතුව Bradley Cooper ඉන්න නිසා තමයි. මතක ඇති එයාගේම ගොඩක් ජනප්‍රිය උන Limitless (2011) චිත්‍රපටිය මම දුන්නා. ඒ වගේම හැන්ග්ඔවර් චිත්‍රපටි මාලාවෙත් ඉන්නේ මොහුම තමයි. ප්‍රධාන නිලිය කවුරුත් හන්ගර් ගේම්ස් චිත්‍රපටි මාලාවෙන් අදුන ගත්ත Jennifer Lawrence තමයි නිරුපණය කරන්නේ. මොවුන් දෙදෙනාම එකට ඉදලා චිත්‍රපටියක් රඟපැවා මතක ඇති Silver Linings Playbook කියලා. ඒ චිත්‍රපටියට පසුව නැවත වතාවක් දෙදෙනාම එකට මුණ ගැහෙන චිත්‍රපටිය තමයි මේක. මෙහි නිපැයුම් වර්ෂය 2014 වුවත් තරගත වුනේ නම් 2015 පෙබරවාරි 26 වන දිනයි. නමුත් ටික දවසකට කලින් හොද කොපියක් අන්තර්ජාලයට නිකුත් උනා. ඒ නිසා උපසිරැසි හදලා අරගෙන ආවා...

චිත්‍රපටිය ගැන කියනවා නම් පෙම්බර්ටන් කියන්නේ දැව ව්‍යාපාරිකයෙක්. මොහු විශාල වනාන්තරයක් එලිපෙහෙලි කරමින් දැව ව්‍යාපාරයේ නිරත වෙනවා. ඒ වගේම නිතරම ඔහු මේ කැලයේ දිවියෝ හොයාගෙන දඩයමෙත් යනවා. මේ අතර තමයි මොහුට ෂෙරිනාව දකින්න ලැබෙන්නේ. පලමු බැල්මෙන් ඇති වෙන ආදරය නිසාම දෙන්නා ආදරය කරන්න වගේම එකට ජිවත්වෙන්නත් පටන් ගන්නවා. කොහොමත් මේ දැව ව්‍යාපාරයටත් මේ අතර නොයෙකුත් බාධක එනවා. නමුත් ඔහු නෙමෙයි මේක නතර කරන්නේ. කොහොම හරි ස්වාභාවධර්මය නැති කරන්න යන කෙනාට එකෙන්ම දඩුවම් ලැබෙනවා කියලා කතාවකුත් තියෙනවා නේ....මොනා උනත් කතාවේ අවසානය නම් ටිකක් විතර දුක්බරයි.කතාවේ තේමා පාඨය වෙන්නෙත් ''සමහර ආදරයන් අපට කිසිදා හැර යා නොහැකියි යන්නයි''. එහෙනම් අරගෙන බලන්නකෝ. ආයේ වෙලාවක් ආව ගමන් චිත්‍රපටියක් අරන් එන්නම්...



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අනුෂි ශමල්කා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.