Dolly Ki Doli (2015) සිංහල උපසිරැසි සමඟ.




කොහොමද කස්ටිය?හින්දි සිනමා රසිකයින් වෙනුවෙන් මේ වසරේ තිරගත උන තවත් හින්දි චිත්‍රපටයක් අරගෙන තමයි මම ආවේ.එහෙනම් වැඩි කතා නැතුව චිත්‍රපටය ගැන හැඳින්වීමක් කරන්නම්.

මිනිත්තු 98 පුරා දිවෙන මේ සලරුව අයත් වෙලා තියෙන්නේ හාස්‍යමය,ආදර කතා ඝනයට රංගනයෙන් දායක වෙන්නේ Sonam Kapoor,ඒ වගේම Kai po che,queen,citylights,ragini mms,talaash වැනි චිත්‍රපට වලට රංගනයෙන් දායක උන Rajkummar Rao,Saif Ali Khan නුත් ආරාධිත රංගනයකින් දායක වෙලා තියෙනවා. චිත්‍රපටයේ කතාව දිග ඇරෙන්නේ මේ විදියට ඩොලී කියන්නේ පෙනුමෙන් නම් ලස්සන අහිංසක කෙල්ලෙක් එත් මෙයාගේ රස්සාව තමයි ඉන්දියාවේ ඉන්න සල්ලි තියෙන කොල්ලන්ව හොයාගෙන ගිහින් එයාලව කසාද බැඳලා මංගල රාත්‍රියේදී ඒ අයගේ සේසතම අරගෙන පැනලා යන එක.මෙයා මේ දේවල් කරන්නේ තනියම නෙවෙයි මුළු පවුලක් එක්කම එකතු වෙලා.හැබැයි ඒ එයාගේ ඇත්ත පවුල නම් නෙවෙයි එකත් එයා වගේම හොර පවුලක් මෙයාලා මේ වැඩ කොච්චර හොඳට සැලසුම් කරනවද කියනවා නම් මෙයාලා මේ විදියට මංකොල්ලකෑම් ගණනාවක්ම කරත් පොලිසියට මෙයාලව අල්ලගන්න ලැබෙන්නේ නැහැ.කොහොමෙන් කොහොම හරි පොලිසිය මේ හොර මනාලියව අල්ලන්න අලුත් නිලධාරියෙක්ට භාර දෙනවා මෙයා ටිකක් වෙනස් විදියට හිතන කෙනෙක් ඉතින් ඩොලිවයි මේ හොර පවුලයි අල්ලගන්න මෙයාට පුළුවන් වෙයිද?ඒ වගේම පෙනුමෙන් ලස්සන අහිංසක කෙල්ලෙක් ඇයි මේ විදියේ වැඩ කරන්නේ කියලා දැනගන්න නම් ඔයාලට මේ කතාව බලන්නම වෙනවා.එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙනකම් කස්ටියටම ජය.




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.